මූල්‍ය තොරතුරු විකුණූ රජත් ගුප්ත ට සිර දඩුවම්
අවසාන යාවත්කාලීන කිරීම : 2012 ඔක්තෝබර් 25 බ්‍රහස්පතින්දා - 13:44 GMT
බී.බී.සී. සංදේශය
කොටස් වෙළෙඳ පොලේ අභ්‍යන්තර මුල්‍ය තොරතුරු විකිණීම සම්බන්ධයෙන් වරදකරු කැරුණු එක්සත් ජනපදයේ මුල් පෙළේ ව්‍යාපාරිකයකු වන රජත් ගුප්ත ට දෑවුරුදු සිර දඬුවමක් හා ඩොලර් කෝටි භාගයක දඩයක් පනවනු ලැබුවා.
මුල්‍ය වංචා සම්බන්ධයෙන් එකොලොස් වසරක සිර දඬුවමක් විඳින ශ්‍රී ලාංකික රාජ් රාජරත්නම් හට සමාගමේ රහස් හෙළි කිරීමේ වරදටයි රජත් ගුප්ත ට දඬුවම් කැරුනේ.
එම හෙළි කිරීම් පිහිට කොට ගෙන රාජරත්නම් ඩොලර් කෝටි ගණන් මුදල් නීති විරෝධී ලෙස උපයාගත් බව අධිකරණයේ හෙළි වුණා.
ඉන්දීය සම්භවයක් සහිත ගුප්ත ඇමරිකාවේ සමාගම් ලෝකයේ ඉහලටම ගිය පුද්ගලයකු වන අතර ගොල්ඩ්මන් සැක්ස් (Goldman Sachs ) සහ ප්‍රොක්ටර් ඇන්ඩ් ගැම්බල් (Procter and Gamble) යන මුල් පෙළේ මුල්‍ය සමාගම් වල අධ්‍යක්ෂ ධුරයක්ද හෙබැවුයෙක්.
පුණ්‍ය කටයුතු සම්බන්ධයෙන්ද ඔහු ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත්වුයෙක්.
අභ්‍යන්තර සමාගම් රහස් විකිණීමට එරෙහිව එක්සත් ජනපද බලධාරීන් විසින් පස් වසරක් පුරා කළ මෙහෙයුමකින් අනතුරුව දඬුවම් පමුණුවනු ලැබූ ප්‍රකටම පුද්ගලයෙක්, රජත් ගුප්ත.