අයවැයෙන් යෝජනා කර ඇති පරිදි ලබන ජනවාරි මාසයේ මෙම වැඩි කළ වැටුප වතු ජනතාවට ලැබිය යුතු වුවත් එය තවදුරටත් බලාපොරොත්තුවක් පමණක් වීමට ඇති ඉඩ කඩ වැඩි නිසා ගත යුතු ඉදිරි කි‍්‍රයා මාර්ග පිළිබඳව නුදුරේදීම සාකච්ඡුා කරන බව ද හෙතෙම සඳහන් කළේය.
සමස්ත රට වැසියන්ම මෙවර අයවැය පිළිබඳව සුබවාදීව බලා සිටිය ද පවතින කොරෝනා වසංගත තත්ත්වය හෝ සලකා ජනතාවට සහනයක් දීමට වත්මන් රජය අපොහොසත් වීම ඉතාමත් කනගාටුදායක සිදුවීමක් බව ද කී හිටපු ඇමැතිවරයා ජනාධිපතිවරයා කෙරෙහි තබා තිබූ ජනතා බලාපොරොත්තු මෙතරම් ඉක්මනින් බිඳ වැටේ යැයි තමන් නොසිතූ බව ද කියා සිටියේය.
මේ අයවැයෙන් සහන දීලා තියෙන්නේ පොහොසත් ජනතාවටමයි. දුප්පතා නන්නත්තාර කරලා. තමන්ට හිතවත් පිරිසකටයි කළු කඩකාරයන්ටයි තමයි මේ රජය සහන දීලා තියෙන්නේ. සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ අඩු කරලා ගැසට් ගැහුවට කඩවලට ගියාම එ් කියන මිලට බඩු නෑ. මේවා විශාල රැවටිලි. අපේ මිනිස්සු කන්නේ ගැසට් ද. රජය දැන ගන්න ඕනෑ රැවටීමේ සීමාව මිනිස්සු දන්නවා කියලා යැයි ද පාර්ලිමේන්තු මන්තී‍්‍ර වී. රාධාකි‍්‍රෂ්ණන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
සුජීව තත්සර