FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» McDonald’s අපේ නෙමෙයි අපේ බෝස්ගේ – අබාන්ස් කියයි
by ChooBoy Today at 10:19 am

» AI Assistance for Stock Market Research and Analysis
by ChatGPT Today at 7:12 am

» Comparative Analysis of the Insurance Sector
by God Father Tue Mar 26, 2024 11:46 pm

» Sri Lanka: Why Pay Exorbitant Taxes?
by ChatGPT Tue Mar 26, 2024 10:52 pm

» LANKA CREDIT AND BUSINESS FINANCE PLC (LCBF.N0000)
by K.R Tue Mar 26, 2024 3:15 pm

» CENTRAL INDUSTRIES PLC (CIND.N0000)
by D.G.Dayaratne Tue Mar 26, 2024 9:11 am

» SIYAPATHA FINANACE PLC (SLFL.N0000)
by ChatGPT Tue Mar 26, 2024 7:58 am

» FINANCE AND LEASING SECTOR
by ChatGPT Mon Mar 25, 2024 6:45 am

» LOLC FINANCE PLC (LOFC.N0000)
by ChatGPT Mon Mar 25, 2024 6:36 am

» CIC HOLDINGS PLC (CIC.N0000)
by ChatGPT Mon Mar 25, 2024 6:18 am

» UNION ASSURANCE PLC (UAL.N0000)
by ChatGPT Mon Mar 25, 2024 6:15 am

» First Capital Holdings PLC: Current Financial performance and future outlook
by God Father Sun Mar 24, 2024 10:58 pm

» LankaBizz: Sri Lanka's First ever Artificially Intelligent (AI) Business and Research Assistant
by God Father Sun Mar 24, 2024 7:27 am

» HOTEL AND TRAVEL SECTOR
by ErangaDS Wed Mar 20, 2024 7:22 am

» CIC Holdings Good Times Ahead
by ashan silva Mon Mar 18, 2024 11:00 am

» EPF Fund keep eye on low P/E Shares
by K.R Mon Mar 18, 2024 8:45 am

» SINS - the Tailwind effects of a crisis hit Economy
by Hawk Eye Mon Mar 18, 2024 8:37 am

» Ceylon cold stores
by Hawk Eye Mon Mar 18, 2024 8:25 am

» Asha securities Provide buy signal for CIC
by ddrperera Fri Mar 15, 2024 1:10 am

» CSE ready for another Downtrend?
by D.G.Dayaratne Thu Mar 14, 2024 11:24 am

» LankaLAW Forum : Sri Lanka’s #1 Discussion Platform for Legal Questions and Answers
by blindhog Thu Mar 14, 2024 9:14 am

» Sri Lanka poised to benefit from demand surge for ‘non-China origin’ graphite
by samaritan Wed Mar 13, 2024 1:31 pm

» LOLC hotels
by Maharaja Tue Mar 12, 2024 2:34 pm

» AEL target price ?
by suku502 Mon Mar 11, 2024 11:26 am

» WAPO 200% UP
by LAMDA Sun Mar 10, 2024 10:33 pm

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube

Disclaimer
FINANCIAL CHRONICLE™ Disclaimer

The information contained in this FINANCIAL CHRONICLE™ have been submitted by third parties directly without any verification by us. The information available in this forum is not researched or purported to be complete description of the subject matter referred to herein. We do not under any circumstances whatsoever guarantee the accuracy and completeness information contained herein. FINANCIAL CHRONICLE™ its blogs, forums, domains, subdomains and/or its affiliates and/or its web masters, administrators or moderators shall not in any way be responsible or liable for loss or damage which any person or party may sustain or incur by relying on the contents of this report and acting directly or indirectly in any manner whatsoever. Trading or investing in stocks & commodities is a high risk activity. Any action you choose to take in the markets is totally your own responsibility, FINANCIAL CHRONICLE™ blogs, forums, domains, subdomains and/or its affiliates and/or its web masters, administrators or moderators shall not be liable for any, direct or indirect, consequential or incidental damages or loss arising out of the use of this information. The information on this website is neither an offer to sell nor solicitation to buy any of the securities mentioned herein. The writers may or may not be trading in the securities mentioned.

Further the writers and users shall not induce or attempt to induce another person to trade in securities using this platform (a) by making or publishing any statement or by making any forecast that he knows to be misleading, false or deceptive; (b) by any dishonest concealment of material facts; (c) by the reckless making or publishing, dishonestly or otherwise of any statement or forecast that is misleading, false or deceptive; or (d) by recording or storing in, or by means of, any mechanical, electronic or other device, information that he knows to be false or misleading in a material particular. Any action writers and users take in respect of (a),(b),(c) and (d) above shall be their own responsibility, FINANCIAL CHRONICLE™ its blogs, forums, domains, subdomains and/or its affiliates and/or its web masters, administrators or moderators shall not be liable for any, direct or indirect, consequential or incidental violation of securities laws of any country, damages or loss arising out of the use of this information.


AI Live Chat

You are not connected. Please login or register

IESL, Premier Professional Body for engineers in Sri Lanka Has Condemn Unethical Attck on Moratuwa Engineering Students

5 posters

Go down  Message [Page 1 of 1]

SL.Market

SL.Market
Vice President - Equity Analytics
Vice President - Equity Analytics

IESL, Premier Professional Body for engineers in Sri Lanka Has Condemn Unethical Attck on Moratuwa Engineering Students Untitl10

snandasiri

snandasiri
Manager - Equity Analytics
Manager - Equity Analytics

මෙය කාටවත් පක්ෂපාතී අදහසක් නොවේ . නමුත් ඔතන තියෙන තිත්ත ඇත්ත මේකයි...

