නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව මගින් දැනටමත් සම්පාදනය කර ඇති පනත් කෙටුම්පත අනුව මහා පරිමාණ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන ශ්‍රී ලංකා මහ බැංකුවේ ඍජු අධීක්ෂණයට හා පරීක්ෂණයට ලක් කෙරේ.
කුඩා ක්ෂුද්‍ර මුල්‍ය ආයතන ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කෙරුණු විගණන සමාගම්වල අධීක්ෂණයට හා පරීක්ෂණයට භාජනය වන අතර එකී ක්ෂුද්‍ර මුල්‍ය ආයතන සම්බන්ධයෙන් අවශ්‍ය නියාමන පියවරයන් ක්‍රියාත්මක කරවීම සඳහා එම විගණන සමාගම් විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත වාර්තා කෙරෙනු ඇත.
සමුපකාර හා කෘෂි ක්ෂේත්‍ර යටතට ගැනෙන ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතන අදාළ පනත් මගින් දැනටමත් බලාත්මක කර ඇති පරිදි එකී අධිකාරීන්ගේ නියාමනයට යටත් කෙරේ.
මෙයට අමතරව ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය යටතට අයත් ආයතන දිවි නැගුම සංවර්ධන පනතින් යෝජනා කර ඇති දෙපාර්තමේන්තුමය ව්‍යුහයේ නියාමනයට හා අධීක්ෂණයට යටත් කරන අතරතුර ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එකී ආයතන සඳහා කලින් කලට ප්‍රමිති සකසනු ඇතිබව රජය කියයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1976481046