මේ අනුව, ලෝක බැංකුව පවසා තිබෙන්නේ අවුරුදු 18-25 අතර ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට මේ සඳහා අයදුම් කළ හැකි බවත් දකුණු ආසියාවේ අනිකුත් රටවල තරුණ තරුණියන්ටද මේ අවස්ථාව ලබාදී තිබෙන බවයි.
ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිය වාර්ෂික සමුළු සැප්තැම්බර් 23 සිට 25 දක්වා කාල සීමාවේදී පැවැත්වීමට යොදාගෙන තිබෙන අතර තරුණ නියෝජිතයින්ට අවස්ථාව ලබාදීම මගින් රට රටවල තරුණ ප්‍රශ්න පිළිබඳව මෙම නියෝජිතයින්ට කරුණු ඉදිරිපත් කිරීමටත් අදහස් හුවමාරු කර ගැනීමටත් අවස්ථාව සලසා තිබේ.
මෙම අයදුම් පත් භාර ගන්නා අවසාන දිනය සැප්තැම්බර් 19 වනදායි.
http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=2982&Itemid=56