1. ඕනෑම සිසුවෙකු උසස්පෙළ ගණිතය විෂයධාරාව හදාරනුයේ ඉංජිනේරු පීඨයට ගොස් ඉංජිනේරු උපාධිය ලැබීමේ පරම බලාපොරොත්තුවෙන් මිස NDT හෝ වෙනත් ඩිප්ලෝමාවක් කිරීමට නොවේ.
2. නමුත් එක් එක් සිසුවාගේ දක්ෂතාවය සහ වාසනාව මත ගණිතය විෂයධාරාව හදෑරූ සියලුම සිසුන්ට ඉංජිනේරු පීඨයට යාමට වරම් නොලැබෙන අතර එසේ වරම් නොලැබූ සිසුන්ට NDT හෝ වෙනත් විකල්ප පාඨමාලාවන් තෝරාගැනීමට සිදුවේ.
3. උපාධිය සහ ඩිප්ලෝමාව (කුමන විෂයක වුවද) යනු පැහැදිලි වෙනසක් ඇති උසස් අධ්‍යාපන සුදුසුකම් දෙකකි.
4. උසස්පෙළ කල ඕනෑම සිසුවෙකු මුලින්ම උත්සාහ කරනුයේ උපාධි පාඨමාලාවකට මිස ඩිප්ලෝමාවකට නොවේ.
5. ගණිතය විෂයධාරාව හදෑරූ සිසුවෙකුට ඉංජිනේරු උපාධිය හැදෑරීමට වරම් නොලැබුණහොත් ඔවුන් මොරටුව IT උපාධිය, UCSC උපාධිය වැනි විකල්ප උපාධි උත්සාහ කරන අතර එයත් නොහැකිනම් ඩිප්ලෝමාවක් ගැන සලකා බලයි.
6.එවන් ඩිප්ලෝමා අතරින් NDT යනු හොඳ රැකියා ඉල්ලුමක් සහිත ඩිප්ලෝමා පාඨමාලාවක් බව තර්කයක් නැත.
7.නමුත් NDT පාඨමාලාවට එන්නේ උසස්පෙළ ගණිතය විෂයධාරාව හදාරා, ඇතැම්විට දෙතුන්පාරක් උත්සාහකොට ඉංජිනේරු පාඨමාලාවට හෝ වෙනත් උපාධි පාඨමාලාවකට සුදුසුකම් ලැබීමට වාසනාවන්ත නොවූ ශිෂ්‍ය පිරිසකි.
8. යම් NDT සිසුවෙකු 'මම උසස්පෙළ ගණිතය විෂයධාරාව හැදෑරුවේ NDT ඒමට' යැය් පවසන්නේ නම් එය ඔහුගේ හර්ද සාක්ෂියට එකගව සිදුකරන ප්‍රකාශයක් නොවේ.
9. තමාට ලබාගැනීමට බැරිවූ දෙයක් ලබා ගත පුද්ගලයන් කෙරෙහි ඉර්ෂ්යාවක් ඇතිවීම පෘතග්ජන ස්වභාවයකි. එය NDT සිසුන්ටද පොදු ධර්මතාවයකි.
10. එබැවින් NDT සිසුන් ඉංජිනේරු සිසුන් කෙරෙහි ඊර්ෂ්යාව පදනම් කොටගත් වෛරයකින් පසුවෙති
11. NDT සහ ඉංජිනේරු විෂයන්ට පමණක් නොව ඕනෑම විෂය ක්ෂේස්ත්රයක උපාධි සහ ඩිප්ලෝමා ධාරීන් අතර මත ගැටුම් ඇතිවීමට හේතුව අන් කිසිවක් නොව මෙම ඉර්ශ්යව පදනම් කරගත් කුහකත්වය සහ වෛරයයි .
12. රැකියා වෙලඳ පොළේදී උපාධි සහ ඩිප්ලෝමා ධාරීන් අතර ඇති තරඟය සේවායෝජකයා මත වෙනස් වේ.
13. උගත් නිලධාරීන් සහ ප්‍රසිද්ධ සමාගම් උපාධිය සහ ඩිප්ලෝමාව අතර ඇති වෙනස හොඳින් දන්නා අතර එම ඔවුන්ට අවශ්‍ය සුදුසුකම් සහිත පුද්ගලයන් සුදුසු වැටුප් ගෙවා බඳවාගනු ලබයි.
14. උපාධි සිසුන් වැඩි වැටුපක් අපේක්ෂා කරන අතර ඩිප්ලෝමා සිසුන් සාපේක්ෂව අඩු වැටුපක් අපේක්ෂකරයි.
15. එබැවින් උපාධියෙහි සහ ඩිප්ලෝමාව අතර ඇති වෙනස නොදන්නා කුඩා සේවායෝජකයින් හෝ 'සත පනහට' ශ්‍රමය හූරා කෑමට අවශ්‍ය සේවායෝජකයි,න් ඩිප්ලෝමා සිසුන් අඩු වැටුපකට බඳවා ගැනීමේ හැකියාවක් ඇති අතර එහිදී රැකියා පිලිබඳ තරඟයක් ඇතිවිය හැක .
16. නමුත් එය උපාධි සිසුන්ට, ඩිප්ලෝම සිසුන් කෙරෙහි වෛර බැඳීමට තරම් හේතුවක් නොවන්නේ, උපාධි සිසුවෙකුට ඉතා ඉක්මනින් තම සුදුසුකමට ගැලපෙන රැකියාවක් ලැබෙන බැවිනි
17. සත්‍ය වශයෙන්ම ඉංජිනේරු පීඨයට තේරී එන්නේ අධ්‍යාපනයට බර , තමන්ගේ පාඩුවේ වැඩක් කරගෙන සිටිනා පිරිසකි. ඔවුන්ට පෝස්ටර්, පෙට්‍රල් බෝම්බ, කඩු කිනිසි පුරුදු නැත.
18. නමුත් NDT වැනි ඩිප්ලෝම හදාරන සිසුන් වැඩි පිරිසක් උසස්පෙළ කාලයේ සිටම අධ්‍යාපනයට අඩු නැඹුරුවක් සහ රංචු ගැසීම, කලකෝලාහල වලට පුරුදු පුහුණුවක් ඇති අයයි.
19. NDT පාඨමාලාවට සිසුවකු පැමිණි මුල් දිනයේ සිටම දරුණු නවක වදයට ලක්කරමින් 'තෙල බෙදා' තම මතයට නම්මවා ගැනීමත් , ඉංජිනේරු සිසුන් යනු තමන්ගේ පරම වෛරක්කාරයකු යන විෂබීජය හිසට දැමීමත් සිදුකරනු ලැබයි.
20. ඉංජිනේරු පීඨයේ කිසිඳු නවක වදයක් නැත. ඔවුන් තමාගේ පාඩුවේ වැඩක් කරගෙන සිටිති.
21. තවද NDT කණ්ඩායම ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙහෙයවන බව සියල්ලම දනී. එබැවින් ඔවුන්ගේ සන්විදානාත්මක පහර දීම්, ක්ෂණික රැස්වීම්, ආයුධ යොදාගැනීම් NDT කණ්ඩායම තුලින් දක්නට ලැබේ
22. NDT පාඨමාලාව වෙනත් තැනක තිබුනිනම් ඔවුන්ට 'University of Moratuwa ' යන ආභරණය පැළදීමට නොහැකිය. එය තවත් 'කටුනායක TTI , මට්ටක්කුලිය HND ' වැනි ඩිප්ලොමාවකි.
23.එබැවින් NDT සිසුන්ට ඉංජීනේරු පීඨය තුල සිටිමින් 'University ' සහ 'Engineering' යන ලේබල් ගසාගෙන සිටීමේ හීනමානයක් ඇත.
24. NDT සිසුවෙකුගේ Facebook Profile එකක් බලන්න. ඒවායේ NDT යන අකුරු තුනවත් නොමැත. ඒවායේ ඇත්තේ 'University of Moratuwa - Mechanical / Electrical/ Marine Engineering' යනුවෙනි.
25. NDT සිසුවෙකුගේ මංගල යෝජනාවක් බලන්න.. 'මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පුතුට....' .
26. නමුත් ඉංජීනේරු සිසුවකු කිසි දිනක 'NDT' කියා දමනු කිසිවකු දැක නැත.
26. NDT පාඨමාලාව ඉංජිනේරු උපාධියටත් වඩා ඉදිරියෙන් සිටින බව පවසන NDT සිසුන් මෙලෙස තම සත්‍ය අධ්යාපනික සුදුසුකම සඟවන්නේ ඇයි? ඔවුන්ගේ අසරණභාවය එමගින්ම තහවුරුවේ...

