මේ අනුව ,එහි හිටපු ප්‍රධාන විධායක හා කාර්ගිල්ස් බැංකුවේ ආරම්භක ප්‍රධාන විධායක හා දැන් සොෆ්ටිලෝජික් සමුහයේ අධ්‍යක්ෂ ධුරයක් දරණ හරිස් ප්‍රේමරත්න බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට ගෙන විත් සභාපති ධුරය සදහා පත් කිරිමට දැනට අදහස් කර ඇති බවද සදහන්ය.
බැංකුවේ වසර 09 ක අඛණ්ඩ සේවා කාලයක් සපුරා වත්මන් සභාපති ධම්මික පෙරේරා මහතා මහ බැංකු නියමය අනුව බැංකුවේ සේවයෙන් ලබන අගෝස්තු මස විශ්‍රාම යා යුතුව ඇත.
වත්මන් ප්‍රධාන විධායක අරවින්ද පෙරේරා මහතාද මේ වන විට සේවා දිගුවක් මත කටයුතු කරන අතර ඔහුගේ මෙම සේවා දිගුව අවසන් වු වහා නව ප්‍රධාන විධාකයෙකු බැංකුවෙන් පිටතින් බදවා ගැනිමට මේ වන විට සම්මුඛ පරික්ෂණ පවා පවත්වා ඇති බව මෙම ආරංචි මාර්ග කියයි