2012 සැප්තැම්බර් කාර්තුවේදී Hotel Sigiriya Plc සමාගමේ ලාභය ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 24 කින් වර්ධනය වී රුපියල් මිලියන 16.5 ක්වී තිබේ.
සමාගම විසින් කොළඹ කොටස් වෙළඳ පොළට ඉදිරිපත් කර තිබෙන නවතම ගිණුම් වාර්තා වලින් මේ බව හෙළිවන අතර මෙම සැප්තැම්බර් කාර්තුවේදී සමාගම ලබා තිබෙන කොටසකට අදාළ ලාභය රුපියල් 2.82 කි.
2012 සැප්තැම්බර් වලින් අවසන් වන මාස 06 තුළදී සමාගම විසින් රුපියල් මිලියන 24.3 ක ලාභයක් වාර්තා කිරීමට සමත්ව තිබෙන අතර එය ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 40 ක වර්ධනයකි.
මෙම මාස 06 සඳහා රුපියල් 4.16 ක කොටසකට අදාළ ලාභයක් වාර්තා කර ඇත.
2012 සැප්තැම්බර් කාර්තුවේදී සමාගමේ ආදායම සියයට 17 කින් වර්ධනය වී රුපියල් මිලියන 61 ක් වෙද්දී විකුණුම් පිරිවැය වැඩිවී තිබෙන්නේ සියයට 2.0 ක් තරම් අඩු ප්‍රතිශතයකිනි.
මේ අනුව, දළ ලාභය සියයට 23 කින් වර්ධනය වී රුපියල් මිලියන 51 ක්වූ බව අනාවරණය වේ.
කෙසේවෙතත්, සමාගමේ පරිපාලන වියදම් සියයට 15 කින් ඉහළ ගොස් රුපියල් මිලියන 30.2 ක්වී තිබෙන අතර මූල්‍ය පිරිවැය හත් ගුණයකින් ඉහළ ගොස් රුපියල් මිලියන 1.5 ක්වී ඇත.
යුද්ධය අවසන් කිරීමෙන් පසුව මෙරටට එන සංචාරකයින් ප්‍රමාණය විශාල ලෙස වැඩිවී තිබෙන අතර මේ වසරේදී සංචාරකයින් ලක්ෂ දහයක් එනු ඇතැයි අපේක්ෂා කරයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1921234764