‘‘මෙහි පැමිණ සිටින්නේ ඉතා තීරණාත්මක අවස්ථාවක බව කිව යුතුයි. ශ‍්‍රී ලංකාව සහ එහි ජනතාවට ඇමරිකාවේ සහාය යළි සහතික කිරීම එහි එක් අරමුණක්. ශ‍්‍රී ලංකාව ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීමෙන් සහ යහපාලනය අතින් ඉදිරියට පැමිණ තිබෙනවා. රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සමඟ පසුගිය මැයි මාසයේ මා ශ‍්‍රී ලංකාවට පැමිණියා. ඉන් අනතුරුව අපට දැක ගත හැකි වර්ධනයක් වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරුවීම පමණක් නොව මෙරට දූෂණය තුරන් කිරීම සඳහා වැදගත් පියවර රැසක් ගෙන ඇති බවයි. සංහිදියාව ප‍්‍රවර්ධනය කිරීම සඳහා ද ශ‍්‍රී ලංකාව කටයුතු කරමින් සිටිනවා. දුෂ්කර, දීර්ඝ මාවතක් ඔස්සේ ගමන් කරන ශ‍්‍රී ලංකාවට ඇමරිකාවේ සහාය අඛණ්ඩව හිමි වන බව සහතික වශයෙන් කිව යුතුයි.’’
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නීශා බිස්වාල් අද අලූයම ශ‍්‍රී ලංකාවට පැමිණියේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ මානව හිමිකම් කටයුතු පිළිබඳ සහකාර ලේකම් ටී. මැලිනොව්ස්කි ද සමඟයි.
ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නීශා බිස්වාල් සමඟ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, ශ‍්‍රී ලංකාව සහ ඇමරිකාව අතර විවිධ ක්ෂේත‍්‍රයන්හි ද්වි පාර්ශවික සබඳතා ශක්තිමත් කරලීමේ වැදගත්කම පැහැදිලි කළා.
‘‘මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරමින් නීතියේ ආධිපත්‍යය සහතික කිරීමට ශ‍්‍රී ලංකාව කටයුතු කර තිබෙනවා. යහපාලනය සහ මානව හිමිකම් අතින් අප ලබා සිටින්නේ සැලකිය යුතු ප‍්‍රගතියක්. ආර්ථිකය ශක්තිමත් කරලීම සඳහා ඇමරිකාවේ සහාය අපට තවදුරටත් අවශ්‍යයි. ඇමරිකාව, ශ‍්‍රී ලංකාවේ විශාලතම වෙළඳ ගනුදෙනුකරුවීම ඊට එක් හේතුවක්. ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය සමඟ පැවැත්වූ සාකච්ඡාව, රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සමඟ මීට පෙර අප සාකච්ඡා කළ කරුණුවල දිගුවක් බව පැවසිය හැකියි.’’
දේශීය පරීක්ෂණ යාන්ත‍්‍රණයක් තුළින් ශ‍්‍රී ලංකාවේ වගවීමේ කි‍්‍රයාවලිය තහවුරු කරන බවයි විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර එහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.
එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම් නීශා බිස්වාල් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන, අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ විදේශ කටයුතු අමාත්‍යවරයා ද අද පස්වරුවේ මුණගැසීමට නියමිතයි