(09/05/13 )- සේවක අර්ථීසාධක අරමුදල මහ බැංකුවේ භාරකත්වයෙන් මුදවා වෙනම ස්වාධින ආයතනගත ව්‍යුහයක් යටතට පත් කිරිමේ වැදගත් කම පසුගියදා 07 දා පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත කැදවු මුදල් මණ්ඩල නිළධාරින් හමුවේ යළි අවධාරණය කර ඇතැයි රජයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරු රන්දොරට තහවුරු කර සිටියහ.
මුදල් ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර,මහ බැංකු අධිපති නිවාඩ් කබිරාල් ඇතුළු මුදල් මණ්ඩල සාමාජිකයින් මෙම හමුවට සහභාගි වි ඇත.
රජය වෙනුවෙන් රාජ්‍ය ණය කළමනාකරණ වගකිමත් දරන්නේ මහ බැංකුව,මෙරට පුද්ගලික අංශයේ විශ්‍රාමික අරමුදල වන සේවක අර්ථී සාධක අරමුදල කළමනාකරණය කරනු ලබන්නෙත් මහ බැංකුව.
රාජ්‍ය ණය කළමනාකරණය කිරිමේදි සැම විටම බැලිය යුත්තේ අවම පොළියට අදාල ණය අරමුදල් ලබා ගැනිමයි. සේවක අර්ථී සාධක අරමුදල (Employees Provident Fund (EPF) )කළමනාකරණය කිරිමේදි මහ බැංකුවේ අරමුණ එහි සාමාජික ප්‍රතිලාභ උපරිම වන පරිදි ඉහළම අනුපාතයකට මෙම අරමුදල් යෙදවිමයි.
දැන් බලන්න සේවක අර්ථී සාධක අරමුදලේ ('captive source' ) සියයට 90 කට වඩා ආයෝජනය කර ඇත්තේ භාණ්ඩාගාර බිල්පත් ප්‍රධාන රජයේ ණය උපකරණ වලයි.රජයේ ණය කළමනාකරණය කිරිමේ මෙම පහළ අනුපාත අරමුණ හා සේවක අර්ථ සාධක අරමුදල කළමනාකරණය කිරිමේදි මෙම ඉහළ අනුපාත අරමුණු අතර මෙම එකිනෙක අතර ගැටෙන අරමුණු නිසා ( conflict of interest) අවසානයේ පහර වදින්නේ මිලියන 02 ක් පමණ වන මෙරට පුද්ගලික අංශයේ සේවක අර්ථී සාධක අරමුදල් සාමාජික ප්‍රතිලාභ වලටයි.
මේ නිසයි අප මෙම සේවක අර්ථීසාධක අරමුදල මහ බැංකුවේ පාලනයෙන් මුදවා ස්වාධින අරමුදල් කළමනාකරණ ව්‍යුහයක් යටතට පත් කළ යුතු බව කියන්නේ.
යැයි විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු රන්දොරට කීය.
සේවක අර්ථීසාධක අරමුදල ස්වාධින කිරිමේ පියවර සම්බන්ධයෙන් මෙයට පෙර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලද කරුණු දක්වා තිබුණි.
රටේ වාණිජ බැංකු නියාමනය කරන මහ බැංකුව සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් යොදවා ඒවායේ කොටස් වල ආයෝජනය කිරිම සම්බන්ධයෙන්ද විපක්ෂය දිගින් දිගටම චෝදනා එල්ල කළේය.
මේ අතරේ ආර්ථීක විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ සේවක අර්ථී සාධක අරමුදල තමන්ට අවශ්‍ය කරන ඉහළ අනුපාත නිර්දේශ කරනු වෙනුවට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව ලබා දෙන අනුපාත හා එකඟත්වයෙන් කිසිදු කේවල් කිරිමකින් තොරව කටයුතු කිරිම මේ දක්වා පැවති සම්ප්‍රදාය බවයි.
මේ සම්බන්ධයෙන් මුදල් මණ්ඩලයේ ප්‍රතිචාරය හා පැය දෙකක පමණ කාලයක් පැවති මෙම හමුවේ සෙසු විස්තර පිළිබඳව පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට ගරු කරමින් අප විමසිමක් නොකළ බව කරුණාවෙන් සලකන්න
http://www.randora.lk/index.php/lead-article/item/2711-copecommitee