Tuesday, 14 February 2012 13:47
Sri Lanka stocks plunge 4-pct
කොළඹ කොටස් වෙළඳ පොළේ ගනුදෙනු අද තවදුරටත් කඩා වැටුණු අතර කොටස් තැරැව්කරුවන් පැවසුවේ සමස්ත මිල දර්ශකය ඒකක 5000 කට වඩා පහළ වැටුණු බවයි.
මේ අනුව, අද පස්වරුව වනවිට සමස්ත මිල දර්ශකය ඒකක 215 ක් පහළ ගොස් ඒකක 4,984.22 ක්වී තිබේ.
අද දිනයේදී කොළඹ කොටස් වෙළඳ පොළ පහළ යන්නේ පිට පිටම නමවන දිනයට වන අතර රුපියල අවප්‍රමාණය වීම, පොලී අනුපාත ඉහළ යාම හමුවේ ආයෝජන විශ්වාසය අඩුවෙමින් තිබීම කොටස් වෙළඳ පොළ පහළ යාමට හේතුවයි.
වෙළඳ පොළ බලවේග වලට පිටින් පසුගිය කාලයේදී කෘත්‍රිම ලෙස මිල ඉහළ දැමූ කොටස් කඩා වැටෙමින් තිබෙන බව තැරැව්කරුවෝ වැඩිදුරටත් පෙන්වා දෙති.