යුද්ධය අවසන් කිරීමෙන් පසුව ලංකාවට පැමිණෙන ප්‍රථම ඇමරිකානු වෙළඳ ධූත පිරිස පෙබරවාරි 07 වනදා සිට 09 වනදා දක්වා මෙරට වෙළඳ අවස්ථාවන් සොයා බලන බව කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය කියයි.
මෙම ධූත පිරිසට අධ්‍යාපනික, ආහාර, සෞඛ්‍ය, ගුවන් යානා සහායක, යටිතල පහසුකම් සංවර්ධන, සැලසුම් උපදේශන සහ ඉංජිනේරු සමාගම් අයත් බවත් ලංකාවට පැමිණෙන්නේ දකුණු ඉන්දියාවේ සංචාරය කිරීමෙන් අනතුරුව බවත් සඳහන්ය.
ඇමරිකාව යනු ලංකාවේ විශාලතම අපනයන වෙළඳ පොළයි.
කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය පවසන්නේ මෙම වෙළඳ ධූත පිරිස හා සම්බන්ධ වීමට කැමැත්තක් දක්වන මෙරට සමාගම් වලට ඇමරිකානු වාණිජ සේවාවේ CommercialColombo@state.gov යන ඊ-මේල් ලිපිනයට ඒ බව දැන්විය හැකි බවයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=214497901