ශ්‍රී ලංකාවට ආයෝජන අද්දවා ගැනීම සඳහා මෙරට මූල්‍ය අංශයේ හා ලයිස්තුගත සමාගම්වල නියෝජිත පිරිසක් හොංකොං ආයෝජකයින් සමග සාකච්ඡා කිරීමට සූදානම් වේ.
මේ අනුව, මෙම එක්දින සමුළුව හොංකොං හි, ෂැන්ග්‍රි-ලා හෝටලයේදී කොළඹ කොටස් වෙළඳ පොළ සහ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව එක්ව අද පවත්වන අතර ඒ සඳහා 100 කට වැඩි ආයෝජකයින් පිරිසක් පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වේ.
මෙහිදී, ශ්‍රී ලංකා මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපති නාලක ගොඩහේවා, කොළඹ කොටස් වෙළඳ පොළේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර යන අය දේශන සිදුකිරීමට නියමිතය. මේ වසරේ මේ දක්වා කොළඹ කොටස් වෙළඳ පොළට විදේශීය ශුද්ධ ආයෝජන ලෙස රුපියල් බිලියන 18 ක පමණ මුදලක් පැමිණ තිබෙන අතර විදේශීය ආයෝජක ක්‍රියාකාරීත්වය සියයට 25 ක සිට සියයට 38 ක් දක්වා වැඩිවී තිබේ.
මෙම සමුළුව සඳහා John Keells Holdings, Commercial Bank of Ceylon, DFCC Bank, Distilleries, Nations Trust Bank, Dialog Axiata, Hayley , Ceylinco Insurance, Access Engineering, People s Leasing & Finance, Tokyo Cement Company (Lanka) යන සමාගම්වල නියෝජිතයින් සහභාගී වේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1210346648