අඟහාරුවාදා පැවති බැඳුම්කර වෙන්දේසියේදී පොලී අනුපාත පහත වැටී තිබෙන අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 45 ක් වටිනා බැඳුම්කර වෙන්දේසියේදී විකුණා ඇත.
මේ අනුව, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් රුපියල් බිලියන 10.3 ක් වටිනා වසර පහේ බැඳුම්කර විකුණා තිබෙන්නේ සියයට 10.74 ක පොලී අනුපාතයකටයි. මෙය පසුගිය වෙන්දේසියට වඩා පදනම් අංක 16 කින් අඩු පොලී ප්‍රමාණයකි.
කෙසේවෙතත්, ද්විතියික වෙළඳ පොළේදී මෙයට සමානව කල් පිරෙන බැඳුම්කරවල පොලී අනුපාතය සියයට 10.90/95 ක්වී තිබේ.
මේ අතර, 2021 මැයි 01 වනදා කල් පිරෙන වසර අටේ බැඳුම්කර පොලිය සියයට 11.44 ක් දක්වා අඩුවී තිබෙන අතර රජය මෙම බැඳුම්කර විකුණා මේ සතියේදී සොයාගත් මුදල රුපියල් බිලියන 25 කි.
ද්විතියික වෙළඳ පොළේදී මෙයට සමාන බැඳුම්කරයක පොලී අනුපාතය සියයට 11.50/70 ක්වී ඇත.
මේ අතර, 2028 අගෝස්තු 01 වනදා කල් පිරෙන වසර 15 බැඳුම්කර පොලිය මේ සතියේදී සියයට 12.21 ක් දක්වා පහත වැටුණි.
වෙළඳ පොළ ගනුදෙනු කරුවෙකු පැවසුවේ බැඳුම්කර සඳහා විදේශීය ඉල්ලුමක්ද තිබුණු බවයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1704592956