හැටන් නැෂනල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂවරයා හා ප්‍රධාන විධායක නිළධාරීවරයා වන ප්‍රවීණ බැංකුකරු රාජේන්ද්‍ර ත්‍යාගරාජා මහතා ජුනි 20 වනදා සිට බලපැවැත්වෙන පරිදි සිය ධූරයෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර ඇත.
මේ අනුව, ඔහු දැරූ තනතුරු සඳහා පත්කරනු ලබන්නේ නියෝජ්‍ය ප්‍රධාන විධායක ජොනතන් අලස් මහතායි.
හැටන් නැෂනල් බැංකුව කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ ත්‍යාගරාජා මහතා බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන්ද ඉවත් වනු ඇති බවයි.
මේ අනුව, අලස් මහතා අදාළ ධූරයට පත් කිරීමට නියමිතව ඇත්තේ ජූලි 01 වනදා සිට බලපැවැත්වෙන පරිදියි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1216911640