කාලයක් තිස්සේ පවතින මෙම ගැටලුවේ තිත්ත ඇත්ත මෙයයි ...මේ පිලිබඳ පොතක් ලිවිය හැක.. නමුත් මා දැනට නවතිමි.. සත්‍යයේ සටහන බුද්ධියේ සහ NDT සිසුන්ගේ හ්ර්ධ සාක්ෂියේ විමසුමට ...

------------උපුටා ගැනීමකී-------------------
http://www.gossiplankanews.com/2013/01/moratuwa-university-clash-in-last-night.html

snandasiri

snandasiri
Manager - Equity Analytics
Manager - Equity Analytics

තාවිජාඩි සහ මොරටුව විශ්ව විද්‍යාලය

තා.වි.ජා.ඩි. කියන්නෙ මොකක්ද කියලා දන්නවද? තාක්ෂණ විද්‍යා ජාතික ඩිප්ලෝමාව කියන්නෙ මොකක්ද කියලා අහලා නැතත්, National Diploma in Technology හෙවත් එන්.ඩී.ටී. ගැන නම් අහපු නැති කෙනෙක් නැතුව ඇති. එන්.ඩී.ටී පිරිනමන්නෙ මොරටුව විශ්ව විද්‍යාලය යටතෙ තියන තාක්ෂණ ආයතනය (Institue of Technology University of Moratwa) මඟින්.

1893 දී මරදානේ ආරම්භ වූ රජයේ තාක්ෂණ පාසල (Government Technical School) 1906 දී ලංකා තාක්ෂණික විද්‍යාලය (Ceylon Technical College) බවට පත් වුනා. 1940 දශකයේදී එහි ඇරඹි කණිෂ්ඨ තාක්ෂණ නිලධාරී (Junior Technical Officer) පාඨමාලාව 1960 දී කටුබැද්ද ප්‍රායෝගික තාක්ෂණ ආයතනය (Institute of Practical Technology) ලෙසින් ඇරඹි නව ස්ථානයකට ගෙන ආවේ තාක්ෂණ නිලධාරීන් පූර්ණ කාලීනව පුහුණු කිරීමටයි. රජය විසින් ඉංජිනේරු වෘත්තියේ පුළුල්කිරීම සඳහා 1966 දී කටුබැද්දේම ලංකා තාක්ෂණ විද්‍යාලය (Ceylon College of Technology) පිහිටවු අතර, උපාධියකට සමාන තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලා ඇරඹුනා. 1967 දී ප්‍රායෝගික තාක්ෂණ ආයතනය එම තාක්ෂණ විද්‍යාලයට අනුබද්ධ කළ අතර කණිෂ්ඨ තාක්ෂණ නිලධාරී පාඨමාලාව ප්‍රතිනිර්මාණය කර එය තාක්ෂණ නිලධාරීන්ගේ පාඨමාලාව ලෙස නම් කළා. 1972 දී කටුබැද්ද ලංකා තාක්ෂණ විද්‍යාලය විශ්ව විද්‍යාලයක් බවට පත්වූ අතර, තාක්ෂණ ඩිප්ලෝමා පාඨමාලාව ඉංජිනේරු විද්‍යාවේදී උපාධි පාඨමාලාව බවටත්, තාක්ෂණ නිලධාරීන්ගේ පාඨමාලාව තාවිජාඩි ලෙසටත් නම් කළා.

වසර ගණනාවක් ඉංජිනේරු උපාධි සහ තාවිජාඩි පාඨමාලා දෙකම සමාන්තර ලෙස මොරටුව විශ්ව විද්‍යාලයේ පැවැත්වුනා. සිසු දෙපිරිස අතර විශ්ව විද්‍යාලය තුල හෝ රැකියා වෙළඳපොලේදී සැලකිය යුතු තරඟයක් තිබුනේ නෑ. මේ වාතාවරණයේ වෙනසක් ඇති වූයේ 1992-93 දීයි. ඒ 1987-89 කාලය තුල (ජවිපෙ හිතවාදී) ශිෂ්‍ය ව්‍යාපාරයේ බල කණුවක්ව තිබූ ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමය දේශපාලනයේ යෙදීමෙන් බැට කා තිබූ බැවින්, කිසිම දේශපාලන පක්ෂයකට සහය නොදැක්වීමට තීරණය කිරීමත් සමඟයි. මොරටුව විශ්ව විද්‍යාලය තුල තම බලය තහවුරු කිරීමේ අදිටනින් ජවිපෙ බළල් අතක් වන අ.වි.ශි.බ.ම. හෙවත් අන්තරය ඉන් පසුව තාවිජාඩි පාඨමාලාවට තම සහය දැක්වීමට පටන් ගත්තා.

තාවිජාඩි ශිෂ්‍ය සංගමය සහ අන්තරය අතර ඇති සබඳතාවය නිසා, එම සංගමයෙන් සංවිධානය කළ විවිධ ඉසවු වලට වෙනත් විශ්ව විද්‍යාලවල සිසුන් පැමිණි අවස්ථාද තිබුනා. ඉංජිනේරු පීඨ සිසුන් සමඟ ඇතිවූ ගැටුම් වලදීද වෙනත් විශ්ව විද්‍යාලවල සිසුන් තාවිජාඩි සිසුන් සමඟ එක්වූ බව වාර්තා වී තිබුනා.

මොරටුව විශ්ව විද්‍යාලයේ ඇති සීමිත ඉඩකඩ තුල මේ පාඨමාලා දෙකම පුළුල් කිරීමේ අපහසුතාවයක් ඇති බව අමුතුවෙන් නොකිව යුතුයි. මේ හා සම්බන්ධ පසුබිම් කාරණා සහ විවිධ ආසන්න හේතු නිසා 1998 දී මේ දෙපාර්ශවය අතර ගැටුමක් ඇති වුනා. එහි ප්‍රතිඵලය ලෙස වසරකට ආසන්න කාලයක් විශ්ව විද්‍යාලය වසා තැබුනා. මේ අවස්ථාවේදී තාවිජාඩි ශිෂ්‍ය සංගමය විශ්ව විද්‍යාලයේ බලධාරීන් සමඟ ගිවිසුමකට එළඹුනා.

