නිවැරදි වෙලාවට කොටස් මිලට ගැනීම එක්තරා ආකාරයකට කලාවක් බවට පත් වන්නේ ඔබ වෙනස් වන කොටස් මිල අනුව ඔබේ ආයෝජන තීරණයන් ගත යුතු නිසාය.
මෙය වෙළෙද පල තුල ඔබ ලබන අත්දැක්ම් මත බොහෝ විට තීරණය වේ.
කොටස් මිලට ගත යුතු වන්නේ
ඔබ යම්කිසි සමාගමක කොටස් මිලට ගත යුතු වන්නේ පසු ගිය වසර කිහිපයක වෙළෙද පල තුල එම සමාගමේ කොටස් වල තිබු අවම මිලට ආසන්න අවස්ථාවලදීය.
කොටස් මිලට නොගත යුතු වන්නේ
පසු ගිය වසර කිහිපය තුල පැවතී උපරිම මිල මට්ටම්වලට ආසන්න අවස්ථාවල එම සමාගම්වල කොටස් මිලදී ගැනීමෙන් වලකින්න.
අධික අලභයන්ගෙන් ඔබට ගැලවිය හැකි වීමට නම්
විකිණිය යුතු සුදුසුම අවස්ථාවේදී විකිණීම කල යුතුය.
ඇතැම් විට ඔබ මිලදී ගත් මිල අමතක කොට ඔබට ඒවා විකිනීමට සිදු වන අතර එමගින් අනාගතයේදී සිදු විය හැකි අධික අලභයන්ගෙන් ඔබට ගැලවිය හැකි වනු ඇත
කොටස් මිලට ගැනීමට බොහොමයක් දෙනා සුදුසු යැයි පවසන අවස්ථා වලදී ඒ වනවිට ඔවුන් එම කොටස්වල අවම මිලට මිලදී ගෙන ඇත.
බොහොමයක් විට මෙම කොටස් මිලට ගැනීම් සුපරික්ෂාකාරිව කල යුතු වන්නේ එවන් අවස්ථාවල මේ කොටස් ඔබ මිලට ගන්නා විට ඉල්ලූම වැඩි වීම හේතුවෙන් මිල ඉහළ යයි.
එම සමාගමේ කොටස් මිල ඉහලම මට්ටමක පැවතිමේ හැකියාව ඉතා ඉහල නිසා පලමුව අඩු මිලට ගත් අය ශනිකව කොටස් විකුණා දමයි.
මෙවැනි ප්‍රොමෝෂන් පස්සේ ගිය ගොඩක් අය තමන්ගේ සල්ලි නැති කරගන්නවා. Pump and dump කියන්නේ මේ ක්‍රමයටයි.
පරිස්සමින්
Good luck and safe trading
Asoka Samarakone