තරගාවලියේ තෙවන තරගය වූ මෙම තරගය බංග්ලාදේශයේ ඩකාහිදී පැවැත්විණි.
තරගයේ කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.
ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 45 පන්දු 04 ක් තුළ සියලුම ක්‍රීඩකයින් දැවී ලබාගත හැකිවූයේ ලකුණු 188 ක් පමණි.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ පකිස්ථාන කණ්ඩායම පන්දුවාර 39 පන්දු 05 ක් තුළ කඩුලු 04 ක් දැවී ලකුණු 189 ක් රැස්කරමින් තරගයේ ජයග්‍රහණය හිමිකරගනු ලැබීය.
පකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් මිස්භා - උල් - හක් නොදැවී ලකුණු 72 ක් ද, උමාර් අක්මාල් ලකුණු 77 ක් ද හිමිකරගත්තේය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුරංග ලක්මාන් කඩුලු 02 ක් ද, සීකුගේ ප්‍රසන්න හා ෆර්වේස් මහරුෆ් එක් කඩුල්ල බැගින් ද දවාගැනීමට සමත්විය.
ආසියානු කුසලාන තරගාවලියේ මීළඟ තරගය ලෙස බංග්ලාදේශය හා ඉන්දියාව අතර තරගය හෙට(16) ඩකා නගරයේ දී පැවැත්වේ.
ආසියානු කුසලානයේ මේ දක්වා සහභාගි වූ තරග දෙකම ශ්‍රී ලංකාව පරාජයට පත්විය.
ඒ හේතුවෙන් බොහෝ දුරට ශ්‍රි ලංකා කණ්ඩායමට අවසන් තරගයට පිවිසීමේ අවස්ථාවට මග හැරීයාමට ඉඩ තිබේ.
ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ මූලික වටයේ ක්‍රීඩා කිරිමට ඇත්තේ තවත් එක් තරගයක් පමණි.