මේ ගිවිසුමට අනුව, තාවිජාඩි පාඨමාලාව මොරටුව විශ්ව විද්‍යාලය යටතේ ඇති තාක්ෂණ ආයතනය (ITUM) යටතට ගැනෙන අතර එම ආයතනය මොරටුව විශ්ව විද්‍යාල පරිශ්‍රයෙන් පරිබාහිරව පිහිටුවීමට කටයුතු කරනවා. එම බාහිර ස්ථානයේ පහසුකම් ස්ථාපිත කෙරෙන තෙක් තාවිජාඩි පාඨමාලා මොරටුව විශ්ව විද්‍යාල පරිශ්‍රය තුල පවත්වාගෙන යාමට අවසර ලැබෙනවා. එතෙක් බඳවාගන්නා ප්‍රමාණය වැඩි කිරීමට හෝ විෂය නිර්දේශ යාවත්කාලීන කිරීමට අවසර ලැබෙන්නේ නෑ. එමෙන්ම තාවිජාඩි ඩිප්ලෝමා සහතිකයේ අන්තර්ගතය ආදියද එම ගිවිසුමේ අඩංගු කරුණු අතර ඇතුලත්.

තාවිජාඩි සිසුන් මේ ගිවිසුම ගැන දැනුවත්ද යන්න ප්‍රශ්නයක්. එමෙන්ම හැකි ඉක්මනින් උපාධිය අවසන්කොට රැකියා සොයාගැනීමට සිතමින් පොතටම කාලය යොදවන මොරටුව ඉංජිනේරු සිසුන් මේ ගිවිසුම ගැන දන්නවාදෝ සැකයි. ගිවිසුමට එකඟව අත්සන් කිරීමෙන් අනතුරුව කුමන හෝ යටි අරමුණු නිසාවෙන් එම ගිවිසුමේ අඩංගු කරුණු ප්‍රතික්ෂේප කරන තාවිජාඩි ශිෂ්‍ය සංගමය එය කාලයේ වැලිතලාවෙන් යට වීමට කැමැත්තෙන් සිටිනවා විය හැකියි.

ගිවිසුමේ ප්‍රකාර, විශ්ව විද්‍යාලයෙන් පිටත ස්ථානයක මොරටුව විශ්ව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ ආයතනය පිහිටුවීමට සැලසුම් තිබුනා. එවකට අක්‍රියව පැවති, වර්තමානයේ වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය පිහිටුවා ඇති රත්මලානේ ජාතික තාක්ෂණ අධ්‍යාපන ආයතනය (National Institute of Technical Education – NITESL) තාවිජාඩි පාඨමාලාව පිහිටුවීමට සුදුසු ස්ථානයක් බවට යෝජනා වුනා. විවිධ දේශපාලන බලවේග නිසා එම යෝජනාව යටපත් වූ බවට ආරංචි වුනා. පිළියන්දල මඩපාත ප්‍රදේශයේ ඉඩමක නව ගොඩනැගිලි ඉදිකර තාවිජාඩි පාඨමාලාව ඒ වෙත ගෙනයාමට සැලසුම් තිබුනද, ඉඩම් අත්පත් කරගැනීමේ ප්‍රශ්න නිසා එයද යටපත් වුනා.

මීට වසර තුනකට පමණ පෙර හෝමාගම, දියගම (වර්තමාන මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනය ඉදිරිපිට) භූමි භාගයක් මොරටුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ ආයතනය වෙත ලබා දුන්නා. එය වටකර වැටක්ද ඉදිකර ඇති නමුත්, මේ වනතෙක් එහි කිසිදු ඉදිකිරීමක් සිදුවී නෑ. ඊට හේතුව ආණ්ඩුවට ප්‍රතිපාදන නොමැති වීමද, එසේත් නැතහොත් වෙනත් කාරණයක්ද යන්න ප්‍රශ්නාර්ථයක්. තාවිජාඩි පාඨමාලාව මොරටු සරසවි බිමෙන් ඉවත් කිරීමට තීරණය කර වසර දහයකටත් වැඩි කාලයක් ගත වුනත්, එම තීරණ ක්‍රියාත්මක නොවීම පිටිපස අදිසි හස්තයක් ඇතිදැයි සිතෙනවා.

තාවිජාඩි පාඨමාලාව මොරටුව සරසවි බිමෙන් ඉවත් කිරීම තාවිජාඩි සිසුන්ට කෙසේ වෙතත් අන්තරයට නම් අවාසි සහගතයි. මොරටුව සරසවි බිමෙන් තම මුදුන් මුල උගුල්ලා දැමීමට අකමැති අන්තරය ඊට විරෝධය පාන්නේ විවිධ ක්‍රම වලින්.

තාවිජාඩි පාඨමාලාව මොරටුව සරසවි පරිශ්‍රයෙන් පිටතට ගෙනයාමට උත්සාහ කළ සෑම අවස්ථාවකම කුමන හෝ අඩුපාඩුවක් පෙන්වාදෙමින්, එය කල් දැමීමට තාවිජාඩි ශිෂ්‍ය සංගමය උත්සාහ ගෙන ඇත්තේ හිඟන්නාගේ තුවාලය විලසිනුයි. එම පාඨමාලාව සලසුම් කළ පරිදි නිසි කාලයට විශ්ව විද්‍යාලයෙන් පිටතට ගෙනයාමට නොහැකි වූ නිසා මොරටුව විශ්ව විද්‍යාලයේ තුන්වන පීඨය ලෙස ඇරඹි තොරතුරු තාක්ෂණ පීඨයේ පාඨමාලා මුල් වසර තුන තුල බොරැල්ලේ කුලියට ගත් ගොඩනැගිල්ලක පවත්වන්නට සිදු වුනා.

මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු සිසුන් සහ තාවිජාඩි සිසුන් අතර ගැටුම් ඇති වීමට හේතුව ලෙස ඇතැමුන් පෙන්වා දෙන්නේ රැකියා වෙළඳපොළේ ඇති තරඟයයි. එය සත්‍ය නම් මොරටු ඉංජිනේරු සිසුන් තාවිජාඩි සිසුන් සමඟ ගැටීමට පෙර පේරාදෙණිය සහ රුහුණ ඉංජිනේරු සිසුන් සමඟ මුලින්ම ගැටිය යුතුයි. ඊට පසු ජාතික ඉංජිනේරු විද්‍යා ඩිප්ලෝමා සහ ජාතික උසස් ඉංජිනේරු ඩිප්ලෝමා සිසුන් සමඟ ගැටිය යුතුයි. එමෙන්ම තාක්ෂණ විද්‍යාල සහ කාර්මික විද්‍යාල සිසුන් සමඟද රැකියා තරඟයක් ඇති නිසා ඔවුන් සමඟද ගැටීම වැලැක්විය නොහැකියි.

ඇත්ත තත්ත්වය නම්, මෙරට ඇති සීමිත රැකියා අවස්ථා සඳහා සුළු තරඟයක් තිබුනද, ඉංජිනේරු උපාධිධාරීන්ට මෙන්ම ඩිප්ලෝමාධාරීන්ටද මෙරට නොමැතිනම් විදේශ රැකියා හෝ සොයාගැනීමේ දැඩි අපහසුතාවයක් නොමැති බවයි. විශ්ව විද්‍යාලය තුල වෙනත් පාඨමාලාවක සිසුන් සමඟ ගැටීමෙන් හෝ ඔවුන්ව විශ්ව විද්‍යාල භූමියෙන් පිටමං කිරීමෙන් රැකියා වෙළඳපොළේ තමන්ට වාසියක් වෙතැයි සිතනවා නම් එය විහිළුවක්.

