LOLC:
- ජාතික දිගුකාලීන ණය ශ්‍රේණිය: BBB+(lka)/සෘණ දැක්මක් දක්වා සහතික කර ඉදිරි ඇගයීම් කටයුතු වලින් ඉවත් වී ඇත.
- රුපියල් බිලියන 1.25 ක, සමාගමේ ඉතිරිව ඇති ජ්‍යෙෂ්ඨ ඇප රහිත නිදහස් කළ හැකි ණයකර: BBB+(lka) ලෙස සහතික කර ඉදිරි ඇගයීම් කටයුතු වලින් ඉවත් වී ඇත.
ලංකා ඔරික්ස් ෆිනෑන්ස් පීඑල්සී (LOFIN):
- ජාතික දිගුකාලීන ණය ශ්‍රේණිය: A-(lka)/ සෘණ දැක්මක් දක්වා සහතික කර ඉදිරි ඇගයීම් කටයුතු වලින් ඉවත් වී ඇත.
කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී (CLC):
- ජාතික දිගු කාලීන ණය ශ්‍රේණිය: A-(lka)/සෘණ දැක්මක් ලෙස සහතික කර ඉදිරි ඇගයීම් කටයුතු වලින් ඉවත් වී ඇත.
ලංකා ඔරික්ස් ලීසිං සමාගමේ ණය ශ්‍රේණිය සහතික කිරීම තුළින් පිළිඹිබු වන්නේ වාර්තාගත අඩු තෝලනය සහ දිගු කාලීන ණයකර නිකුත් කිරීම මගින් එහි ණය කල්පිරීම දීර්ඝවීම නිසා 2012 ජුනි 30 වනදායින් අවසන් වන මාස හය තුළදී 2011 දෙසැම්බර් 31 වනදාට සාපේක්ෂව සමාගමේ ණය ආකෘතිය ලබා තිබෙන දියුණුවයි.
සෘණ ඉදිරි දැක්ම මගින් තවදුරටත් පිළිඹිබු වන්නේ සමාගමේ අනාගත ආයෝජන ක්‍රියාකාරකම් හා ආශ්‍රිත මූල්‍ය අවධානම් සඳහා ලංකා ඔරික්ස් ලීසිං සමාගමේ අරමුදල් සම්පාදන උපාය මාර්ගය වටා තිබෙන අවිනිශ්චිතතාවයයි.
ලංකා ඔරික්ස් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ණය ශ්‍රේණිය සහතික කිරීම තුළින් පිළිඹිබු වන්නේ ශ්‍රී ලාංකේය මූල්‍ය සමාගම් අතර එහි ශක්තිමත් ශාඛා ජාලය හා තිරසාරවූ සතුටුදායක මූල්‍ය ආකෘතියයි.
එහි සෘණ ඉදිරි දැක්ම මගින් ලංකා ඔරික්ස් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ මව් සමාගම වන ලංකා ඔරික්ස් ලීසිං (LOLC) සමාගමේ අවධානම් ආකෘතිය සහ අනුබද්ධ සමාගම්වල මූල්‍ය ආකෘතියට පීඩා කිරීමට එයට තිබෙන හැකියාව පිළිඹිබු කරයි.
ලංකා ඔරික්ස් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ශාඛා ජාලය, ලංකා ඔරික්ස් ලීසිං සමාගමට ඒකාබද්ධව සහ සමූහයේ අනුබද්ධ සමාගමක් ලෙස පවතින අතර ලංකා ඔරික්ස් ලීසිං සමාගම සමග එහි තිබෙන බැඳීම නොකැඩුණු එකකි.
කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ණය ශ්‍රේණිය සහතික කිරීම මගින් පිළිඹිබු වන්නේ ලාංකේය බැංකු නොවන මූල්‍ය ආයතන අතර එහි ශාඛා ජාලයේ තිබෙන ශක්තිමත් භාවය සහ එහි තිරසාරවූ ශක්තිමත් ණය ආකෘතියයි.
සෘණ ඉදිරි දැක්ම මගින් කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ මව් සමාගම වන ලංකා ඔරික්ස් ලීසිං සමාගමේ අවධානම් ආකෘතිය සහ අනුබද්ධ සමාගම්වල මූල්‍ය ආකෘතියට පීඩා කිරීමට එයට තිබෙන හැකියාව පිළිඹිබු කරයි. කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ ශාඛා ජාලය, ලංකා ඔරික්ස් ලීසිං සමාගමට ඒකාබද්ධව සහ සමූහයේ අනුබද්ධ සමාගමක් ලෙස පවතින අතර ලංකා ඔරික්ස් ලීසිං සමාගම සමග එහි තිබෙන බැඳීම නොකැඩුණු එකකි.
ණය ශ්‍රේණිගත කිරීමේ ක්‍රියාවලියට සහභාගීවීම නතර කිරීමට ලංකා ඔරික්ස් ලීසිං සමාගම් සමූහය තීරණය කිරීම තුළ එහි ඉදිරි කටයුතු වලින් ඉවත් වීමට ෆිච් රේටින්ග්ස් ලංකා ආයතනය කටයුතු කර තිබේ.
මේ නිසා, සමාගම් සමූහයේ මෙවැනි ණය ශ්‍රේණි පවත්වාගෙන යාමට ප්‍රමාණවත් තොරතුරු ඉදිරියේදී ෆිච් ආයතනය සතු නොවනු ඇත. එම නිසා, මෙම සමාගම් සඳහා ඉදිරියේදී ෆිච් ආයතනය විසින් ණය ශ්‍රේණි හෝ විශ්ලේෂණාත්මක ආවරණයක් ලබා නොදෙනු ඇත.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1273803669