රට ම රොද බඳින රන්භූමි රැළිය මඩු නගරයටRead more:- http://goo.gl/6WA3Mm
Posted by Newsfirst.lk on Friday, May 8, 2015
ෆොන්සේකා ජනපති වූවා නම් ඇමෙරිකානු න්‍යාය පත්‍රය මේකයි (පහල), දැන් අපි කල්පනා කරමු 2015 ජනවාරි 8 දින සිට 'මෛත්‍රිපාල' ජනපති වූ පසු ඇති වූ ශ්‍රී ලංකාවට බලපාන 'ඇමෙරිකානු දේශපාලන න්‍යාය පත්‍රය'... පොඩ්ඩක් බුද්ධියෙන් විචක්ෂනව සිතා බලන්න (පහිලින් ම දැක්විය හැක)
රොබට් ඕ බ්ලේක්ගේ, සරත් ෆොන්සේකා ජනාධිපති කරවීමේ සැලැස්ම සහ එය ක්‍රියාත්මක වූයේ නම් සිදුවිය හැකිවතිබූ සිද්ධි දාමයේ අනුපිලිවෙල.
1. ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට පොළඹවා ගැනීම.
2. රවීන්ද්‍රන් කරුනානායගම් හා අනුර කුමාර දිසානායක මගින්, ජවිපෙ සහය ෆොන්සේකාට ලබාදීම.
3. ජනාධිපති පුටුව පෙන්වා, ෆොන්සේකා ලවා කොටි නායකයින්ට මුහුදු මාර්ගයෙන් පලා යාමට සැලැස්වීමට රොබර්ට් ඕ බ්ලේක් උත්සහාකිරීම. නමුත් ෆොන්සේකා උපක්‍රමිකව, එය මගහැරීමට චීන සංචාරයක් යොදා ගැනීම.
4. ෆොන්සේකාට සහාය දෙනවාද නැද්ද යන්න පිළිබඳ, ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාව තුල සහ ප්‍රධාන පෙලේ නායකයින් අතර දීර්ඝ සාකච්ඡාවාර කිහිපයක් පැවැත්වීම.
5. ජවිපෙ නායකත්වය තුල සිටින, කුමාරන් ගුනරත්නම් ඇතුලු ඉන්දියානු රෝ සංවිධානයට ඔත්තු සපයන්නන් මගින්; ෆොන්සේකාගේ සහ බ්ලේක්ගේ සැලසුම් පිළිබඳ ඉන්දීය රජය දැනුවත් වීම.
6. ඉන්දීය රජය මේසම්බන්ධව තොරතුරු සීමිත ප්‍රමාණයක් ශ්‍රී ලංකා රජය වෙත දැනුම් දීම.
7.ෆොන්සේකා හමුදාපතිදූරයෙන් ඉවත්කර, ජෙනරාල් ධූරයට උසස්කර, බලතල අඩු, නමුත් නිලයෙන් සහ තත්වයෙන් උසස්, “ත්‍රිවිධ හමුදා ඒකාබද්ධ අනදෙන නිළධාරී” තනතුරට පත් කිරීම සහ ඔහුගේ ක්‍රියාකාරකම් ගැන විමසිලිමත් වීම.
8. ෆොන්සෙකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම.
සැලැස්මේ ඉතිරි කොටස ක්‍රියාත්මක වූයේ නම් සිදුවන දෙය.
9. ෆොන්සේකා ජනාධිපතිපතිවරණය ජයග්‍රහනය කර, ජනාධිපතිලෙස පත්වීම.
10. ඉන් පසු මහ මැතිවරණයක් පවත්වා එය කෙසේ හෝ ජයග්‍රහණය කරවීම. (මෙම සන්ධානය තුල එජාප, දෙමල සංධාන සහ ජේවීපියට ආසන විශාල ප්‍රමානයක් ලබාදී ෆොන්සේකාගේ හමුදා හිතවතුන්ට අඩු ආසන ප්‍රමානයක් ලැබීමට සැලැස්වීම.)
