(www.randora.lk-27/05/14 )- කොළඹ කොටස් වෙළෙඳ පොළ මේ වන විට වෙළෙඳ පොළ වටිනාකම අතින් දෙවන ස්ථානය ගන්නා සමාගම වන ජෝන් කීල්ස් සමුහයේ ගෙවුණු මාර්තු කාර්තුවේ ලාභ පසුගිය වසරේ මෙම කාර්තුවට වඩා සියයට 09 කින් පහළ යමින් රුපියල් බිලියන 4.6 ක් වි ඇතැයි අද නිකුත් වු එහි කාර්තුමය ගිණුමි පෙන්වා දේ.
ඒ අනුව සමුහයේ කොටසක ඉපයුම රුපියල් 4.63 ක් වි ඇත.මාර්තු 31 දිනෙන් අවසන් වර්ෂය තුළ කොටසක ඉපයුම රුපියල් 12.33 ක් වි ඇත.
සමුහයේ ආදායම් සියයට 05 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 24.2 ක් වි ඇති අතරේ විකුණුම් පිරිවැය සියයට 04 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 17.3 ක් වි ඇත.
සමුහයේ දළ ලාභ සියයට 07 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 6.9 ක් වි ඇත.
වෙනත් මෙහෙයුම් ආදායම් රුපියල් බිලියන 1.54 කින් ඉහළ ගොස් තිබිණි.
ආයෝජන දේපොළ මත වු ලාභ පසුගිය කාර්තුවේ වු රුපියල් බිලියන 02 සිට රුපියල් මිලියන 470 දක්වා පහත වැට් ඇත.
නැවි වලට තෙල් සැපයිමෙන් වන ආදායම් රුපියල් මිලියන 742 සිට 602 දක්වා පහළ යද්දි හෝටල් අංශයේ ලාභ රුපියල් බිලියන 1.9 හි නොවෙනස්ව තිබිණි.
දේපොළ ලාභ රුපියල් බිලියන 1.25 සිට රුපියල් මිලියන 840 දක්වා පහත යද්දි පාරිභෝගික ද්‍රව්‍ය අංශයේ ලාභ රුපියල් බිලියන 1.43 සිට රුපියල් මිලියන 479 දක්වා පහළ බැස ඇත.