මේ අනුව ඇමෙරිකාණු ඩොලර් මිලියන 150 ක අවම ආයෝජනයක් ඔවුන් විසින් මෙහිදි සිදු කිරිමට නියමිත බව සදහන්.
අපගේ පසුගිය පුවත පහළින්
ඉදිරි යම් නිශ්චිත කාල සිමාවක් ඇතුළත මෙම අතිරික්ත හිමිකම් ප්‍රතිශතය අඩු කිරිමේ කොන්දේසින්ට යටත්ව මෙම අනුමැතිය නියාමන බලධාරින් විසින් ලබා දි තිබෙනවා.
කෙසේවෙතත්,මේ පිළිබඳ අවසන් ලිඛිත අනුමැතිය ලැබිමට නියමිතව ඇත්තේ,TPG Asia VI හි නිර්ව්‍යජත්වය පිළිබඳව මහ බැංකුවේ හා නියාමන කොමිසමේ බලධාරින් විසින් මේ දිනවල සිදු කරමින් පවතින අධ්‍යයන වලින් පසුව යි.
යැයි මෙම නිළධාරිවරයා නම හෙළි නොකිරිමේ කොන්දේසිය මත කීය.
මෙහිදි,TPG Asia VI වෙනුවෙන් නව කොටස් නිකුතුවක් ද සිදු කිරිමට නියමිත අතරේ දැනට මෙහි කොටස් හිමි සුළු කොටස් හිමියන්ගෙන්ද සැමට සාධාරණ පදනමකින් ඔවුන්ගේ කොටස් අයිතිය යම් නිශ්චිත මිළකට මිළදි ගැනිමට TPG Asia VI විසින් සැලසුම් කර ඇති බවද වාර්තා කියයි.
වාර්තාවන අන්දමට ඩොලර් මිලියන 120 ක පමණ මුදලක් TPG Asia VI විසින් යුනියන් බැංකුවේ මෙම කොටස් මිළදි ගැනිම වෙනුවෙන් ආයෝජනය කිරිමට නියමිතය.මෙය අවම වසර 10 ක කාලයක් සදහා වන බවද කියයි.
මෙය පුද්ගලික හිමිකම් අරමුදලක් (private equity firm) ලංකාවේ සිදු කරන දැවැන්තම ආයෝජනය විය හැකි බවද සදහන්ය.
මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතියට යටත්ව දිවයිනේ වාණිජ බැංකුවක නිකුත් කළ කොටස් ප්‍රාග්ධනයෙන් සියයට 15 ක උපරිමයක් දක්වා ආයෝජනය කිරිමේ හැකියාව තනි පාර්ශ්වයකට හෝ ඔවුනගේ අනුබද්ධ පාර්ශව වලට ඇත.කෙසේවෙතත්,විශේෂ අනුමැතියකට යටත්ව මෙම සීමාව ඉක්මවා බැංකුවේ මුළික ප්‍රාග්ධන පදනම නගා සිටුව්ම ස දහා මෙම ආයෝජනයට අවසරය ලබා දි ඇති බවත් වාර්තා වේ.
අදාල ආයෝජනයන් සමගින් දිවයිනේ වත්කම් අතින් පස්වන විශාලතම වාණිජ බැංකුව බවට දැනට දිවයින පුරා ශාඛා 51 ක් ඇති යුනියන් බැංකුව පත් වන බව විශ්ලේෂකයෝ කියති.
මේ පියවරයන් සදහා සදහා කොටස් කරුවන්ගේ අනුමැතිය ලබා ගැනිමද සිදු විය යුතුව ඇත.
මේ වන විට යුනියන් බැංකුවේ කොටස් 349,250,000 ක් කොළඹ කොටස් වෙළෙඳ පොළ ලයිස්තුගත කර ඇති අතර එයින් සියයට 77.6 ක්ම හිමිකම් ලබා ඇත්තේ බැංකුවේ කොටස් කරුවන් 20 කි.පසුගිය සිකුරාදා වන විට මෙහි වෙළෙඳ පොළ ප්‍රාග්ධනිකරණය රුපියල් බිලියන 7.1 කි.
මෙහි සියයට 18.5 ක හිමිකම මැලේසියාවේ Genting Berhad සමුහයට අයත් Vista Knowledge සමාගම දරණ අතරේ සම්පත් බැංකුවට සියයට 07 කද මෙම TPG Asia VI ගනුදෙනුවේ පුම්‍රඛතම ක්‍රියාකරු වන සභාපති ඇලෙක්ස් ලොවෙල් සතුව සියයට 6.5 කද හිමිකමක් ඇත.
