ඡායාරූපය - ජූඩ් ඩෙන්සිල් පතිරාජ
ඩයලොග් ආසිආටා සමාගමේ පූර්ණ අනුග්‍රහය ඇතිව රණවිරුවන්ගේ සැඟවුණු ගායන කුසලතාවන් ජාතික තලයට හඳුන්වා දුන් මෙරට ප්‍රේක්‍ෂකයන් අතර අතිශයින් ජනාදරයට පත්වෙමින් වැඩිම පිරිසක් නැරඹූ රූපවාහිනි රියෑලිටි වැඩසටහනක් වූ "රණවිරු රියල් ස්‌ටාර්"Êවැඩසටහනේ දෙවැනි අදියරේ අවසාන මහා තරගය 2012 ජුලි 06 වැනිදා ජාතික රූපවාහිනිය ඔස්‌සේ සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා තිබේ.
මෙම වැඩසටහන රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ සංකල්පයකට අනුව බිහි වූ අතර මිලියන 7.5 කට වැඩි ග්‍රාහක පිරිසක් සිටින මෙරට විශාලතම ජංගම දුරකතන ජාලය වන ඩයලොග් ආසිආටා පූර්ණ සවිබලය සහ ජාතික රූපවාහිනියේ සජීවීකරණ දායකත්වය ඇතිව, රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය එය සංවිධානය කරයි.
මෙය ලොව ප්‍රථම මිලිටරි රියෑලිටි වැඩසටහනයි.
එසේම රියෑලිටි වැඩසටහනක අවසාන මහා තරගයක් සඳහා ලැබුණු වැඩිම කෙටි පණිවුඩ ප්‍රමාණය අති සාර්ථක වූ "රණවිරු රියල් ස්‌ටාර්" පළමු අදියර සඳහා ලැබුණි. දෙවැනි අදියරේ මූලික තරගයද සජීවීව පටිගත කර ජාතික රූපවාහිනිය ඔස්‌සේ විකාශය කෙරුණු අතර ජුලි 06 වැනිදා පස්‌වරු 6.30 සිට දෙවන අදියරේ අවසාන මහා තරගය සජීවීව සුගතදාස ගෘහස්‌ත ක්‍රීඩාංගණයේ සිට විකාශය කෙරේ.
මෙම තරගාවලිය පිළිබඳව ජාතික ආරක්‍ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්‌ථානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ලක්‍ෂ්මන් හුළුගල්ලේ මහතා අදහස් දැක්‌වූයේ මෙලෙසිනි.
රණවිරු රියල් ස්‌ටාර් කියන්නේ ත්‍රිවිධ හමුදා විරුවන්ගේ සැඟවුණු කුසලතා එළිදැක්‌වීම සඳහා රාජ්‍ය ආරක්‍ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් හඳුන්වා දුන් සංකල්පයකි.
මෙවැනි විශිෂ්ට තරගාවලියක් සඳහා අනුග්‍රාහකත්වය දැක්‌වීමට ඩයලොග් ආසිආටා සමාගමත් තරගාවලිය විකාශය කරමින් නිල මාධ්‍ය පාර්ශ්වකරුවා ලෙස ජාතික රූපවාහිනියත් ඉදිරිපත් වීම ගැන ස්‌තූතිය පිරිනමනවා.
http://www.divaina.com/2012/07/06/velanda01.html