රුවන් සිල්වා සතු British American Technologies (Private) Limited (BAT) සන්තකයේ තිබු PC PHARMA PLC(PCP.N0000) හි කොටස් මිලියන 16.2 ක් හෙවත් සියයට 16.05 ක අයිතිය ඇතුළුව PC Pharma හි 25.71% ක කොටස් හිමිකම ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් ලයිස්තුගත සමාගම විසින් මිලදීගෙන ඇතැයි අද නිවේදනය විය.
රුපියල් 1.20 සිට රුපියල් 1.50 ක් දක්වා වූ මිලකට මෙම මිළදි ගැනිම් සිදු කර ඇත.
මේ වන විට කොළඹ බම්බලපිටිය යුනිටි ප්ලාසා ගොඩනැගිල්ලේ ව්‍යාපාර පවත්වා ගෙන යන මොහොමඩ් රිෂාන් නම් පී.සී හවුස් සමුහ ව්‍යාපාරයේ මුලාරම්භකයා සතුව තිබු PCH HOLDINGS PLC(PCHH.N0000) , PC PHARMA PLC(PCP.N0000) සහ PC HOUSE PLC(PCH.N0000) හි තීරණාත්මක බලයක් මේ වන විට යුනිටි ප්ලාසා ගොඩනැගිල්ලේ හිමිකාර පාර්ශ්වයක් වන ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම විසින් නතු කර ගෙන ඇත.
මේ අතරේ අද දිනයේ ගනු-දෙනු වලින් සියයට 49 ක දායකත්වය විදේශ් ගැණුම්කරුවන් විසින් ලබා දි තිබිණි.
කොළඹ කොටස් වෙළෙඳ පොළ සියළු කොටස් මිළ දර්ශකය අද දිනයේ ඒකක 10.68 කින් ඉහළ යමින් ඒකක 6321.55 ක් වු අතරේ S&P 500 දර්ශකයේ අගය ඒකක 5.43 කින් ඉහළ යමින් ඒකක 3501.55 ක් විය.
දිනයේ ගිවිසගත් ගනු-දෙනු 04 ක් වාර්තා කරමින් පිරිවැටුම රුපියල් මිලියන 705 ඉක්ම විය.
ගිවිසගත් ගනු-දෙනු අතරේ ජෝන් කීල්ස් කොටස් 595,474 කොටසක් රුපියල් 223 බැගින්ද,ඇක්ම් ප්‍රින්ටර්ස් කොටසක් රුපියල් 17.40 බැගින් කොටස් මිලියන 1.9 ක්ද විය.
ජෝන් කීල්ස් සාමාන්‍ය පුවරුවේ කොටස් 503,528 හුවමාරු වෙම්න් පිරිවැටුමට රුපියල් මිලියන 112 ක දායකත්වය ලබා දිණි.ඒ සමගින් දිනයේ ජෝන් කීල්ස් දායකත්වය රුපියල් මිලියන 244 ක් විය.මෙහිදි මහ පරිමාණ හා ආයතනගත ආයෝජකයින් සක්‍රිය වි ඇත.
ජෝන් කිල්ස් අද රුපියල් 223-224ක අගය පරාශයක ගනුදෙනු විය.