කෙසේ වෙතත්, වෙනත් නිම කළ රෙදිපිළි ද්‍රව්‍ය යටතේ වර්ග කර ඇති මුහුණු ආවරණ (face masks), ආරක්ෂක ඇඳුම් වැනි පෞද්ගලික සනීපාරක්ෂක උපකරණ (personal protective equipment - PPE) අපනයන ආදායම කැපී පෙනෙන ලෙස ඉහළ ගියේය.
නැව් සඳහා යොදාගනු ලබන ඉන්ධන අපනයන පරිමාව හා මිල ගණන් පහත වැටීම හේතුවෙන් ඛනිජ තෙල් නිෂ්පාදිත අපනයන ආදායම පහත වැටුණි. මේ අතර ශල්‍ය හා වෙනත් අත්වැසුම් අපනයනය ඉහළ ගිය ද, ටයර් අපනයනය පහත වැටීම හේතුවෙන් රබර් නිෂ්පාදිත අපනයන ආදායම පහත වැටුණි. මීට ප්‍රතිවිරුද්ධව, ප්ලාස්ටික් හා ඒ ආශ්‍රිත නිෂ්පාදිත (ප්‍රධාන වශයෙන් ප්ලාස්ටික් ඇඳුම් උපාංග) සහ ආහාර, පාන වර්ග හා දුම්කොළ (ප්‍රධාන වශයෙන් දියර පොල්කිරි, පොල් ක්‍රීම් සහ පිටි කළ පොල් කිරි වැනි එකතු කළ අගයක් සහිත පොල් නිෂ්පාදිත) උප කාණ්ඩවල අපනයන ආදායම 2020 වසරේ අගෝස්තු මාසයේ දී ඉහළ ගියේය.......
Copied from WIN WIN