දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳසල් කිහිපයක් හිමි ප‍්‍රබල ව්‍යාපාරිකයෙක් 21 වැනිදා වෙළෙඳපොළට රැගෙනවිත් තිබූ ලොරි දහයක තිබූ වට්ටක්කා තොග කිලෝව රුපියල් 19 බැගින් මිලට ගෙන රුපියල් තුනක කොමිස් මුදලක් තබාගෙන රුපියල් 22 බැගින් අලෙවි කර පැය දෙකක කාලයක් තුළ රුපියල් දෙලක්ෂයක ලාභයක් ලබාගෙන තිබේ.
මෙම ගනුදෙනුව සඳහා ව්‍යාපාරිකයා මුලදී කිසිදු මුදලක් වැය නොකිරීමද සුවිශේෂය.
වෙළෙඳ පරිශ‍්‍රය ඉදිරිපිට ගාල් කර තිබූ වට්ටක්කා එක් එක් වෙළෙඳසල්වලට ගොස් මිලදී ගත් බවට බිල් දමා ඇත. බිල් දැමූ පසු අදාළ ව්‍යාපාරිකයා වෙළෙඳ සලට වට්ටක්කා තොග රැුගෙන ගොස් එහිදී ගැනුම්කරුවන්ට රුපියල් 22 බැගින් අලෙවි කර ඇත.
එසේ අලෙවි කිරීමෙන් ලද මුදලින් යළි පෙර කී වෙළෙඳ පරිශ‍්‍ර වෙත මුදල් ගෙවා ඇත. පසුව එම වෙළෙඳසල් හිමියන් සිය කොමිස් මුදල් ගෙවා ඇත.
http://lankacnews.com/sinhala/main-news/89089/