මේ සතියේ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී පොලී අනුපාත ඉහළ ගිය අතර අවුරුද්දේ බිල්පත් පොලිය පදනම් අංක 08 කින් ඉහළ ගොස් සියයට 12.81 ක් දක්වා වැඩිවුණි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත වලට අනුව මාස තුනේ බිල්පත් පොලිය පදනම් අංක 07 කින් ඉහළ ගොස් සියයට 10.74 ක් වෙද්දී මාස හයේ බිල්පත් පොලිය පදනම් අංක 02 කින් ඉහළ ගොස් සියයට 12.07 ක්වී ඇත.
විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාත ස්ථාවරව පවතිනවාට වඩා උච්චාවචනය වීම ඩොලරයට ඈඳූ මෙරට විනිමය අනුපාතයට හොඳ බවයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1744217326