ජර්මනියේ AMG Mining AG සමාගමට අනුබද්ධ බෝගල ග්‍රැෆයිට් ලංකා සමාගම පවසා තිබෙන්නේ සිය මව් සමාගමෙන් අලෙවිකරණ සහාය තිබුණත් සමාගම මේ වනවිට විශාල තරගයකට මුහුණ දී තිබෙන බවයි.
සමාගමේ ආදායම 2012 දෙසැම්බර් මාසයෙන් අවසන් වන මුදල් වසරේදී සියයට 39 කින් වර්ධනය වී රුපියල් මිලියන 556 ක්වී තිබෙන අතර මෙයින් කොටසක් සඳහා රුපියල අව ප්‍රමාණය වීමෙන් දායකත්වය ලැබී තිබේ.
කෙසේවෙතත්, මෙම මුදල් වසරේදී සමාගමේ ලාභය රුපියල් මිලියන 31 ක් ලෙස ඊට ඉහත මුදල් වසරට සාපේක්ෂව වෙනස් නොවී ඇත.
බෝගල ග්‍රැෆයිට් සමාගම විසින් පවසා තිබෙන්නේ විදේශ මුදල් ණය වලින් සමාගමට රුපියල් මිලියන 31 ක පාඩුවක් මෙම කාලයේදී සිදුවී තිබෙන බවයි.
ශ්‍රී ලංකාව තුළ හා කළාපය තුළින් මතුව තිබෙන දැඩි තරගකාරීත්වය නිසා අනාගතය අභියෝගාත්මක බව සමාගමේ සභාපති, විජය මලලසේකර මහතා සිය වාර්ෂික වාර්තාවෙන් සිය කොටස්කරුවන්ට දැනුම් දී තිබේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=610394784