අනුකූල නොවන සමාජ ශාලා ඉවත් කිරීමට පියවර
කාර්තුවකට රුපියල් මිලියන 500 ක පිරිවැටුමක් ඉක්මවන සුපිරි වෙළඳ සැල් හා ඉහළ මට්ටමේ වෙළඳ ව්‍යාපාර වලට ජාතිය ගොඩනැගීමේ සහ එකතු කළ අගය මත බදු පැනවීමට රජය සූදානම් වේ.
මේ බව 2013 අයවැය මගින් යෝජනා කර තිබෙන අතර සමාජයේ ඉහළ පරිභෝජන මට්ටම් වලට බදු ක්‍රමය යොමු කිරීමෙන් බදු පදනම පුළුල් වීමටත් බදුවල සමානාත්මතාවයක් ඇති කිරීමටත් මෙය හේතුවන බව සඳහන්.
මීට අමතරව, 2013 ජනවාරි සිට වාර්ෂික ව්‍යාපාර පිරිවැටුම රුපියල් මිලියන 12 කට අඩු ව්‍යාපාර සඳහා ජාතිය ගොඩනැගීමේ බද්ද හා එකතුකළ අගය මත බදු නිදහස් කර ඇත.
එසේම, රුපියල් මිලියන 10 කට වඩා ඉහළ පිරිවැටුමක් තිබෙන ව්‍යාපාර සමාගම් ආදායම් බදු වලට අමතරව එකතු කළ අගය මත බදු සහ ජාතිය ගොඩනැගීමේ බදු ආදායමෙන් සියයට 97 කට දායක වන බවත් මෙම සමාගම් කෙරෙහි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව බදු පරිපාලනයේ වැඩි අවධානයක් යොමුකර බදු විගණනය පුළුල් කිරීමට දෙපාර්තමේන්තුවේ ඇති ඉහළ බදු ලිපිගොනු එක් අංශයකට ඒකාබද්ධ කිරීමටත් යෝජනා කර තිබේ.
බදු ගෙවන්නන් දිරිගැන්වීමට වසර 10 ක් අඛණ්ඩව වසරකට අවම වශයෙන් රුපියල් 250,000 ක බදු ගෙවන්නන්ට වාහන සඳහා දෙනු ලබන බදු සහනය පුළුල් කිරීමට යෝජනා කරන බව සඳහන්.
ගුවන්තොටුපොළ ගාස්තු ඩොලර් 10 කින්ද, ඔන් ලයින් වීසා ගාස්තු ඩොලර් 05 කින්ද වැඩිකර ඇති අතර බදු සහන යටතේ ගෙන්වනු ලබන සියළු වාහන සඳහා බලපවත්නා බදු සියයට 10 ත් 20 ත් අතර ප්‍රතිශතයකින් වැඩිකර ඇත.
ඔට්ටු සඳහා දැනට වාර්ෂික ලියාපදිංචි ගාස්තුව රුපියල් මිලියන 02 ක් දක්වාත් සූදු සමාජ ශාලා සඳහා රුපියල් මිලියන 100 ක් දක්වාත් වැඩිකර තිබේ.
එසේම, සූදු සමාජ ශාලාවල දළ පිරිවැටුමට සියයට 05 ක් බද්දක් පනවා ඇති අතර මෙම ව්‍යාපාරවල ලාභය සඳහා සියයට 40 ක ඉහළ ආදායම් බද්ද ක්‍රියාත්මක වේ.
තෝරාගත් ස්ථාන වලට මේවා සීමා කිරීමටත් අදාළ නියාමන කොන්දේසි හා එම ව්‍යාපාර කළ යුතු අවම ආයෝජනය සහතික කිරීමටත් එවැනි ව්‍යාපාර මාස තුනක් ඇතුළත දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීමත් කළ යුතුවේ.
මේවාට අනුකූල නොවී කටයුතු කරන ආයතන සියල්ල ඉවත් කරන අතර විදේශීය රට වලින් ආනයනය කරන මත්පැන් හා ස්ප්‍රීතු සඳහා තීරු බදු සියයට 25 කින් වැඩිකර ඇත.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1616960069