තවත් මතයක් වනුයේ ඉංජිනේරු ඩිප්ලෝමා සිසුන් ලංකා ඉංජිනේරු ආයතනයේ වැනි විභාග සමත්ව උපාධි සුදුසුකම් ලබාගන්නවාට විශ්ව විද්‍යාල උපාධිධාරීන් අකමැති සහ ඊර්ෂ්‍යා බවයි. පෞද්ගලිකව එබඳු අය සිටිය හැකි වුවත්, පොදුවේ එම මතය පිළිගත නොහැක්කේ මෙරට ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන් අතරින්, උක්ත විභාග සමත්වන්නේ සාපේක්ෂව සුළු පිරිසක් නිසයි. ඔවුන්ගේ හැකියාව නිසා ඉහල සුදුසුකම් ලබාගැනීමට අකමැතිවීම හෝ ඊර්ෂ්‍යා කිරීමනම් මෝඩ ක්‍රියාවක්.

‘අපිත් මොරටුව කැම්පස් එකේ. ඉංජොයි අපියි අතරෙ වැඩි වෙනසක් නෑ. අපි කන්නෙ බොන්නෙ එක කැන්ටිමෙන්. පාඩම් කරන්නෙ එක ලයිබ්‍රරියෙ. ඉන්නෙ එක හොස්ටල් එකේ. පාවිච්චි කරන්නෙ එක දේශන ශාලා; එක ලැබ්. ඒ නිසා අපිත් ඉංජිනේරුවො වගේ තමා’ කියලා කියන තාවිජාඩි සිසුන් ඉන්නවද කියන්න නම් මම දන්නෙ නෑ. ඒත් තාවිජාඩි සිසුන්ගේ සහ ඉංජිනේරු සිසුන්ගේ දේශකවරු මෙන්ම විද්‍යාගාර පහසුකම්ද වෙනස් බවත්, එම පාඨමාලා අතර මූලික වෙනස විෂය නිර්දේශවල බවත් අමතක කරන්න හොඳ නෑ. ඒ නිසා ඉහත ප්‍රකාශයෙ වලංගු බව ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ.

තාවිජාඩි පාඨමාලාව හා සම මට්ටමේ ගැනෙන ජාතික ඉංජිනේරු විද්‍යා ඩිප්ලෝමාව (National Diploma in Engineering Science – NDES) පාඨමාලාව සඳහා වසර හතරකුත්, ජාතික උසස් ඉංජිනේරු ඩිප්ලෝමාව (Higher National Diploma in Engineering – HNDE) යන පාඨමාලා සම්පූර්ණ කිරීමට වසර හතරක් බැගින් ගතවෙනවා සඳහා වසර තුනහමාරකුත් ගතවෙනවා. නමුත් තාවිජාඩි සඳහා යන්නේ වසර තුනක් පමණයි. එම පාඨමාලාව ‘මොරටුව විශ්ව විද්‍යාලය’ ‘තුල’ පිහිටා තිබීම යන කාරණය මේ වෙනස පියැවීමට යොදාගන්නවාද යන්න සිතා බැලිය යුතුයි. තාවිජාඩි සිසුන් බාහිර ලෝකයට තමන් හඳුන්වා දෙන්නේ තමන් ‘මොරටු සරසවි සිසුන්’ ලෙස බවත්, වැඩිදුර විමසීමේදී පමණක් තමන් තාවිජාඩි සිසුන් බව පවසන බවත් මගේ අත්දැකීමයි.

තාවිජාඩි පාඨමාලාව මොරටුව සරසවි පරිශ්‍රයෙන් පිටතට නොයෑම හේතුවෙන් එම පාඨමාලාවටද සිදුව ඇත්තේ අනර්ථයක්. යුගයට ගැලපෙන පරිදි විෂය නිර්දේශ වෙනස් කළ නොහැකිවීම, වැඩි සිසුන් පිරිසක් බඳවාගත නොහැකිවීම ඒ අතර ප්‍රධානයි.

රටේ ප්‍රචලිත තාවිජාඩි පාඨමාලාව පවත්වන ස්ථානය වෙනස්වූ පලියට එහි ගුණාත්මක භාවය අඩුවේයැයි හෝ, රටේ පිළිගැනීම අඩුවේයැයි හෝ සිතීම මිථ්‍යාවක්. එය වෙනත් තැනක පැවැත්වූවද ඩිප්ලෝමාව පිරිනමන්නේ මොරටුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ ආයතනය මඟින්. එහි පිළිගැනීමේ වෙනසක් වෙතැයි අපේක්ෂා කළ නොහැකියි.

හෝමාගම, දියගම පිහිටි මොරටුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ ආයතනයට අයත් භූමියේ නව ගොඩනැඟිලි ඉදිකර, දේශන ශාලා, විද්‍යාගාර සහ වෙනත් පහසුකම් සපුරා තාවිජාඩි පාඨමාලාව ඒ වෙතට ගෙනයාමෙන් ඒ සිසුන්ටද නිදහසේ අධ්‍යයන කටයුතු වල යෙදිය හැකියි. එමෙන්ම එම පාඨමාලාවේ අභිවෘද්ධියට අවශ්‍ය නිසි පියවර ප්‍රමාද නොකර ගන්නටත් එය ඉවහල් වේවි.

එමෙන්ම මොරටුව සරසවි බිම තුල ඉංජිනේරු, වාස්තු විද්‍යා සහ තොරතුරු තාක්ෂණ පීඨද නිසි ලෙස පුළුල් කිරීමට හැකි වෙනු ඇති.

ප.ලි.

තාවිජාඩි පාඨමාලාව මොරටුව විශ්ව විද්‍යාලයෙන් භෞතිකව ඉවත් කළයුතු බව මිස, එම පාඨමාලාව අහෝසි කිරීම හෝ එය වෙනත් ආයතනයක් යටතට පත් කළයුතු බවක් මම අදහස් කරන්නේ නෑ. එය දිගටම මොරටුව විශ්ව විද්‍යාලය යටතේ (තුල නොවේ) පැවතීම පාඨමාලාවට මෙන්ම විශ්ව විද්‍යාලයටද වාසිදායක බවයි මගේ මතය.

එමෙන්ම අපේ රටට ඉංජිනේරු ඩිප්ලෝමා පාඨමාලා අනවශ්‍යයි යන්න හෝ ඉංජිනේරු උපාධි පාඨමාලා අනවශ්‍යයි යන්න මොනම අයුරකින්වත් මම අදහස් කරන්නේ නෑ. රටේ කර්මාන්ත ක්ෂේත්‍රයට ඉංජිනේරු උපාධිධාරීන් මෙන්ම ඩිප්ලෝමාධාරීනුත් අත්‍යවශ්‍යයි. ඔවුනොවුන්ගෙන් ලැබෙන සේවා එකිනෙකට වෙනස් නිසා කර්මාන්ත ක්ෂේත්‍රයට ඒ දෙපාර්ශවයේම දායකත්වය නැතිව බෑ.