යුනියන් බැංකුව කලකට ඉහත අර්බුදයට ලක් වු සමයේ සම්පත් බැංකුව විසින් මෙහි මෙම සියයට 07 ක ආයෝජනය සිදු කළ අතර එයට දිගු කාලයක් තිස්සේ ප්‍රතිලාභයක් නොලැබිම නිසා මොවුන් දැඩ් කණස්සලකින් පසුවු බවද සදහන්ය.
ගෙවුණු 2014 වසරේ මාර්තු කාර්තුවේ යුනියන් බැංකු වේ ශුද්ධ ලාභ 2012 වසරේ එම කාලයේ වු රුපියල් මිලියන 62.9 සිට රුපියල් මිලියන 7.6 දක්වා සියයට 88 කින් පහළ බැස ඇති අතරේ මේ කාර්තුවේ සමුහයේ ශුද්ධ ලාභ 2013වු රුපියල් මිලියන 53.1 සිට සියයට 56 කින් පහළ යමින් රුපියල් මිලියන 23.1 ක් වි ඇත.2 මෙහි කොටසක ඉපයුම ගෙවුණු මාර්තු කාර්තුවේ රුපියල් 0.18 සිට රුපියල් 0.02 දක්වා පහළ වැට් ඇත.
කවුද?මේ TPG Asia VI
වසර 1992 දි පුද්ගලික හිමිකම් අරමුදලක් (private equity firm) ලෙස David Bonderman, James Coulter සහ William Price III විසින් ඇමෙරිකාවේ ආරම්භ කළ TPG ඩොලර් බිලියන 55.7 වටිනා ප්‍රාග්ධනයක් කළමනාකරණය කරන අතරේ ඒ අතරේ පාරිභොගික,ජනමාධ්‍ය,විදුලි සංදේශ,කර්මාන්ත,තාක්ෂණ,සංචාර,සුව සේවා ආදිය වේ.
රටවල් 10 ක කාර්යාල 17 ක් මොවුන් සිය මෙහෙයුම් සදහා යොදවා ගනි.
ඇමෙරිකාව පදනම් වු TPG Capital සිය සයවන ආසියානු අරමුදල ලෙස මෙම TPG Asia VI දියත් කළේ පසුගිය 2012/13 වසර වලය.
ආසියානු පැසිපික් කලාපයේ නැගිගෙන එන සහ අමතර ප්‍රාග්ධන අරමුදල් අවශ්‍ය සමාගම් විෂයෙහි ණය සුරැකුම්පත් හා හිමිකම් ප්‍රාග්ධනය පදනමින් මොවුන් ආයෝජන සිදු කරන අතරේ මුල්‍ය සේවා,පාරිභෝගික දුව්‍ය,සුව සේවා,බලශක්ති යනාදි අංශ වල ස්වකිය අරමුදල් ආයෝජන සිදු කරන බව සදහන්ය.මේ සදහා ඩොලර් බිලියන 04 ක අරමුදල් පදනමක් ඔවුන් සතු බවද සදහන්ය.
වසර 06 ක ආයෝජන කාලයක් සහිතව උපරිම වසර 10 ක පදනමකින් මොවුන් මෙම ආයෝජන සිදු කරයි.
ආයෝජන බැංකු කරණයේ නියුතු CIMB Malaysia හි ශ්‍රී ලංකා ශාඛාවේ (CIMB Private Limited)අධ්‍යක්ෂවරියක ලෙස TPG Capital නිළධාරිනියකද කටයුතු කරයි.Vista Knowledge සමාගම හා ඇලෙක්ස් ලොවෙල් පාර්ශව සතුව සියයට 20 බැගින් හිමිකම් මෙම ශ්‍රී ලංකා ශාඛාවේ (CIMB Private Limited) ඇත.
යුනියන් බැකුව සමගින්,නේෂන් ට්‍රස්ට්,පෑන් ඒෂීයා සාපේක්ෂව මෙරට ඇති කුඩා වත්කම් හා ප්‍රාග්ධන පදනමක් ඇති බැංකු වේ.
අප විසින් රටට මුල් වරට මේ බව හෙළි කරමින් අප පළ කළ මෙහි කලින් වාර්තාව නව තොරතුරු අනුව සංස්කරණය කළ බව කරුණාවෙන් සලකන්න