ටාර්ගට් දිදී ඔහේ අලුත් අයව දක්කන අය අතරේ
ගොඩක් හොද අයත් ඉන්නවා - අලුත් තරුණ අය පුදුම විදිහට දැනුමෙන් සන්නද්ධ අය .යටි අරමුණු නැතුව කොටස් ගැන කතා කරන අය ඉන්නවා
සමහරු -හැමෝම නම් නෙවෙයි ලොකු ලොක්කෝ කෝටි ගණන් වල කොටස් ගත්තු තමයි සුලු පරිමාණ ආයෝජකයන්ව විනාශ කරල හරි ලාභ ලබන්නේ
අපි අන්ධව කාවවත් අනුගමනය කරන්න නරකයි .හොයලා බලල හිතල බලල කියවල ආයෝජන තීරණ ගන්න ඕනා.
මට හිතෙන විදිහට
මාරකට් එක ඉහලට යන්න යන්න අපේ මාර්ජින් සහ බ්‍රොකර් ක්‍රෙඩිට් වලින් එන බයින් පවර් සහ අපේ ලග තියන කොටස් වල මිල ඉහල යනකොට අපට ලැබෙන බයින් පවර් එක ම තමයි මාර්කට් එකපහලට යද්දී අපිව අනාත කරන්නේ -එහෙම අපට කොළ පාට කාලේ ලැබෙන බයින් පවර් එකට ඉවර වෙන්නම අපි ගොඩක් අය කොටස් ගන්නවා
අන්න ඒකම තමයි අපේ විනාශය වෙන්නේ
මොකෝ ඉහල ට ඉහලට යන මාර්කට් එක ආපහු තරමක් වැඩිපුර පහලට එනවා කියන එක අපට හිතෙන්නේ නැ අපි හැමදාම පෙරේත කමට කොටස් ගන්නවා ගන්නවා ,ඔන්න එක පාරටම ඉහලට ගිය මාර්කට් එක කරක්ශන් හෝ පුල් බැක් එකක් හෝ ප්‍රොෆිට් ටේකින්ග් නිසා වැටෙන්න ගන්නකොට අපේ මාර්ජින් සීමා කඩා ගෙන බිද ගෙන යනවා එතකොට සමහ විට බ්‍රෝකර් ලා මාර්ජින් ප්‍රවයිඩර්ස් ලා ණය අඩු කරගන්න විකුණන්න විකුණන්න කියනවා
මට හිතෙනේ
අපි සමහර වෙලාවට ඔය පැනික් හැත්ත මාර්කට් එක වට්ටනවා වට්ටටනවා කියන්නෙත් ඔන්න ඔය දේ වෙනකොට ද මන්දා
මේකට විසදුම් තියනවා
මාරකට් උඩට යන්න යන්න ලැබෙන අලුත් බයින් පවර් එකට ඉවරයක් වෙන්නම බයි නොකර . ඒ එන බයින් පවර් එකෙන් 30% වගේ විතරක් පාවිච්චි කරන එක
එක්කෝ මාරජින් සහ බ්‍රෝකර් ණය නොගෙනම ඉන්න එක ,ඔය ඔක්කෝම එක්ක හොදින් ණය - මාර්ජින් කළමණාකරනය .
පොඩි අය කොටස් වලින් ලාභ ලබන එක අඩු අපේ තියන අධික ත්ණ්හාවත් හේතු වෙනවා ණය වගේම ලාබ ආවත් තව තව කිය කිය ඉන්නාකොට දන්නේම නැ පල්ලම් බහිනව ඉතින් ණ්ය මාර්ජින් එක්ක සෙල්ලම හරියටම කරමු
සුපිරි මාර්තුවේ ණය / මාර්ජින් කළමණකරනය කරගෙන ලාභ ලබමු