___උපුටා ගැනීමකි___
http://nadeesthoughts.wordpress.com/2010/06/21/ndt-uom/

snandasiri

snandasiri
Manager - Equity Analytics
Manager - Equity Analytics

හෙළිදරව්ව- මොරටුව NDT පහරදීම සම්බන්ධයෙන් හරියටම එක් අයෙක් පමණක් අත් අඩංගුවට ගැනුනේ කෙලෙසද?
මොරටුව ඉන්ජිනේරු සිසුන්ට පහරදීම සම්බන්ධයෙන් එක් සැකකරුවෙක් පමණක් අත් අඩංගුවට ගත් බවට ප්‍රධාන නාලිකා වල ප්‍රවුත්ති සියල්ලම වාගේ වාර්තා කොට තිබිණ. නමුත් එය සිදු උනේ කෙසේද යන්න කවුරුත් නොදන්නා කුතුහලය දනවන මාතෘකාවකි.
මෙහිදී අපි සැළකිය යුතු කරුණු දෙකක් පවති යි. එනම් අනෙක් සියලුම කළහකාරීන් පළා ගිය විට මෙම සැක කරුවා 'අත් අඩංගුවට පත් වූයේ කෙසේද සහ මෙතරම් සංහාරයක් කළ පසු එතරම් පිරිසක් පලා ගියේ කෙසේ ද? යන ප්‍රශ්න දෙකයි.
පළමු සිද්ධිය පිළිබඳ අප ට ලැබුණු විශ්වාස කටයුතු ආරංචි මාර්ගයක් මෙසේ වාර්තා කරයි. පහරදීම විශ්ව විද්‍යාලය අභ්‍යන්තරයේ සිදු වෙමින් පවතින අවස්තාවේදී සාමාන්‍ය පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් විශ්ව විද්‍යාලයේ ප්‍රධාන දොරටුව අසල (ඇතුළු වීමට නොහැකිව) ගැවසෙමින් සිට ඇත. මේ වන විට විශ්ව විද්‍යාලයේ ගැටුමක් පවතින බවට සැල වූ විශ්ව විද්‍යාල ආචාර්ය වරු කිහිප දෙනෙක්ද මෙම ස්ථානයේ ප්‍රදේශ වාසීන් සමඟම ගැවසෙමින් සිට ඇත. එයින් එක ආචාර්ය වරයකු ගේට්ටුව අසල ඔබ-මොබ යන ආරක්ෂක හිස්වසුමක් (හෙල්මටයක්) පැළඳගෙන සිටි අයකු දැක ඇත. එතනට ගොස් ඔහු කවුදැයි විමසු විට ඔහු පවසා ඇත්තේ ඔහු විශ්ව විද්‍යාල ශිෂ්‍යයකු බවත්, තම යතුරුපැදිය විශ්ව විද්‍යාල භූමිය තුල නතර කර ඇති බවත්, එය ගැනීමට පැමිණි බවත් ය. පහරදීම ඉතා උණුසුම් අඩියකදී මෙම පැහැදිලි කිරීම සැක සහිත බැවින් ඔහුගෙන් යතුරු පැදියේ යතුර විමසා සිටියදී මෙම ආචාර්ය වරයාට ඔහු පවසා ඇත්තේ යතුරක් නොමැති බවයි. මේ වන විට ඔහුගේ ජංගම දුරකථනය ඉල්ලා ගත් ආචාර්ය වරයා එයට 'කොට්ටා' යන නමින් දුරකථන ඇමතුමක් ලැබෙන බව නිරීක්ෂණය කර ඇත. එවිට ඔහුගෙන් තවදුරටත් මෙම ආචාර්ය වරයා තමාව හෝ එතන සිටි අනෙකුත් විශ්ව විද්‍යාල ආචාර්ය/ පරිපාලන මඩුල්ලේ සාමාජිකයින් පෙන්වා ඔවුන්ව අඳුනනවාද විමසූ විට දන්නේ නැති බව පවසා ඇත. මෙවිට ඔහු හෙල්මටයද බිම දමා දිවීමට පටන් ගෙන ඇත. එවිට ඔහු පසු පස යතුරුපැදියකින් ලුහුබැඳ ගොස් අල්ලාගෙන ඒමට විශ්ව විද්‍යාල ආරක්ෂක අංශයේ සාමාජිකයෙක් සමත් වී ඇත. පසුව එතනට පැමිණි පොලිසිය එම පුද්ගලයාගෙන් ප්‍රශ්න කල විට ඔහු පවසා ඇත්තේ ඔහු NDTයේ ශිෂ්‍යයකු බවත්, තමන් එහි රසායනවිද්‍යා පාඨමාලාව හදාරන බවත් ය. එවිට ඔහුගෙන් යට කී ආචාර්ය වරයා විමසා ඇත්තේ එම පාඨමාලාවේ ප්‍රධානී කවුද කියා ය. එවිට මෙම පුද්ගලයා දී ඇති පිළිතුර නම් මෙයට දෙවසරකට උඩදී එහි අංශප්‍රධානී ව සිටි අයකුගේ නමයි. කෙසේ වෙතත් මේ වන විටත් 'කොට්ටා' යන අය ඔහුගේ දුරකතනයට දිගින් දිගටම අමතන ලදී. එහිදී ඔහු ගැටුමට සහභාගී වීමට පැමිණි වග පිළිගත් අතර පවසා ඇත්තේ ඔහුට ලැබුණු ආරංචියට අනුව ' NDT සිසුන්ට ඉංජිනේරු සිසුන් පහර දෙනවා ය, කොට්ටා තමයි මට එන්න කිවෙ යි කීවේය. කෙසේ වුවත් ඔහුගේ සහචරයින් පැමිණි බස් රථ ද මෙවිට පරිශ්‍රය අසල නවතා තුබූ බව සැල වේ. අවසානයේ එම පුද්ගලයා පොලිසිය භාරයට ගන්නා ලදී. කෙසේ වුවත් අපට මෙහිදී දක්නට ඇත්තේ ඔහුව අත් අඩංගුවට ගැනීම පොලිසියේ දක්ෂතාවයට වඩා යට කී ආචාර්ය වරයාගේ දක්ෂතාව නිසා සිදු වූ බවය.
අනෙක් පිරිසට සිදුවූයේ කුමක්ද? පොලිසිය සරසවිය තුලට ගොස් තත්වය පාලනයට ගනිද්දී ඔවුන් යටතට සියලුම කළහකාරී පිරිස් අතවූ පොලු මුගුරු, කඩු හා ඉතිරි වූ පෙට්‍රල් බෝම්බ ගෙන ඇත. පමණ පිරිසක් පසුදිනය උදෑසන තෙක් සරසවිභූමියේ කලබල සංසිඳෙන තෙක් රඳවා තබාගෙන ඇත. ඉහත සඳහන් කළ ආචාර්ය වරයා ම මෙවිට පොලීසියෙක් විමසා ඇත්තේ යටකී පිරිස හඳුනා ගත හැකි පරිදි ඔවුන්ගේ අනන්‍යතා සටහන් කර ගන්නා ලෙසයි, ඇත්තෙන්ම පොලිසියකට මේවා ඇඟිල්ලෙන් ඇන කියන්න දේවල් නොවූවත් ඔවුන් එය ඉටු නොකිරීම නිසා ආචාර්යවරුන්ට එය පෙන්නා දීමට සිදුවිය. ප්‍රතිචාරය " බෑ සර්, මුං පර්ස් අරං එන්නෙ නෑනෙ ඇහුවත් ඇත්ත කියන්නෙ නැතිවෙයි, අපි මුංව බලා ගන්නම්" යන්නය. අඩුම ගනනේ ඡායාරූපයක් ගැනීමට උවද ඒ පොලිස් මහතාට උවමනාවක් නොවීය. එවිට ආචාර්යවරය ඔවුන්ගෙන් විමසා හිටියේ කලහකාරී පිරිස ගල්කිස්ස පොලිසිය වෙත රැගෙන යන ලෙස හා විශ්ව විද්‍යාල විමර්ෂණ කටයුතු සඳහා අවශ්‍ය සාක්ෂි ලබා ගැනීමට පටිගතකිරීමේ කණ්ඩායමක් එවිය හැකි බවටයි. නමුත් එයටද පිළිතුර සෘණාත්මක විය. පසුව සියළුම කළහකාරී සිසුන් පොලිසිය විසින් සපයාතිබූ බස් කිහිපයක නංවාගෙන පිටකොටුව දක්වා ඔවුන් රැගෙන ගොස් පසුව නිදහස් කර ඇත. ඔවුන්ගේ කිසිම තොරතුරක් පොලිසිය වෙත ලබා ගැනීමට තරම් ලංකාවේ පොලිසිය බුද්ධිමත් ලෙස කටයුතු කොට ඇත.

