ආයතනික ආයෝජකයන් මෙන්ම පුද්ගල ආයෝජකයන් සඳහාද ආකර්ශණීය ආයෝජන අවස්‌ථාවක් වන සම්පත් ණයකර නිකුතුව ප්‍රතිලාභ ලබා ගැනීමේ අවස්‌ථා 3 කින් සමන්විතය.
(A) ස්‌ථාවර පොලී අනුපාතය මාසිකව ගෙවීම 15% (ව. ස. පො. 16.08 %)
(ඊ) ස්‌ථාවර පොලී අනුපාතය වාර්ෂිකව ගෙවීම 16.5%
(C) පාවෙන පොලී අනුපාතය අර්ධ වාර්ෂිකව ගෙවීම 6 මාසික දළ භාණ්‌ඩාගාර බිල්පත් පොලී අනුපාතිකය Ý2%
එකක් රු. 100/} ක් වූ ණයකර 15,000,000 (2012/2017) ක් මෙම ණයකර නිකුතුව යටතේ නිකුත් කෙරෙන අතර ඉලක්‌කය ඉක්‌මවා යාමකදී තවත් ණයකර 10,000,000 ක් දක්‌වා නිකුත් කිරීමට සම්පත් බැංකුව අදහස් කරයි.
මේ සඳහා අවම ආයෝජනය රු. 10,000/- ක් (ණයකර 100 කට) වන අතර ඊට වැඩිවන ඉල්ලූමකදී රු. 5.000/- (ණයකර 50) ගුණාකාර වලින් තිsබිය යුතුවේ.
1987 දී ආරම්භ කළ සම්පත් බැංකුව මේ වන විට 209 කින් යුතු ශාඛා ජාලයකින් සමන්විත වේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාලගත Aඔඵ යන්ත්‍ර ජාලය (SEඔ) ඇතුළුව නව්‍ය බැංකු සේවාවන් රැසක් ශ්‍රී ලාංකීය බැංකු ක්‍ෂේත්‍රයට හඳුන්වා දුන් සම්පත් බැංකුව ආසියානු කලාපයේද ප්‍රථම වරට හඳුන්වා දුන් සේවාවන් රැසකි.
බැංකු සේවා පිළිබඳ මනා පළපුරුද්දක් හා දැනුමක් සහිත සාමාජික සාමාජිකාවන් 3335 කින් සමන්විත සම්පත් බැංකු කාර්ය මණ්‌ඩලය සම්පත් බැංකුවේ ප්‍රධාන ශක්‌තියයි. නවීන තාක්‌ෂණය හා සැබෑ ශ්‍රී ලාංකියත්වය එක් කළ අසමසම සේවාවන් ලබා දීමට ඔවුහු සැදී පැහැදී සිටිති.
2012 ජූනි 30 දිනට සම්පත් බැංකුවේ කොටස් ප්‍රාග්ධනය රු. මිලියන 3540.82 (කොටස් 162,444,303 සඳහා) කි.
2012 මුල් භාගය අවසන් වන විට බැංකුවේ පෙර බදු ලාභය රු. මිලියන 4150.6 ක් වූ අතර එය 2011 මුල් භාගයේ පෙර බදු ලාභයට සාපේක්‍ෂව 48% ක වර්ධනයකි. අදාළ කාල සීමාවට පසු බදු ලාභය 40.4% කින් වර්ධනය වී ඇත.
තවද 2012 පළමු භාගය සඳහා තැන්පතු වල 12.2% ක වර්ධනයක් පෙන්වූ සම්පත් බැංකුව 14.6% ක වත්කම් වර්ධනයක් වාර්තා කරයි. එය අදාළ කාලසීමාව සඳහා වෙළඳ පොළ වර්ධනය වූ 9.3% ක (තැන්පතු) 13.7% (වත්කම්) සමඟ සසඳන විට ඉහළ අගයක් ගනී.
2012 වසර සඳහා රැම් රේටිංස් ලංකා (RAඵ) වෙතින් AA (ස්‌ථාවර) තත්වය සම්පත් බැංකුවට නැවතත් තහවුරු කර ඇති අතර ඒ සඳහා වත්කම් වල ගුණාත්මකභාවය, විනිවිද භාවය, ප්‍රාග්ධන අවශ්‍යතාවන් සතුටුදායකව සපුරාලීම, අභ්‍යන්තර පාලන හා ක්‍රමවේද ආදි කරුණු සැලකිල්ලට ගෙන ඇත. තවද සමස්‌ත ණය වර්ගීකරණය සඳහා µsච් රේටිංස් ලංකා වෙතින් AA- (කන්) (ස්‌ථාවර) තත්ත්වය හිමිවී ඇත. එමෙන්ම 2012 උදරකා Fසබ්බජැ සඟරාව මඟින් හොඳම බැංකු සේවා සමූහය ලෙස සම්පත් බැංකුව පිදුම් ලැබීය.
සම්පත් බැංකුව සතුව 100% හිමිකාරිත්වය ඇති පාලිත සමාගම් 3 ක් ඇති අතර ඒවා පිළිවෙලින් එස්. සී. සෙකියුරිටීස් (පෞද්) සමාගම, සම්පත් ලීසිං ඇන්ඩ් µeක්‌ටරිං සමාගම හා සම්පත් ඉන්ෙµdමේෂන් ටෙක්‌නොලොජි සමාගම වේ. තවද සම්පත් සෙන්ටර් සමාගමේ 97.14% කොටස් සම්පත් බැංකුව සතුය. ඩොයිෂ් බැංකුව මෙම ණයකර නිකුතුවේ භාරකරු ලෙස කටයුතු කරන අතර කළමනාකරුවන් හා ලියාපදිංචිකරුවන් ලෙස කටයුතු කරන්නේ SSඡ ඤරචදර්එe Seරඩසජැs (ඡඩඑ) ඛඑdග ආයතනයයි.
සම්පත් බැංකු ණයකර නිකුතුවේ විස්‌තර ප්‍රකාශය හා අයදුම්පත් පහත සඳහන් ස්‌ථාන වලින් ලබා ගත හැක.
1) කොටස් තැරැව්කාර ආයතන.
2) සම්පත් බැංකු ශාඛා
3) අඅඅගිaපච්එයගකන වෙබ් අඩවිය.
මෙම අනගි අවස්‌ථාවෙන් උපරිම ඵල ලබා ගන්නා ලෙස සම්පත් බැංකුව ඔබට ආරාධනා කරයි.
http://www.divaina.com/2012/10/02/velanda01.html