මේ 2014 වසරේ මාර්තු 08 දා සිට 2018 මාර්තු 07 දක්වා වන සිවි අවුරුදු කාලයක් සදහා මෙම ක්‍රොන්ත්‍රාත්තුව බලපැවෙත්වෙන බවත් සදහන්ය.
ජෝන් කීල්ස් සමාගම පසුගියදා කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත නිවේදනය කළේ අදාල ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කළ බවයි.
මෙම ඉදි කිරිමේ ක්‍රොන්ත්‍රාත්තුවේ මුළු වටිනාකම ඩොලර් මිලියන 522 ක් බව කලින් නිවේදනය වු අතර එයින් සියයට 10 ක අයිතිය ශ්‍රී ලංකාවේ නවලෝක ඉදිකිරිම් සමාගමට හිමි බවද එවකට නිවේදනය විය.
මේ අනුව මෙම ඉදිකිරිම් කටයුත්තේ Hyundai E&C ට සියයට 65 ක් හෙවත් ඩොලර් මිලියන 339 ක අයිතියකුත් එහි දකුණු කොරියානු හවුල් කරුවන Keangnam Enterprises ට සියයට 25 ක් හෙවත් ඩොලර් මිලියන 130 ක අයිතියකුත් සෙසු සියයට 10 නවලෝකත් සතු වේ.