11. උතුරු සහ නැගෙනහිර පලාත් දෙක එකතුකර, එම පලාත් සභාවට ඉඩම් සහ පොලිස් බලතල ලබාදෙන ලෙස, දෙමල සන්ධානය සහ රොබර්ට් ඕ බ්ලේක් විසින් ෆොන්සේකාට බල කිරීම.
12. ෆොන්සේකා එම බලතල දීම ප්‍රතික්ෂේප කිරීම.
13. දෙමල සංධානය ෆොන්සේකාගේ සංධානයෙන් ඉවත් වීම.
14. ෆොන්සේකාට විරුද්ධ යුධ අපරාධ චෝදනා කරලියට ගෙන ඒම.
15. මහාරාජාගේ සිරස, ෆොන්සේකාගේ ආන්ඩුවට ලබාදෙන සහ යෝගය ඉවත්කර ගැනීම සහ විපක්ෂයට සහයෝගය දීම.
16. ෆොන්සේකාගේ විරුද්ධවදීන් සිරස මාධ්‍ය සාකච්ඡාවලට පැමිණ ෆොන්සේකාගේ පරන ජරා වැඩ හෙලිදරවු කිරීම.
17. ලක්ෂ්මන් කිරීල්ල, ජයලත් ජවර්ධන, හරීන් ෆර්නැන්ඩු සහ ශිරාල් ලක්තිලක වැනි අය ෆොන්සේකාගේ ආන්ඩුව තුල සිටිමින්ම ඔහුව විවේචනය කිරීම.
18. මෙතෙක් කල් නිශ්ෂබ්ධව සිටි ෆොන්සේකා කුපිතවී තමුන්ගේ විරුද්ධවාදීන් කීපදෙනෙකු පරලොව යවා ඉතිරි අයට අමතක නොවන පාඩමක් ඉගැන්වීම.
19. ෆොන්සේකාට විරුද්ධව මහජන උද්ඝෝශන පටන් ගැන්ම සහ ඒවාට සිදුවන වෙඩි තබීම් නිසා කිහිප දෙනෙකු මිය යාම.
20. මහජන උද්ඝෝෂණ වලට වෙඩිතැබුව හොත් බරපතල ප්‍රති විපාකවලට මුහුන දීමට සිදුවන බවට ඇමරිකාවවිසින් ෆොන්සේකාට අනතුරු හැඟවීම.
21. ශ්‍රී ලංකාවට එරෙහිව යුධ අපරාධ චෝදනා ජිනීවා මානව හිමිකම් සමුලුවට ගේන ඒම.
22. ෆොන්සේකාට විරුද්ධව මහජන කැළඹිලි ඉතා දරුණු මුහුනුවරක් ගැනීම. ෆොන්සේකාගේ විරුද්ධවාදීන්ට ඇමරිකාව විසින් රහසේ ආධාරකිරීම.
23. ෆොන්සේකාට විරුද්ධව දෝෂාභියෝගයක්, විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ගෙන ඒම. ආන්ඩු පක්ෂයත් (එජාපය ප්‍රමුක සංධානය) එයට සහයදීම.
24. මොන තර්ජන ආවත් තමන් බලය අත නොහරිනබවට ෆොන්සේකා තර්ජනය කිරීම.
25. ලසන්ත වික්‍රමතුන්ග ඝාතනයට විරුද්ධව ඇමරිකානු අධිකරණයක ෆොන්සේකාට එරෙහිව නඩු පැවරීම.
26. වහාම බලය අතහරින ලෙස ඇමරිකාව විසින් ෆොන්සේකාට දැන්වීම. එසේ කරන්නේ නම් ඇමරිකාව තුල දේශපාලන රැකවරන ලබාදෙන බවට ඇමරිකාව විසින් ෆොන්සේකාට රහසේ දැන්වීම.
