නවතම කොටස් වෙළඳ පොළ විශ්ලේෂණ වාර්තාවක් මගින් අනාවරණය කර තිබෙන්නේ මෙරට ලයිස්තුගත බැංකුවල අක්‍රීය ණය අනුපාතය ඉහළ ගොස් තිබෙන බවත් තැන්පතු වලට සාපේක්ෂව ණය අනුපාතය පටු වෙමින් තිබෙන බවයි.
CAL Research විසින් එළි දක්වා තිබෙන මෙම වාර්තාවට අනුව බැංකුවල ප්‍රාග්ධනය ශක්තිමත් මට්ටමක තිබේ.
2013 වසරේ ජුනි මාසය වනවිට ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී මෙරට ලයිස්තුගත බැංකුවල අක්‍රීය ණය අනුපාතය සමස්තයක් ලෙස පදනම් අංක 72 කින් සියයට 4.7 ක් දක්වා වැඩිවී ඇතැයි සඳහන්ය.
මෙහිදී, පෑන් ඒෂියා බැංකුවේ අක්‍රීය ණය අනුපාතය පදනම් අංක 365 කින් සියයට 7.8 ක් දක්වාත්, නේෂන් ට්‍රස්ට් බැංකුවේ අක්‍රීය ණය අනුපාතය පදනම් අංක 114 කින් සියයට 4.0 ක් දක්වාත් හැටන් නැෂනල් බැංකුවේ අක්‍රීය ණය අනුපාතය පදනම් අංක 89 කින් සියයට 4.6 ක් දක්වාත් කොමර්ෂල් බැංකුවේ අක්‍රීය ණය අනුපාතය පදනම් අංක 67 කින් සියයට 4.0 ක් දක්වාත් මෙම කාලයේදී ඉහළ ගොස් තිබේ.
මීට අමතරව, ජාතික සංවර්ධන බැංකුවේ අක්‍රීය ණය අනුපාතය පදනම් අංක 54 කින් සියයට 1.9 ක් දක්වාත් සම්පත් බැංකුවේ අක්‍රීය ණය අනුපාතය පදනම් අංක 46 කින් සියයට 2.5 ක් දක්වාත් යුනියන් බැංකුවේ අක්‍රීය ණය අනුපාතය පදනම් අංක 25 කින් සියයට 5.7 ක් දක්වාත් වැඩිවී ඇත.
සෙලාන් බැංකුවේ අක්‍රීය ණය අනුපාතය පදනම් අංක 184 කින් සියයට 11.2 ක් දක්වා අඩුවී තිබේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1394332333