මේ අනුව, සමාගම ගෙවුණු දෙසැම්බර් කාර්තුවේදී ලබා තිබෙන ලාභය රුපියල් මිලියන 534 ක් වන අතර කොටසකට අදාළව ශත 32 ක ලාභයක් වාර්තා කර ඇත.
මේ අතර, දෙසැම්බර් වලින් අවසන් වන මාස 09 ක කාලයේදී සමාගමේ ලාභය සියයට 39 කින් අඩුවී රුපියල් බිලියන 2.0 ක්වී තිබෙන අතර කොටසකට අදාළව රුපියල් 1.24 ක ලාභයක් වාර්තා කර තිබේ.
2012 දෙසැම්බර් කාර්තුවේදී සමාගමේ පොලී ආදායම සියයට 18.0 කින් වැඩිවී රුපියල් බිලියන 4.2 ක් වෙද්දී පොලී වියදම සියයට 40 කින් වැඩිවී රුපියල් බිලියන 2.65 ක් දක්වා ඉහළ ගොස් ඇත. මේ අනුව, ශුද්ධ පොලී ආදායම සියයට 7.2 කින් රුපියල් බිලියන 1.57 ක් දක්වා අඩුවී තිබෙන බව නවතම ගිණුම් වලින් හෙළිවේ.
2012 වසරේදී මෙරට පොලී අනුපාතය ඉහළ ගිය අතර විනිමය අනුපාතය අව ප්‍රමාණය විය.
ගෙවුණු දෙසැම්බර් කාර්තුවේදී සමාගමේ ගාස්තු ආදායම සියයට 400 කින් ඉහළ ගොස් රුපියල් මිලියන 179 ක් වෙද්දී ඉස්ලාමීය මූල්‍යන කටයුතුවල ලාභය සියයට 74 කින් ඉහළ ගොස් රුපියල් මිලියන 199 ක්වී තිබේ.
මේ අතර, ණය සඳහා ප්‍රතිපාදන වෙන්කිරීම සියයට 220 කින් ඉහළ ගොස් රුපියල් මිලියන 411 ක්වී ඇත.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=243929790