යූනියන් බැංකුවේ නවතම ශාඛාව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා අතින් පෙබරවාරි 14 වැනිදා ගම්පහ කොළඹ පාරේදී විවෘත විය. අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතා අතින් බැංකු ශාඛාව පීත්තපටිය කපා විවෘත කරනු ලැබීය. අනතුරුව ගනුදෙනුකරුවන්ගේ නව තැන්පතු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ සහ යූනියන් බැංකුවේ සභාපති අජිත් ද සොයිසා යන මහත්වරුන් විසින් බාර ගනිමින් එහි වැඩකටයුතු අරඹන ලදී. යූනියන් බැංකුව මේ වනවිට ශාඛා 22 ක් ඇති අතර ඉන් දෙකක් ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ වත්තල සහ ජාඇල ක්‍රියාත්මක වේ. මෙම බැංකුව 1995 ජුනි මසදී ආරම්භ වූ අතර එය ශ්‍රී ලංකාවේ 08 වැනි දේශීය බැංකුව වේ.
දේශීය ව්‍යාපාරිකයන් ආරක්‍ෂා කර ගනිමින් ඔවුන්ට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදෙමින් ඔවුන් නඟාසිටුවීමට බැංකුව කටයුතු කරන බවද, ගනුදෙනුකරුවන් සියලුදෙනා ආරක්‍ෂා කර ගනිමින් විශිෂ්ට සේවාවක් සැපයීමට නව බැංකු ශාඛාව කටයුතු කරනු ඇතැයි ද යූනියන් බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී අනිල් අමරසූරිය මහතා එම උත්සවයේදී පැවසීය. ගම්පහ කඩිනමින් සංවර්ධනය වන නගරයක් බවට දැන් පත්වෙමින් තිබීම නව ශාඛාව විවෘත කිරීම ප්‍රමුඛ හේතුවක් වූ බවද බැසිල් රාජපක්‍ෂ අමාත්‍යතුමා විවෘත කිරීමට පැමිණීම පිළිබඳ අතිශයින් සතුටට පත්වන බවද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය. යූනියන් බැංකුවේ සභාපති අජිත් ද සොයිසා, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන සරණ ගුණවර්ධන, පණ්‌ඩු බණ්‌ඩාරනායක, ගම්පහ නගරාධිපති එරංග සේනානායක යන මහත්වරුන් ඇතුළු ආරාධිතයන් සහ ගනුදෙනුකරුවන් විශාල පිරිසක් මෙම අවස්‌ථාවට සහභාගි වූහ
http://www.divaina.com/2011/02/20