වසර 2011 මාර්තු මස දී රේණුකා හෝල්ඩින්ස් PLC සමාගම විසින්, ෂෝවොලෂ් ලංකා සමාගම තම සමූහ ව්‍යාපාරය යටතට පවරා ගැනීමෙන් පසු එහි යටිතල හා තාක්ෂණික පහසුකම් වර්ධනය කිරීමට විශාල ආයෝජනයක් සිදු කරනු ලැබීය. "ෂෝවොලස් ලංකා සමාගම"රේණුකා හෝල්ඩින්ස් යටතට පත්වීමෙන් පසු අප ප්‍රමුඛත්වය ලබාදුන්නේ, එය නිෂ්පාදන හා බෙදාහැරීමේ සමාගමක් ලෙසින් වඩාත් කාර්යක්ෂම හා නව්‍යකරණයකින් යුත් සමාගමක් බවට පත්කිරීමටයි. මන්ද එමගින් පාරිභෝගිකයන්ට එම සමාගමේ කීර්තිමත් වෙළඳනාමයන්වන"කැප්ටන්""ප්ලාෂා",සන් ගෝල්ඞ්, හා "රේනර්ස්"හා ඉදිරියේදී වෙළඳපොලට එක්වීමට නියමිත නව්‍යකරණයෙන් යුත් නිෂ්පාදන පෙළ තමාට රිසි ලෙසින් තෝරාගැනීමේ හැකියාව ලැබෙනවා.
ලොව පුරා රටවල් 61කට වැඩි ප්‍රමාණයකට අගය එක් කළ කෘෂිකාර්මික පදනමකින් යුත් ආහාර නිෂ්පාදන නිපදවීමේ හා අපනයනයකිරීමේ වසර 25කට වැඩි අපේ පළපුරුද්ද මත රේණුකා හෝල්ඩින්ස් සමාගමට එම ක්ෂේත්‍රය පිළිබඳව පුළුල් විශේෂඥතාවක් තිබෙනවා. එහෙයින් එම විශේෂඥතාව උපයෝගී කරගනිමින් ශ්‍රී ලංකා වෙළඳපොලට හා පාරිභෝගිකයන්ට වැඩි ප්‍රතිලාභයක් හා තෝරාගැනීමක් සැපයීමට අපට අවශ්‍යවීමෙන් මෙම සියලූ වෙනස්කිරීම් සිදු කෙරුණා." ෂෝවොලස් ලංකා සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, ශිලාන්ත් බොතේජු මහතා තම සමාගමේ නව්‍යකරණය පිළිබඳ පැහැදිලි කළේ ඒ අයුරෙනි.
තාක්ෂණික වශයෙන් ෂෝවොලස් ලංකා සමාගමේ මෙහෙයුම් කටයුතුවල අවශ්‍ය පරිවර්තනයන් මේ වනවිට සිදුකර අවසන් ය. එමගින් වෙළඳපොලේ වැඩිවන අවශ්‍යතාවන්ට ගැලපෙන ආකාරයෙන් අලෙවි කාර්යක්ෂමතාව වර්ධනයකිරීමේ අරමුණෙන් බෙදාහැරීමේ ක්‍රියාවලිය සහමුලින්ම ස්වයංක්‍රීය කාර්ය පද්ධතියක් බවට පර්වර්තනය කර තිබේ.
තාක්ෂණයෙන් හා නව්‍යකරණයෙන් තම සමාගම තුළ සිදු කළ පරිවර්තනය සම්බන්ධයෙන් අදහස් දැක් වූ ෂෝවොලස් ලංකා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ෂාමීන්ද්‍ර රාජයියා මහතා පැවසුවේ,"අපේ සමාගමේ නිෂ්පාදනවලට, මෙරට පාරිභෝගිකයන් හා පාර්ශවකරුවන් අතර ඇත්තේ දිගුකාලීන විශ්වාසයක්. එහෙයින් අපට යම් යම් අවස්ථාවන් ප්‍රයෝජනයට ගනිමින්, සමාගම වෙනත් තලයක් වෙත ගෙන යා යුතු බවක් අප අවබෝධ කරගත්තා. ඒ අනුව අප 2012 දී රිච්ලයිෆ් ඩෙයරීස් සමාගම අපේ සාමාගම් සෙවනට එක්කරගත් අතර, එයින් අප සමාගමේ ආහාර විශේෂඥතාවට අංග සම්පූර්ණත්වයක් එක් කරමින් කිරි ආශ්‍රීත නිෂ්පාදන නිපඳවීමත් එක් වූවා. වර්තමානයේ ගෝලීය මෙහෙයුම් හා දේශිය කර්මාන්ත තුළින් ශ්‍රී ලංකා ආර්ථිකයට කදිම දායකක්වයක් ලබාදීමේ හැකියාවක් හිමි සමාගමක් බවට පත්ව තිබෙනවා."යන්නය.
එයට අමතරව මෑතකදී ෂෝවොලස් ලංකා සමාගම, මැක්ලරන්ස් සමාගම සමග එකාබද්ධවීමෙන්, "මැක්ෂෝ ඔටෝමේටිව් සමාගම" බිහිකිරීමෙන්, රථවාහන ක්ෂේත්‍රයේ සියලූ විසඳුම් සැපයෙන සමාගමක් බවට පත්වූ එම සමාගම, දශක ගණනාවක් පුරා මෙරට රථවාහන හිමියන්ගේ ප්‍රබල විශ්වාසයක් දිනාගත් "ඩෙල්පි ලොක්හීඞ්","මොබිල්,"ඇවොන්" හා "පයනියර්" ටයර් ආදී වෙළඳනාමයන් රැසක් ආනයනය කර බෙදා හරිති.
රුපියල් බිලියන 5ක වාර්ෂික ආදායමක්, සේවකයන් 1240ක ශ්‍රම බලකායක් හා දිවයින පුරා ස්ථාන 23ක දී ව්‍යාපාරිකව ක්‍රියාත්මකවන රේණුකා හෝල්ඩින්ස් PLC සමාගම තම සමාගම් සමූහයට මූලෝපාය මඟපෙන්වීම හා යෝග්‍ය මූලෝපාය සංධානගතවීම්වලට එළැඹෙන සමාගමකි. දිගුකාලීන දැක්මක් හා දේශීය ආර්ථික දායකත්වයක් සහිතව සිදුකෙරෙන ආයෝජන සඳහා දිගුකාලීන දැක්මක් යටතේ තම කොටස් හිමියන්ට අගය එක්කිරීමක් ද සමාගම විසින් සිදු කෙරේ. ප්‍රතිලාභ කෙරෙහි යොමු වූ හා සියලූ ව්‍යාපාරයන් හී දිගුකාලීන කොටස් හිමියන්ගේ කොටස් අගය කෙරෙහි දැඩි අවධානයක් දක්වන අතරේම රේණුකා හෝල සමාගම, ආයතනික සමාජ වගකීම් කෙරෙහි දැඩි උනන්දුවක් දක්වන සමාගම් පුරවැසියෙකි.
http://sinhala.adaderana.lk/news.php?nid=25471