මෙය ඉතාම විශ්වාසදායී ආරංචියක්. මාගේ හොඳම මිතුරෙක් විසින් කොටස් 2,000 ක් අයදුම් කලත් ලැබී ඇත්තේ කොටස් 1200 ක් පමණක් බව මට මීට ස්වල්ප වේලාවකට පෙර දන්වා සිටියා. ඉතිරි කොටස් සඳහා යෙදවූ මුදල වන රු. 4,000.00 සඳහා චෙක් පතක් ඔහුට ලැබී තිබෙනවා.
මා විසින් සහ මාගේ වෙනත් මිතුරන් කිහිප දෙනෙකු ඉල්ලුම් කරන ලද කොටස් ප්‍රමාණය පිළිබඳව මේ දක්වා කිසිම දැනුම් දීමක් සිදුවී නෑ. තවත් දින කීපයක් ඇතුලත ඒ පිළිබඳව අපට දැනගන්ට ලැබේවි.
බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම විසින් සාමාන්‍ය කොටස් 50,000,000 ක් සඳහා අයදුම්පත් කැඳවා තිබුණත් කොටස් කොපමණ ප්‍රමාණයක් සඳහා ඉල්ලුම්පත් ලැබුණේද යන්නත්, කුමන අනුපාතයක් අනුව කොටස් නිකුත් කරන්නේද යන්නත් පිළිබඳව මේ දක්වා නිශ්චිත තොරතුරක් නෑ. ඒ පිළිබඳව ඉදිරි සතියේදි දැනගන්නට ලැබේවි.
බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගමේ අනාගතය කෙසේ වුවද එහි කොටසක මිල රු. 5.00 වැනි අගයක් වීම මෙලෙස ඉහල ඉල්ලුමක් ලැබීමට හේතු විය හැකියි. එවිට සුලු පරිමාණ ආයෝජකයන් විශාල ප්‍රමාණයක් ආයෝජනයට ඉදිරිපත් වීම මෙම වැඩි ඉල්ලුමට හේතු වීමට බොහෝ දුරට ඉඩ තිබේ.