27. නෝර්වේ ප්‍රමුක බටහිර රටවල් විසින් කොටින්ට ලබාදෙන අධාර උපකාර වැඩිකිරීම.
28. කොටි නැවතත් අපරාධ එක දෙක සිදු කිරීමට පටන් ගැන්ම.
29. ෆොන්සේකා බලය අතහැර ඇමරිකාවට පැන යාම.
30. ෆොන්සේකාට විරුද්ධව ඇමරිකාවේ පනවා ඇති නඩුව ඉල්ලා අස්කර ගැනීම.
31. සභාග රජයක් පිහිටුවීම සඳහා දේශපාලන පක්ෂ අතර සාකච්ඡා ඇතිවීම. පැට්‍රිෂියා බුටානිස් එම සාකච්ඡා සඳහා පහසුකම් සැපයීම.
32. කොටි නැවත සන්නද්ධ වීම ආරම්භ වීම සහ අපරාධ සිදුකිරීමට පටන් ගැන්ම.
33. රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුතු, දුර්වල සභාග ආන්ඩුවක් ශ්‍රීලංකාව තුල බලයට ඒම.
34. කෙලී මහාරාජාට අළුත් ආන්ඩුවේ ඇමති ධූරයක් හිමිවීම, අනුර කුමාර දිසානායක එක්සත් ජාතික පක්ෂයට එකතුවීම සහ ජන අරගල කන්ඩායම නව රජයට සහාය පලකිරීම. කුමාර් ගුනරත්නම් නැවත ශ්‍රී ලංකාවට පැමිණීම.
35. සිරස නැවත ආන්ඩු පක්ෂයට සහයෝගය දීම.
36.”දේශ මාන්‍ය” ලලිත් කොතලාවල කෙටි අසනීපතත්වලකින් පසුව මියයාම.
37. ජාතීන් අතර සංහිඳියාවක් ඇතිකිරීම වෙනුවෙන් සිදුකල මාධ්‍ය මෙහෙවර උදෙසා; කෙලී මහාරාජා “දේශ මාන්‍ය” සම්මානයෙන් පිදුම් ලැබීම.
38. පාක්‍යසෝති සරවන මුත්තු, නිමල්කා ෆනෑන්ඩු, සුනිලා අබේසේකර, වික්‍රමබාහු කරුනාරත්න, කුමාර් රූපසිංහ, ටෙරන්ස් පුරසිංහ, සුනන්ද දෙශප්‍රිය, භාෂන අබේවික්‍රම යන අයට දේශ බන්ධු සම්මානය හිමිවීම.
39. රනිල්ගේ සභාග ආන්ඩුව, උතුරු හා නැගෙනහිර පලාත් ඒකබද්ධ කර ඉඩම් සහ පොලිස් බලතල පැවරීම.
40. බලය බෙදා හැරීම සහ සුළු ජනකොටස් සමග සමගියෙන් කටයුතු කිරීමට, ශ්‍රී ලංකා ලංකා රජයේ ඇති කැපවීම අන් රටවලට ආදර්ශයක් බව ඇමරිකාව විසින් පැවසීම.
41. ඇමරිකානු රජයේ සුභපැතුම ශ්රී ලංකා රජයට පිරිනැමීමට රොබට් ඕ බ්ලේක් ශ්රී ලංකාවට පැමිනීම.
42. රොබර්ට් ඕ බ්ලෙක් පිලිගැනීම සඳහා, ලක් රජය නියෝජනය කරමින්, රනිල් වික්රමසිංහ, ජයලත් ජයවර්ධන, හරීන් ෆනෑන්ඩු, ශිරාල් ලක්තිලක, ලක්ෂ්මන් කිරි ඇල්ල යන රජයේ මන්ත්රී වරුද, විරුද්ධ පක්ෂය නියෝජනය කරමින් ඩිලාන් පෙරේරා මන්ත්රීවරයාද ගුවන් තොටුපල වෙත යෑම.