ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලංකාව අනුමත කරගත් ඩොලර් බිලියන 2.6 ක ණය මුදලේ විමර්ශන කටයුතු සඳහා ලංකාවට පැමිණි මූල්‍ය අරමුදලේ ධූත මණ්ඩල ප්‍රධානී, බ්‍රයන් එයිට්කන් මහතා කොළඹදී මේ බව කීය.
ඔහු වැඩිදුරටත් පැවසුවේ ගංවතුර නිසා බෝග විනාශ වීමෙන් මේ වසරේ ලංකාවේ ආර්ථික වර්ධනයට විශාල බාධාවක් නොවන බවයි.
2011 වසරේදී මෙරට ආර්ථික වර්ධනය සියයට 7.0 ක් වනු ඇතිබවට මූල්‍ය අරමුදල පුරෝකතනය කර තිබේ.
www.vimasuma.com
------------------------------------------------------------------------------------
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල 5වන වාරිකය නිදහස් කිරිමට සැරසේ
පෙබ.03- ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන අමරිකානු ඩොලර් බිලියන 2.6 ක ණය මුදලේ 5වන වාරිකය නිදහස් කිරිමට පියවර ගෙන තිබේ.
ඒ එයට අදාළ සමාලෝචනය මූල්‍ය අරමුදලේ විධායක සභාව ඊයේ අවසන් කිරිමෙන් පසුවය.
මෙරට විදේශ සංචිත සීංඝ්‍රයෙන් පහළයාම හේතුවෙන් රජය 2009 වසරේදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණයක් ඉල්ලුම් කළේය.
ඒ අනුව මූල්‍ය අරමුදල එම වර්ෂයේ ජූලි මාසයේදි අනුමත කළ මුළු ණය ප්‍රමාණය අමරිකානු ඩොලර් මිලියන 2.6කි.
එතැන් සිට මේ දක්වා කාලය තුළ වාරික හයක් හරහා මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී ඇති සමස්ථ ණය ප්‍රමාණය අමරිකානු ඩොලර් මිලියන 1.5කි.
ඊයේ රැස් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාව තීරණය කර ඇත්තේ ණය වාරික නිකුත් කිරිමෙන් අනතුරුව අපේක්ෂා කළ මට්ටමට ශ්‍රී ලංකා ආර්ථිකය වර්ධනය වීඇති බවය.
2011 අයවැය මගින් රජය යහපත් ආර්ථික වර්ධනයක් අත්කර ගැනීමේ ලකුණු පෙන්වන බව මූල්‍ය අරමුදලේ වැඩබලන සභාපති නයොයුකී ෂිනොහාරා මහතා ප්‍රකාශ කළේය.
ඒ සදහා අය වැය යොජනා නියමිත පරිදි ක්‍රියාත්මක කිරිමේ අවශ්‍යතාවද ඔහු අවධාරණය කර සිටියේය.
http://www.ethalaya.com