ඛනිජ තෙල් හා ගෑස් කැණීමේ ඉන්දියාවේ විශාලතම සමාගමක් වන කෙයාන් ඉන්ඩියා සමාගම සිය ප්‍රධාන මූල්‍ය නිළධාරී තනතුර සඳහා නව පත් කිරීමක් කර තිබේ.
මේ අනුව, වාර්තා වන්නේ මෙම තනතුර සඳහා සුධීර් මතූර් නැමැත්තෙකු පත්කර තිබෙන බවත් ඔහු දිල්ලි විශ්ව විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ උපාධියත් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ආචාර්ය උපාධිය කෝනෙල් විශ්ව විද්‍යාලයෙනුත් ලබා තිබෙන බවයි.
කෙයාන් ඉන්ඩියා සමාගම මන්නාරමට ඔබ්බෙන් මෙරට මුහුදේ ඛනිජ තෙල් කැණීමේ නිරතව සිටී.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=694833647