තෘණ වගාව, කිරි ගවයන් බෝ කිරීම සහ පර්යේෂණ ආයතන සේවා වැඩිදියුණු කොට කඩිනමින් ඉලක්ක සාර්ථක කර ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.
පශු සම්පත්, ගොවිපොළ ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව (14) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.
මෙරට වාර්ෂික කිරි අවශ්‍යතාවෙන් දේශීයව නිෂ්පාදනය කරනු ලබන්නේ 40%කට අඩු ප්‍රමාණයකි. පෝෂ්‍යදායක නැවුම් දියර කිරි පානය සඳහා ඇති අවස්ථාව මේ නිසා ජනතාවට අහිමි වී තිබේ. ඉදිරි දශකය තුළ දියර කිරි නිෂ්පාදනය නැංවීමට පියවර ගන්නා බව “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ජනාධිපතිතුමා ප්‍රතිඥා දී තිබේ.
රටේ විවිධ ප්‍රදේශවලට ගැළපෙන කිරි ගව ප්‍රභේද හඳුන්වාදීමට අවශ්‍ය පර්යේෂණ පුළුල් කිරීමට රජය අපේක්ෂා කරයි. කිරි නිෂ්පාදනය නැංවීම සඳහා ඉහළ ගුණාත්මක අගයෙන් යුත් තෘණ වර්ග වගා කිරීම සහ ගව ආහාර නිෂ්පාදනය පිළිබඳව දීර්ඝව සාකච්ඡාවට ලක් කෙරිණ.
සමස්ත දියර කිරි නිෂ්පාදනයෙන් 85%ක් කුඩා පරිමාණ කිරි ගොවීන් විසින් සපයනු ලැබේ. ඔවුන් ශක්තිමත් කර ප්‍රතිශතය වැඩි කිරීමට පියවර ගත යුතු යැයි ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පැවසීය. කිරි ලීටරයක නිෂ්පාදන පිරිවැය ඉහළ යාමෙන් ගොවීහූ අධෛර්මත් වී සිටිති. තෘණ ඇතුළු ගව ආහාර සහන ක්‍රමයකට කිරි ගොවීන්ට සැපයීමේ අවශ්‍යතාව බැසිල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය. රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයට අවශ්‍ය සත්ව ආහාර නිෂ්පාදනය සඳහා ගොවීන් දිරිමත් කිරීම ආයතනික මට්ටමින් කළ යුතු බව පෙන්වා දෙනු ලැබිණ.
සත්ව ගොවිපොළ ආශ්‍රිත පරිසර ගැටළු විසඳීමට මධ්‍යම පරිසර අධිකාරිය මැදිහත්වීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිතුමා එය ගොවියාට බරක් නොකළ යුතු බව අවධාරණය කළේය.
පාරම්පරිකව පවත්වාගෙන යන සත්ව ගොවිපොළ ජනතා පැමිණිලි පදනම් කර ගනිමින් විමර්ශණයකින් තොරව වසා දැමීම නොකළ යුතු බව ද බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.