එසේ විසුරවනු ලබන්නේනම් තවත් නියෝජ්‍ය ඇමති ධුර ලබා දීමක් සිදු නොකරන බව ඔහු කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
කෙසේ වෙතත් තවත් ඇමති හෝ නියෝජ්‍ය ඇමති ධුර ලබාදීමක් සිදුවන්නේද නැදන යන්න ඉදිරියේදී දැක බලාගත හැකිවන බවද ඇමතිවරයා කීය.
හෙට දිනයේ මාතරදී පැවැත්වෙන මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් වූ ජන රැළියට සහභාගිවන්නැයි ඉල්ලා එක්සත් ජනති නිදහස් සන්ධානය නමින් පුවත්පත් දැන්වීම් පල කිරීම සම්බන්ධයෙන් සොයාබලන බවද කී ඇමතිවරයා සන්ධානය නමින් එවැනි දැන්වීම් හිතුමනාපෙට පළකළ නොහැකි බවත් එවන් එකඟතාවක් නොතිබුණු බවත් වැඩි දුරටත් කියා සිටියේය.