සංචාරක ව්‍යාපාර විශිෂ්ටයන්ට සම්මාන
අනුෂා ගුරුසිංහ
ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය වසරක් පාසා විශිෂ්ට ඇගයීමට ලක් කෙරෙන ශ්‍රී ලංකා සංචාරක සම්මාන උළෙල පසුගියදා බත්තරමුල්ල වෝටර්ස් එඩ්ජ් හෝටලයේදී පැවැත්විණි. ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙවර පැවැත් වූයේ ශ්‍රී ලංකා සංචාරක සම්මාන උළෙලේ හතර වැන්නය. 30 වසරක යුද්ධයක අවසානයේ මේ වන විට ශ්‍රී ලංකාව කලාපයේ ඉහළම සංචාරක වර්ධනය අත්පත් කර ගෙන තිබෙන බව වාර්තා වේ. ඒ අනුව ආසියානු කලාපයේ සංචාරක වර්ධනය 13% වන විට ශ්‍රී ලංකවේ එය 43% වර්ධනයක් ලෙස වර්තා වී තිබේ. ඒ හේතුව මත සංචාරක කර්මාන්තයට සම්බන්ධ හා එයට උනන්දු වන කොටස් මෙරට තුළ වැඩි වශයෙන් ආයෝජනය කිරීමටත් ඒ සඳහා වැඩි දායකත්වයක් දැක්වීමටත් පෙළඹී තිබේ. මේ වසරේ සංචාරක සම්මාන උළෙල සම්ප්‍රදායික අංග තුළින් ඔබ්බට ගොස් විශේෂ වූ නිෂ්පාදන හා සේවා ඇගයීමට ලක්වීම විශේෂත්වයකි.
ශ්‍රී ලංකාවේ විවේකීව ගත කළ හැකි සුදුසුම ස්ථානය ලෙස මෙවර සංචාරක සම්මාන උළෙලේදී සම්මාන ලැබූ පින්නවල අලි අනාථාගාරය. එහි සිටින අලියකු සංචාරකයෙකුගේ සුරතලයට ලක්වන අයුරු.
මේ තුළින් සංචාරක කර්මාන්තයේ විශ්ෂ්ටත්වය අගයමින් ඒ සඳහා වන සේවා සැපයීම් දිරිමත් කිරීමට හා දියුණු කිරීමට හැකි වෙන බව අපේක්ෂිතය. මෙවර පින්නවල අලි අනාථාගාරය වසරේ විවේකිව ගත කළ හැකි ආකර්ෂනියම ස්ථාන ලෙස විශේෂ සම්මානයෙන් පිදුම් ලැබීය. සිනමන් ලේක සයිඩ්, කොළඹ හෙරිටන්ස්, අහුන්ගල්ල හෙරිටන්ස් ටී ෆැක්ටරි නුවරඑළිය, ෆාම් ගාඩ්න් විලේජ් අනුරාධපුරය, සෙරීන් පැපිලියන් වාද්දුව, පැරඩයිස් රෝඩ්, දවිලා බෙන්තොට, බාබේරියන් රීෆ් වැලිගම, ඇල්ල ඇඩ්වෙන්චර් පාර්ක්, හෙරිටන්ස් කණ්ඩලම, ගෝල්ෆේස් හෝටලය, සිනමන් ග්‍රෑන්ඩ් නුගගම, සී.අයි.සී. ඇගි‍්‍ර හොලිඩේ රිසෝට් හිඟුරක්ගොඩ සහ ද ගැලරි කැෆ් යන සංචාරක හෝටල් ශ්‍රී ලංකාවේ නිවාඩු ගත කිරීමට සුදුසු ස්ථාන සේ සම්මාන ලබා ගත්තේය.
ඒ සමඟම 2010 වසරේ සංචාරක කර්මාන්තයේ විශේෂ කාර්ය සාධනය සම්බන්ධයෙන් දැඩි උනන්දුවකින් යුතුව ක්‍රියාකළ වෝකර්ස් ටුවර්ස්, ඒෂියන් ඇඩ්වෙන්චර්ස්, ශ්‍රී ලංකා හොලිඩේස්, ශ්‍රී ලන්කන් එයාලයින්ස් සහ සංචාරක ආයතනද විශේෂ ඇගයීමකට ලක් වී සම්මාන ලැබීය. බත්තරමුල්ල වෝටර්ස් එඩ්ජ් හෝටලය වසරේ විශිෂ්ටතම සම්මන්ත්‍රණ හා ප්‍රදර්ශන මධ්‍යස්ථානය ලෙස එහිදී සම්මාන ලැබීය. සංචාරක කර්මාන්තයේ මාධ්‍ය දායකත්වය උදෙසා අලෙවි සන්නිවේදන යන අංශයෙන් ආර්ට් ටීවී, නෙත් එෆ්. එම්. ශ්‍රී ලංකා පොකට් ගයිඩ්, සෙරන්ඩිබ් මැගසින් යන මාධ්‍ය ආයතන සම්මාන හිමි කර ගත්තේය. එම අංශය යටතේම වෝකර්ස් ටුවර්ස්, මවුන්ට් ලැවිනියා හෝටලය සහ එකෝ ටීම් යන ආයතනයද විශිෂ්ට සම්මාන ලැබීය. හොඳම ප්‍රාදේශීය සංචාරක ව්‍යාපෘතිය වෙනුවෙන් වයඹ සංවර්ධන අධිකාරියද මෙම උළෙලේදී ඇගයිනි. සංචාරක, අධ්‍යාපන හා පුහුණු ප්‍රයත්නයන් වෙනුවෙන් ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමනාකරණ ආයතනය සම්මානයෙන් පිදුම් ලැබීය.
http://www.dinamina.lk