snandasiri

snandasiri
Manager - Equity Analytics
Manager - Equity Analytics

මනුෂත්වයට සහ සරසවි සංස්කෘතියට මහත් අපකීර්තිමත් කැළලක් එකතු කරමින් ඊයේ රාත්‍රියේ මොරටුව විශ්වවිද්‍යාලය තුල ජාතික තාක්ෂණ ආයතන (NDT) සිසුහුන් සිදුකල පහරදීම හේතුකොටගෙන මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජීනේරු පීඨයේ සිසුන් ඔවුන්ගේ සරසවියතුල ඉගනීමට අයිතිය අහිමිව අවතැන්ව සිටියි.

මේ වනවිටත් පහරකෑමට ලක්ව බරපතල තත්ත්වයේ පසුවන සිසුන් තිදෙනෙකු කළුබෝවිල සහ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර එකකවල ප්‍රතිකාර ලබයි.

මේ අතරින් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන සිසුවා සැත්කම් කිහිපයකට භාජනයකර තිබෙන අතර හිස අභ්‍යන්තරයට රුධිරය වහනයවීම හේතුකොටගෙන ඔහුගේ ජීවිතය ඉතා අවදානම් සහිත තත්වයකකට පත්ව තිබේ.(දිනකට 21,000 මුදලක් බාහිරින් බෙහෙත් ගැනීම සඳහා වැයවන බව වෛද්‍යවරු පවසයි)

තරුණ කොටස් අතර ක්ෂණික අවේගයන්මත ගැටුම් ඇතිවීම සුලබ නමුත් මෙම ගැටුම එලෙස දැක්විය නොහැක. සංවිධානත්මක අපරාධ / ත්‍රස්තක්‍රියා ගණයට අයත් මෙවැනි ගැටුම් සමස්ත සමාජයටම තර්ජනයකි.

ගැටුමට තුඩුදුන් මෝටර් සයිකල් ගැටුමේ නොදත් පැත්ත

NDT සිසුන්ගේ ශිෂ්‍ය සංගමය තුල නායකයන් දෙදෙනෙකු සිටියි. එයින් එක අයෙක් සමාජය ඉදිරියේ පෙනීසිටින අතර අනෙක් පුද්ගලයා කවුරුන්ද යන්න සමාජය නොදනියි. ශිෂ්‍ය සංගමයට අයත් සියලුම වැදගත් තීරණ මෙම අප්‍රසිද්ධ නායකයාගේ අනුදැනුම මත සිදුවන අතර ඔහු ජනතා විමුක්ති පෙරමුණ සමග ඍජු සම්බන්ධතා පවත්වන බව වාර්තාවේ. ඔහු කිසිවිට NDT සිසුන්ට පරාජය අත්වනසේ ගැටුමකට පිවිසීම සිදුනොකරයි.මක්නිසාදයත් පරාජය විනම් එය තුලින් තම සංගමයට අපකීර්තියක් වන බවිනි.

එහෙත් මිට සති දෙකකට පමණ පෙර යතුරු පැදියකට අදාලව සිදුවූ ගැටුම ඉහතකි කුප්‍රකට නායකයා මෙහෙයවූ අතර ඒ තුලින් NDT සිසුන් හට පරාජය අත්විය. බොහෝ NDT සිසුන් විශ්වාස කලේ තම ශිෂ්‍ය සංගමය තුල සමගිය නොමතිවීම් සහ පිරිස් බලය මදිවීම් හේතුකොටගෙන මෙලෙස තමන්හට පහර කෑමට සිදුවූ බවයි.

එහෙත් ඉහතකි කුප්‍රකට නායකයාගේ ස්වභාවය දන්නා අප වෙත තොරතුරු සපයන NDT හි අභ්‍යන්තර ආරංචි මාර්ගයක් හෙළිකර සිටියේ කුප්‍රකට නායකයා එම ගැටුම පරදින බව දැන දැනම ගැටුම මෙහෙයවූ බවයි. NDT ශිෂ්‍යයනට සිදුවූ පරාජයවීම තුලින් ඉංජීනේරු සිසුන් නමැති පොදු සතුරෙක් නිර්මාණය කිරීමට ඔහුට හැකිවූ අතර එතුලින් සියළු සිසුන් නැවතත් තම ශිෂ්‍ය සංගමය කෙරෙහි නැඹුරු කොටගෙන සිසුන් තුලින් ගිලිහි යන අවධනය නැවතත් ලබාගැනීමට සමත් විය.

NDT සිසුන් තුලින් රැග් විරෝදී වෙනම කණ්ඩායමක් වර්ධනය වෙමින් පවතින අතර එම සිසුන් මෙම පොදු සතුරා යොදාගනිමින් තම ශිෂ්‍ය සංගමය වෙත නැඹුරු කරගැනීමට මෙම සටනේදී ඔවුන් දැඩි උත්සාහයක යෙදී ඇත.කෙසේ වෙතත් රැග් විරෝදී සිසුන් මෙම පහරදීමට සම්බන්ධවී නොමැත.

