මේ වන විට ලංකාවෙ ගැමි ජනතාව කරවටක් ණය උගුලක හිරවී ඇති බව අද පළවූ ප්‍රවෘත්තියකින් හෙලිවේ.
මෙය සත්‍යයක් බව ගමේ තත්ත්වය ගැන දන්නා අය පවසති.
ලංකාවේ සියලූම ෆිනෑන්ස් සමාගම් හවුල් ණය ක්‍රමය යටතේ සල්ලි බෙදීමේ උත්සාහය පසුගිය වසර 2-3 තුල උත්සන්න කළ අතර මෙම ණය ලබාදීමේ ක්‍රමය අනුව දේපල ඇප බැඳීමක් සිදු නොවේ.
හිතවතුන් 5 දෙනෙක් එකතු වූ විට එකි නෙකා ගේ ණය ඇප අත්සන් කිරීම මගින් මෙම ණය එක් අයෙකුට 25,000 සිට ලක්ෂ ගානක් දක්වා ලබා ගත හැකිය.
දෙපල ඇප නොමැති වීම නිසා මුදල් අවශ්‍ය අය මෙන්ම නිකමුන් පවා ලෙහෙසි ණය ලබා ගනිති. සමහර විට ගමේ තරහ කරුවන් පවා මේ ලෙස ණය ගැනීම සඳහා හිතවතුන් වශයෙන් පෙනී සිටිති.
මෙහි ඇති භයානක කම වන්නේ එක් සමාගමකින් මෙසේ ණය ලබ ගන්නා අය තවත් කණ් ඩායම් ගැසී අනෙකුත් සමාගම් වලින් එන ණය දෙන්නන් ගෙන් ද ණය ලබා ගැනීමයි. සමාගම් සේවකයන්ට ද වැටුප් දීමනා ලැබෙන්නේ තම "ප්රෝග්රෙස් එක" පෙන්වන තරමට බැවින් හිතු මතේ කෙසේ හෝ ණය ඇඟේ ගැසීමට ක්‍රියා කරති.
මේ අනුව විවිධ ෆිනෑන්ස් කොම්පැනි වලින් එක උඩ එක ණය ගෙන ලක්ෂ ගණනින් ණය වී ඇති අය බොහෝය.
දැන් දැන් ණය ගෙවීම් කරගත නොහැකිව කැලේ පණින අය වැඩි වීමක් දක් නට ඇත.
මෙලෙස ලබා ගන්නා ණය වලින් නිසි ප්‍රයෝජන ගන්නා අය ට වඩා මුදල් යෙදවීම ගැන මෙලෝ හසරක් නොදැන අසාර්ථක ව්‍යාපාර වල මෙම ණය යොදවන අය ද කිසිදු සරිලන ආදායමක් නොඑන දේ වල මුදල් වියදම් කර ඇති අයද ප්‍රමාණත්මකව වැඩිය.
එමෙන්ම එක සමාගමක ණය ගෙවීම සඳහා තවත් සමාගමකින් ගන්නා මුදල් යෙදවීම බහුලව සිදුවන බව ගම් තුලට රිංගා නිරීක්ෂණය කලොත් දැකිය හැක. මෙය උඩු යටි කුරු වූ සක්විති , දන්ඩුවම් මුදලාලි, පැනොරා හොරු කළ පොන්සි සිස්ටම් එකමය.
පොන්සි සිස්ටම් එකක අවසානය නියතයකි.
මෙය මෙහි පළකලේ විශේෂයෙන්ම තම ප්‍රධාන ආදායම් මර්ගය ලෙස මෙම ණය ක්‍රමය යොදා ගන්නා මයික්‍රෝ ෆිනෑන්ස් කොම්පැනි වල වත්මන් අධික ප්රෝග්රෙස් එක බලමින් ඉදිරි ලාභ පුරෝකථනය කරන අයට ඇස් ඇරවීම සඳහාය.
තව කාර්තු කිහිපයකින් සමහර විට මෙහි බලපෑම ලාභ අලාභ ගිනුම් වලට ලැබීමට ඉඩ ඇත.