ශ්‍රී ලංකාව හා ඇමරිකාව එකඟතාවක
කීර්ති වර්ණකුලසූරිය
උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට වසර 2016 තෙක් කල් දීමට එරට එකඟ වී ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්‌සේ "ඉරිදා දිවයින සංග්‍රහය" ට වාර්තා විය.
ජිනීවා සමුළුවට ශ්‍රී ලංකා දූත පිරිස පිටත්ව යැමට පෙර අමරිකානු රජයේ හා ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් අතර පැවැති සාකච්ඡාවකදී කාලසීමාව අවසන් වනතෙක් ශ්‍රී ලංකාවට එරෙහිව ආරක්‍ෂක මණ්‌ඩලය හරහා සම්බාධක පැනවීම හෝ එවැනි වෙනත් යෝජනාවක් ඉදිරිපත් නොකිරීමට ද ඇමරිකාව එකඟ වූ බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර උගත් පාඩම් කොමිසමේ නිර්දේශ සහ අනෙකුත් ක්‍රියාවට නැංවිය හැකි යෝජනා සලකා බලා ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා ලබන 21 වැනි දිනෙන් පසු පොදු වැඩපිළිවෙළකට අවතීර්ණ වීමට රජය සැලසුම් කර ඇත.
2016 වසර වනතෙක් මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම හා එහි ප්‍රගතිය සම්බන්ධව වසරෙන් වසර ප්‍රගති සමාලෝචනයක් සිදුකිරීම සඳහා ඇමරිකාවට අවස්‌ථාව ලබාදීමට රජය එකඟ වී ඇතැයි ද ඉහත ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර ශ්‍රී ලංකාවට එරෙහිව මාර්තු 21 වැනිදා ජිනීවා මානව හිමිකම් සමුළුව හමුවට ඉදිරිපත් කෙරෙන ඇමරිකානු යෝජනාව සඳහා කොටි ඩයස්‌පෝරාව ද රාජ්‍ය නොවන සංවිධාන හා බටහිර රටවල් යන ත්‍රි පාර්ශ්වය එක්‌වී ඇත.
මේ යෝජනාව තුළින් ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ සිදුකර ඇති බවට චෝදනා කරමින් ජාත්‍යන්තර යාන්ත්‍රණයක් ස්‌ථාපිත කර විමර්ශනය කිරීමට සැලසුම් වී තිබේ.
එහෙත් ස්‌විස් ජාත්‍යන්තර යාන්ත්‍රණයක් පිහිටුවා විමර්ශන කණ්‌ඩායමක් ශ්‍රී ලංකාවට යෑවීම තමන්ට ද යම් දිනෙක පාරාවළල්ලක් වීමට ඉඩ ඇති නිසා ඉන්දීය රජය මෙතෙක් තම තීරණය හෙළිකර නැත.
මේ වන විට හෙළි වී ඇති අන්දමට දෙස් විදෙස් රාජ්‍ය නොවන සංවිධාන 46 ක් තමිල්නාඩුවේ කොටි හිතවාදී දේශපාලකයන් නොවී ඩයස්‌පෝරාවට සම්බන්ධ සංවිධාන 8 ක් විදේශ මාධ්‍ය පාර්ශ්ව 23 ක් හා විදේශ රටවල් හතරක දේශපාලනඥයන් 6 ක් ශ්‍රී ලංකාවට එරෙහි මෙම යෝජනාවට සහය දක්‌වයි.
මේ ඇමරිකානු යෝජනාව සම්බන්ධව විදේශ තානාපතිවරු හමුවේ සාවද්‍ය තොරතුරු හෙළිකිරීම සඳහා මියගිය ද්‍රවිඩයන්ගේ ඥතීහු යයි දන්වමින් 25 කගෙන් යුත් පිරිසක් ද ජිනීවා වෙත පැමිණ ඇත.
මීට අමතරව ද්‍රවිඩ සංවිධානයේ ශ්‍රීධරන්, සෙල්වම් අඩෙයිකලනාදන් සහ අරියනේන්ද්‍රන් ද ජිනීවා වෙත පැමිණ තානාපතිවරු හමුවීමට සැලසුම් කර ඇතැයි ආරංචි මාර්ග පවසයි.
මේ සම්බන්ධයෙන් ජිනීවාහි කොටි විරෝධී ද්‍රවිඩ ආරංචි මාර්ග සැපයුවේ ජිනීවා වෙත පැමිණි කොටි ඩයස්‌පෝරාව අත දිගහැර ඩොලර් සහ යුරෝ වියදම් කරන බවයි.
මේ අතර ශ්‍රී ලංකාවට එරෙහි ඇමරිකානු යෝජනාව මාර්තු 21 වැනිදා ඉදිරිපත් වී එදින සවස ඡන්ද විමසීම පැවැත්වේ.
මෙම යෝජනාව ගැන ශ්‍රී ලංකා රජය දැඩි විරෝධය දක්‌වමින් එය මුළුමනින්ම ප්‍රතික්‍ෂේප කර ඇත.
http://www.divaina.com/2013/03/03/news03.html