එම ඒකරාශී කිරීමේ ප්‍රතිපලයක් ලෙස ඔහුට මෙම ගැටුම සඳහා වසර තුනක NDT සිසුන්, දැනට රැකියා කරන ඉකුත් වසරවල සිසුන් සහ මුදල් ගෙවූ දාමරිකයන් සම්බන්ද කරගැනීමට හැකිවිය. සති දෙකක් පුරාවට මේ ගැටුම් සඳහා සංවිධානය වී තිබෙන මොවුන් මෙම ගැටුමේදී ඔත්තු බැලීම, ඉදිරිපස සහ පිටුපස පිවිසීම් අවහිර කරමින් සටන් වැදීම, තාප්පය මුරකිරිම, පිරිමි නේවාසිකාඝාර වලට පහරදීම සහ කාන්තා නේවාසිකාඝාර වලට පහරදීම වෙන් වෙන් වශයෙන් කණ්ඩායම් යොදා සිදුකර තිබේ.

මෙම ගැටුමේ පැවතී අමානුෂික බව පහත සිදුවීම් තුලින් දැක්වේ.
...........................................................
දිනය: 2013.01.16 වේලාව: ප.ව 11.00-11.30
ස්ථානය: මොරටුව විශ්ව විද්‍යාලය - ප්‍රධාන පිවිසුම අසල
එක්තරා සිදුවීමක්....

සිසුන් තිදෙනෙක් තවත් සිසුවකු ඔසවාගෙන ඉදිරිපස ගේට්ටුව වෙත දිව එයි. ඔවුන් පිටුපසින් තවත් 20ක් පමණ දඬු මුගුරු ඔසවාගෙන දිව එයි. ගේට්ටුව වසා ඇත, ඔසවාගෙන එනු ලැබූ සිසුවාද සමග අනෙක් තිදෙනාට ගේට්ටුව උඩින් පැනීමට හැකියාවක් නැත. ඔවුන් ගේට්ටුව අසල ඔසවාගෙන සිටින සිසුවාව බිම තබයි. පොලු මුගුරු සේනාව ඔවුන් වෙත පැමිණෙයි.

"ගහන්න එපා බං, මූට හොඳටම අමාරුයි..අපි මූව වාහනේකට දාලා අපි අයෙත් එන්නම්, ඊට පස්සේ අපිට ගහපන්" ඔවුන් තිදෙනා මුහුනු බැඳගත් පොලු මුගුරන්ගෙන්(NDT) ඉල්ලයි. "අඩෝ තොපි B.Sc පො** හු**** ******************** ***** අම්මලාට හු**** ****, අද තොපිලව මරණව යකෝ.."

සිහියක් නොමැති සගයා බිම සිටියදී, පොලු මුගුරු සේනාව අනෙක් තිදෙනාට නොසෑහෙන්න පහර දෙයි.පොලීසිය ගේට්ටුව අනෙක් පස බලා සිටී. ඔවුන්ට පහරදී පොලු මුගුරු සේනාව හුරේ දමයි "NDT! NDT !! NDT!!!"

........................................................

තවත් එක්තරා සිදුවීමක්...

මුහුනු වසාගත් පොලු මුගුරු රැගත් 100ක් පමණ උඩුකය නිරුවත් තවත් සිසුවකුව බෙල්ලෙන් අල්ලා ගෙන ගේට්ටුව ඉදිරිපස දණගස්වයි... "අඩෝ B.Sc පො** හු*** පු**, තොපේ චන්ඩි ඉන්නවනම් වරෙන් යකෝ මූව බේරගන්න" කියමින් අර සිසුවාට වරින් වර පහර දෙයි. පොලීසිය බලා සිටියි.

"සර්, අරෙහෙම තිරිසනෙක්ට වගේ ගහද්දි බලං ඉන්න පුලුවන්ද සර් මනුස්සයෙක්ට" කියමින් ප්‍රදේශවාසීන් කිහිප දෙනෙක් ඇතුළට ගල් ප්‍රහාර එල්ල කරයි. පොලීසිය ඔවුන් එලවා දමයි.

........................................................

කොපමන ගැටුම් සිදුවුවද , කොපමණ ලේ වැගිරුනද දශකයකට ආසන කාලයක් පවතින මෙම ගැටුමට බලධාරීන්ගේ අවධානය යොමුවන බවක් පෙනෙන්නට නොමැත.

කෙසේ වෙතත් යාපනය විශ්වවිද්‍යාලය තුල LTTE ත්‍රස්තවාදීන්ගේ වර්ධනය මැඩලීම සඳහා හමුදාව සිදුකළ මෙහෙයුමට එරෙහිව පෙළ ගැසුන FUTA ආචාර්ය්‍යවරුන්, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය,මාධ්‍යය සහ NGO ක්‍රියාකාරිකයන් මෙම ගැටුම හමුවේ නිහැඬි පිළිවෙතක් අනුගමනය කරයි.

එහෙත් ගොසිප් 9 අප මෙම ගැටුම මෙහෙයවූ සහ සම්බන්ධවූ පිරිස් පිලිබඳ තොරතුරු සහ චායාරුප අනාගතයේදී හෙළිකිරීමට අපේක්ෂා කරයි.

http://www.gossip9.com/2013/01/blog-post_6091.html?fb_action_ids=513741895337123&fb_action_types=og.likes&fb_source=other_multiline&action_object_map=%7B%22513741895337123%22%3A156661881149634%7D&action_type_map=%7B%22513741895337123%22%3A%22og.likes%22%7D&action_ref_map=%5B%5D



Last edited by snandasiri on Sat Jan 19, 2013 11:40 am; edited 1 time in total (Reason for editing : post the sourse link)

Slstock

Slstock
Director - Equity Analytics
Director - Equity Analytics

When you are young, your mind is volatile and can be "usually" agitated. So occasional student clashes can happen.


But in Sri Lanka usually there are politics behind student unrest. So we need to condemn these and try to figure out way to prevent. That is to get to the root of this. There are only one or 2 who makes others with volatile minds" commit these acts . Most probably the mastermind in this was not involved in this fight. The volatile minds were aroused and put to front.

BTW, what were the police doing? Probably almost nothing.


All students needs to understand what their primary responsibility is : Education ( Univerisyt or NDT) . It is the knowledge that is important (NDT or Uni). But these younf people are getting misled and misguided.


But having said this, Sri Lankan education system seriously needs a revamp. Issues from Schools to Unis/

Kithsiri

Kithsiri
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

slstock wrote: Sri Lankan education system seriously needs a revamp. Issues from Schools to Unis/
Agree 100 %.
No More FREE Education.
They have to earn it and have to work for it than simply cram and get better Z scores.
Otherwise none will appreciate the value of it.
See the difference between affiliated Private Universities and Free Government Universities.
We need to revamp many things in this country but Who will Bell the CAT ?

Whitebull


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

Kithsiri wrote:
slstock wrote: Sri Lankan education system seriously needs a revamp. Issues from Schools to Unis/
No More FREE Education.
100% Sure Way to go to the Opposition Side of the Parliament........May be for as long as 30 - 40years Laughing Laughing Laughing

Sponsored content



Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum