SomyBoy wrote:විමර්ශනාත්මකව හෙළිදරව් කිරීමේ සමාප්ති සටහන :-
"player ඇතුළු පිරිසට අපට දැන්වීමට ඇත්තේ ඔබ වැන්නන්ගේ ලොකුකම්, බල පුලුවන්කාරකම්, උඩගුකම්, අහංකාරකම් විදහා දක්වන වර්ගයේ ගොන්කම් එවැනිම වූ රැහේ කපටීන් සමග එකට එකතුවී රස විඳිනවා මිසක අප හුදු තඹේකටවත් මායිම් නොකරන බවය. ඔබ කවුරුන් දැයි යන්න දෙදෙනාම එකට සමගාමීව කරන ප්‍රකාශ වලින් සියල්ලෝම දනිති. ඔබ කවුදැයි කියා ඔබම දන්නවා සේම එපමණකින් නොනැවතී, සතා මොකාදැයි යන්න ගැන දැන් මෙහි සිටින සියල්ලන්ම හොඳින් තේරුම්ගෙන ඇති බවත් ඔබට අවධාරනයෙන් මතක් කර දීමටද සිදුවේ."
"මිල ගණන් ඉහල යන නිසැක ආකාරය, ඉදිරියට කිසිදු බියක් ඇති කරගැනීමට අවශ්‍ය නැති බව වැනි දේවල් වලින් ඔබගේ තරම මුළු මහත් ලෝකයාටම පෙන්වා දීමට ඔබ වැන්නන් ඉතා දක්ෂ නමුත් කූට ලෙස සමත් වී ඇති බව නම් නොරහසකි. ඒ ගැන තවදුරටත් පැහැදිලි කිරීමෙන් පලක් නැත. පල් හොරුන් තමන් හොරෙකු යයි ඇසීමට දැඩි අකමැත්තක් දක්වන අතර එවැනි අවස්ථාවලදී තම වෘත්තීමය කුසලතා ගෙනහැර දක්වමින් අවශ්‍ය තරමටත් වඩා කෙස් පැලෙන තර්ක ඉතා සූක්ෂම අන්දමින් ඉදිරිපත් කිරීමටද වෘත්තීමය සොරුන් අතීතයේ පටන්ම ඉතා හොඳ දක්ෂතා දක්වා ඇත. එය කිසිදාක නොවෙනස් වන සෑම සොර තක්කඩියෙකුටම උපතින්ම උරුම වන පරම තීක්ෂණ බුද්ධිමය හැකියාවද වේ."
"හොරාට ගන දෙවි නුවණ ඇත යන පැරැන්නන්ගේ කියමන් අදට සේම මතුවටත් එකසේ ගැලපෙන බව නම් මෙහිදී ඔබ වැන්නන්ගේ ක්‍රියා පිලිවෙත් වලින් මනාව පිළිඹිඹු වේ. එලෙසම ඉතා ගාම්භීරව තමන් ගැන අධි තක්සේරුවකින් දැඩි මාන්නයකින් තර්ජනාත්මකව පහත් අන්දමින් අසීමිත මුදල් හමුවේ විකෘති මනසකින් යුතුව කරන ප්‍රකාශ වලින් මුළු මහත් සමාජයටම තමුන්ගේ සැබෑම ජන්මයෙන්ම උරුම කරගෙන පැමින ඇති නොමිනිස් තිරිසන් ස්වරූපයද හෙළිදරව්වී ඇත. ඔබ වැනි පුද්ගලයින් පයට පෑගෙන අසූචි ගොඩක් මෙන් පරම අපවිත්‍ර, නින්දිත, සමාජයට මහා විනයක් වී ඇති, මේ සමාජය විසින් ඉතා දැඩිව පිළිකුලෙන් යුතුව හෙලාදකින අය බව නම් ඇස් පනාපිටම ඔප්පුවී ඇත."
"ඔබ වැන්නන් විසින් වැඩි දෙනෙක්ව ඉතා සූක්ෂමව මෝඩයන්ට ඇන්දවීමේ කාලය දැන් අවසන් වී ඇති බව ඉතා කණගාටුවෙන් වුවද අවබෝධ කර ගත යුතුය. වාසනාවකට දෝ mark ට නම් තමන් වෙත එල්ලවී ඇති චෝදනා වලින් නිදහස් වීමට ඉඩ හසර මෙහි සිටින උගත් එමෙන්ම අනන්‍යතාවයක් ඇති පුද්ගලයන්ගේ ආශිර්වාදයෙන් ඉතා පහසුවෙන්ම හැකිවී ඇති නමුත් පුදුමයකට මෙන් ඔබලාට එවැනි සහයෝගයක් ඔබගේ කිසිම අනුගාමිකයෙකුගෙන් වත් නොලැබීමද විශ්මය දනවන කරුණකි. mark වෙනුවෙන් අපට තවදුරටත් කිසිවක් පැවසීමට අවශ්‍යතාවක් නැති අතර ඒ ගැන අදාල පුද්ගලයින් තම වගකීම ඉටු කරනු ඇත."
"ඔබ ඇතුළු පිරිසට නම් දැනට සිදුවී ඇත්තේ ගලක් උඩ කැත කල බළලාට මෙන් එය වසා ගැනීම සඳහා වටේට ඒ මේ අත කැරකෙමින් පෙරලෙමින් ඉඳීමෙන් තව තවත් ඒ අපවිත්‍ර දේවල්ම තම ශරීරවල ගාගෙන සියල්ලෝම ඉදිරියේ නින්දාවට පත්වීමටයි. එක් එක් අය වරින් වර පහසුවෙන් රැවටීමට හැකි වුවත් හැමදාම හැම කෙනෙක්ම හැම විටම රැවටීමට නොහැකි වන බවට සත්‍ය වශයෙන්ම සාක්ෂි සපයන අපගේ මෙම හෙළිදරව් කිරීමෙන් පසුව වත් ඔබ ඇතුළු පිරිස ඒ ගැන හොඳින්ම දැන ගත යුතුය. සම් බෝයි යනුවෙන් අපට ගෞරව නාම ප්‍රධානය කිරීමට යාමෙන් සම් බල් වූයේ කවුරුන්ද යන්න ඔබම අවබෝධ කර ගත යුතුය."
"අවසාන වශයෙන් කීමට ඇත්තේ ඔබ වැන්නන් සිය දෙනෙකුගේ දිරා ගිය කඩුවලට වඩා අපගේ එක් පෑන් තුඩක ප්‍රබලත්වය ඉතා දැඩි බවයි. අප ඇතුළු විශාල පිරිසකගේ සෘජු සහ වක්‍රාකාර දායකත්වයකින් ක්‍රියාත්මක කරන්නට යෙදුනු දැඩි විමර්ශනාත්මක ක්‍රියාවලිය හේතුකොට ගෙන දැන් සියල්ලෝම ඉතා විමසිල්ලෙන් පසුවන බැවින් තවදුරටත් මෙහි සංවිධානාත්මකව ඉතා සූක්ෂම අයුරින් ගෙනයන බොරුව, රැවටීම, කපටිකම, වංචාව වැනි කසල ක්‍රියාවන් පෙරදී මෙන් හිතනා තරම් පහසුවෙන් ක්‍රියාත්මක කිරීමට ඉතා අපහසු විය හැකි බවටද රතු එළියක් ලෙස ඉතා කණගාටුවෙන් වුවත් එම පහත් ක්‍රියා සඳහා දිය යටින් ගින්දර ගෙන යමින් දෙපත් නයින්ගේ ස්වරූපයෙන් දායක වෙන්නන් හටද ඉතා දැඩිව පෙන්වා දීමටද සිදුවේ."
"නුදුරු අනාගතයේදී ද විවිධාකාර වූ වෙස් මුහුණු දමා ගනිමින් කලින් කලට තම විශ්වාසය ප්‍රථමයෙන්ම තහවුරු කරගැනීමෙන් අනතුරුව තම පහත් ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක කිරීමට සියුම්ව අර අදින ඉතා ප්‍රබල බළල් අත් මෙහි නොයෙක් විශ්මය දනවන ආකාරයේ අනාවැකි පලකරමින් සංදර්ශනාත්මක ස්වරූපයෙන් පුද්ගලයන් තම ග්‍රහණයට හසුකර ගනිමින් තමන්ගේ තොග පිටින් ඇති කුණු ගොඩවල් විකුණා ගැනීම සඳහා හැකි සෑම උත්සාහයක්ම ගන්නා බවටද කිසිදු සැකයක්ද නැත."
"ඉතා ඉහල ප්‍රතිචාර සමග දැඩි උණුසුම් වාතාවරණයක් යටතේ ක්‍රියාත්මක කරන ලද අපගේ මෙම නිසි මග පෙන්වීමේ සහ කපටි හිවලුන් පිටුදැකීමේ ක්‍රියාවලිය තවදුරටත් කාලය මිඩංගු කරමින් මෙහි දෑස් දල්වා ගෙනම නිරීක්ෂණය කිරීමට දිගින් දිගටම අවශ්‍ය නොවන බව අපට ඉතා හොඳින් පැහැදිලිවම පෙනෙන බැවින් මෙහි සිටින වගකීමක් දරන සියලුම අයගේ දැඩි අවධානය ඒ සඳහා නිතැතින්ම යොමු කරවීමට අප ගත් උත්සාහය ඉතා සාර්ථකව ප්‍රායෝගිකව ක්‍රියාවේ යෙදවෙන බැවින්ද අපගේ මෙම වැඩි පිරිසකගේ මුදල් ගණුදෙනු වල ආරක්ෂිත බව තහවුරු කිරීම සඳහා දැඩි කැපවීමකින් ක්‍රියාත්මක කරන ලද මෙම, ආරක්ෂිතව කොටස් වෙළඳපල තුල මූල්‍ය ගණුදෙනු වල නිරතවීම සම්බන්ධයෙන් වූ, දැඩි වාග් ප්‍රහාරාත්මක විමර්ශනාත්මක ක්‍රියාන්විතය මේ මොහොතේ පටන් නිමාවට පත් කිරීමට අප ස්ථිරවම තීරණය කර ඇත."
"මෙහිදී අප විසින් කරුණුද සහිතව ගෙනහැර දක්වා ඇති දෑ පිළිබඳව මොනයම් හෝ නිවැරදි කිරීමක් හෝ මෙම ඉදිරිපත් කිරීම ඉතා සාවද්‍ය බවට යම් කෙනෙකුට හෝ පිරිසකට තනිව හෝ එකතුවී සාක්ෂිද සහිතව කරුණු පැහැදිලි කිරීමක් තුලින් මෙහි සිදුවී ඇත්තේ වරදවා වටහා ගැනීමක් විනා වෙන කිසිදු වරදක් අප පෙන්වා දුන් ආකාරයට කිසි ලෙසකින් වත් සිදුවී නැති බවටද ඉතා සෘජුව ඉදිරිපත්වී ඔප්පුකර පෙන්වීමට පූර්ණ නිදහස සහ යුක්ති සහගත අයිතිය අවශ්‍ය ප්‍රමාණයටත් වඩා හොඳින් මෙම ෆෝරම් එක තුල විවෘතව පවතින බවටද මේ මොහොතේ මතක් කිරීමටද සිදුවේ."
"එම චෝදනා වලට තම තමන් නිවැරදිකරු බවට සියල්ලන්ටම පැහැදිලිවම ඔප්පුකර පෙන්වීමෙන් එවැනි චෝදනාවලින් නිදහස්වී නිර්දෝෂී පිරිසිදු පුද්ගලයන් ලෙස මෙම ෆෝරම් එකේ කිසිදු පැකිලීමකින් තොරව තමන්ගේ අදහස් දැක්වීම් යනාදිය ද දිගින් දිගටම තම තමාට කැමති අයුරින් නිදහසේ මෙහි ඇති ප්‍රවර්ධන සීමාවන් සහ මිල ඉහලයාම් ප්‍රකාශ කිරීමේ සීමාවන්ද තේරුම් ගෙන එම සීමාවන් තුල හිඳිමින් කරගෙන යාමට මෙම වෙබ් අඩවිය භාර පාලකයන්ගේ අධීක්ෂණය යටතේ කිසිදු බාදාවකින් තොරව අවශ්‍ය පුද්ගලයන්ටද උදාකර ගත හැකි බවද මෙලෙස විවෘතව සියල්ලන්ම ඉදිරියේ දන්වා සිටිමු."
"එවැනි ක්‍රියාවන් සඳහාද මෙහි සිටින අවංක පුද්ගලයන්ගේ සහයෝගය නොමඳවම ලබා දෙන බවද එක් පුද්ගලයෙක් සම්බන්ධව අපගේ චෝදනාවේදී කදිමට ඔවුන් විසින් සිදු කල සාධාරණ කරුණු දැක්වීම හමුවේ සියල්ලන්ටම පැහැදිලිවම දැක බලා ගැනීමටද ප්‍රසිද්ධියේම හැකි විය. එසේ සාධාරණ අයුරින් සෘජුව ඔප්පුකර පෙන්වීමකින් තොරව හුදෙක් තමන් ගැන තමන් හොඳින්ම දන්නේය යනාදී ප්‍රාථමික පෙර පාසල් මට්ටමේ ප්‍රකාශ නිකුත් කිරීමෙන් තමන් තව තවත් එම චෝදනා වලින්ම බැට කන තත්වයකම සිටීමට සිදුවන අතර සමහරක් විටෙකදී නම් සමහර ගැටළු හමුවේදී ඉතා කලාතුරකින් මුනිවත රැකීමෙන්ද කාලයට ඉඩදී බලා සිට කාලයාගේ ඇවෑමෙන්ද තමන්ගේ වාසනාවත් සමගම විසඳී යන ස්වභාවයක්ද නිතැනින්ම උදාවන විරල අවස්ථාද නැතිවාම නොවේ. ඒ පිළිබඳව නිවැරදි තීරණ ගැනීම තමන් සතු කාර්යභාරයක් වන අතර ඒ ගැන වගකීමක් අන් කිසිවෙක් සතු නොවන බවද දන්වනු කැමැත්තෙමු."
"අප මෙහිදී සිදු කරන ලද්දේ වැඩි පිරිසකගේ සුබ සිද්ධිය සඳහා වැරදි කරන පුද්ගලයන්ගේ මෙහි පෙනී සිටින අන්වර්ථ නාමයන් භාවිතා කරගෙන ඔවුන්ට අකමැත්තෙන් වුවත් ඉතා දැඩිව ප්‍රහාරාත්මක ආකාරයකින් කරුණු ගෙනහැර දැක්වීමක් විනා පුද්ගලික පලිගැනීමක් හෝ මෙහි ජනප්‍රිය වීමට ඇති ආශාවකට නම් නොවේ. අප මෙහි සිටින එක් ප්‍රධානතම සියල්ලන්ම පාහේ ගරු කරන පුද්ගලයා ගැන ඔහුගේම සමාජ වෙබ් අඩවි වල ඇති නම් අනුසාරයෙන් පමනක් දන්නවා හැරුනු කොට අන් කිසිවෙකුවත් ගැන කිසිදු පුද්ගලික දැන හැඳුනුම්කමක් නොමැති අතර එවැනි සම්බන්ධතාවයක් ඇති කර ගැනීමටද අපට කිසිදු ආකාරයක අවශ්‍යතාවයක් නොපවතින බවද අප සිදුකලේ හුදු සමාජ මෙහෙවරක් පමණක් බවත් මතක් කරමු."
"එය සත්‍ය වශයෙන්ම කියතොත් අද රටේ ජනප්‍රිය මාධ්‍ය ත්‍රිත්වයට අමතරව අලුතින් එකතුවී ඇති වැඩි දෙනෙක් ප්‍රිය කරන සිව්වන මාධ්‍යය වන අන්තර්ජාලයේ එක්තරා වෙබ් අඩවියක් ඔස්සේ සිදුවන වැඩි දෙනෙකුගේ අහිත පිනිස හේතුවන සමාජයේ මෙකල දැඩිව අවධානයට ලක්වෙමින් පවතින එක්තරා පිරිසකගේ අත්තනෝමතික ක්‍රියා පිලිවෙතක් ඔස්සේ සිදුවන දැඩිව දෝෂ දර්ෂනයට ලක්වී ඇති අක්‍රමිකතාවයක් පිළිබඳව විස්තරද සහිතව කරුණු ගෙනහැර දක්වමින් අදාල පුද්ගලයන්ගේ ක්‍රියාවලිය සමාජය ඉදිරියේ හෙළිකිරීමට කටයුතු කිරීමක්ම (අනිකුත් මාධ්‍ය ත්‍රිත්වයේද සිදුවන මාධ්‍ය වාර්ථාකරනයක් සේම) පමනකි."
"නමුත් අපගේ එම දැඩි වාග් ප්‍රහාරවලින් සමන්විතවූ මාධ්‍ය ක්‍රියාන්විතය තුලදී සමහර විටෙක යම් ප්‍රමාණයක හෝ නිර්දෝෂීභාවයක් ඇති කිසියම් පුද්ගලයෙකුට හෝ පිරිසකට සිත් රිදීමක් හෝ වෙනයම් හිරිහැරයක් සිදුවුනි නම් ඒ පිළිබඳව අප මේ අවස්ථාවේදී ප්‍රසිද්ධියේම ඉතා අවංකවම අපගේ දැඩි කණගාටුව ප්‍රකාශ කරන අතර අපට කිසිවෙක් සමග කිසිදු ආරවුලක් කිසිදු ආකාරයකින් නොමැති අතර, අප විසින් ගන්නා ලද උත්සාහයේ නිවැරදිම අර්ථය මේ අවස්ථාවේ අපව හැකිනම් ඝාතනය කර දැමීමට තරම් වෛරයකින් පසුවන මට්ටමේ මානසික තත්වයකින් හෙබි පුද්ගලයින් මෙහි ඇත්නම් ඔවුන්ට කලක් යන තුරුම නිවැරදිව වටහාගත නොහැකි අතර මෙහි යම් තරමකින් හෝ උගත්කමක් හා ඊට නොදෙවෙනි සාධාරණ විනිශ්චයක් කල හැකි මට්ටමේ බුද්ධියක් ඇති පුද්ගලයන්ට නම් ඉතා පහසුවෙන් නිවැරදිවම අවබෝධ කර ගත හැකි බව සැම දෙනාම ඉදිරියේ ප්‍රසිද්ධියේම කියා සිටීමට කැමැත්තෙමු."
"අපගේ ක්‍රියාවලිය ගැන අවශ්‍ය තරම් පුද්ගලයින්ට දැඩිව විවේචනද සෘජුව එල්ල කිරීමේ පූර්ණ අයිතියද ඇති බවත් මෙයින් දන්වා සිටිමු. තවදුරටත් අපගේ සේවය මෙම ෆෝරම් එක තුල ක්‍රියාත්මක කිරීමට අවැසි නොවන අතර මෙම වෙබ් අඩවිය භාර පාලන අධිකාරියට මේ මොහොතේ පටන් මෙම ප්‍රසිද්ධියේම සිදු කරනු ලබන කාරුණික දැනුම් දීම ඔස්සේ දන්වා සිටින්නේ අප මෙහිදී භාවිතා කරන ලද ගිණුම මෙතැන් පටන් අප විසින් කිසිදු අදහස් දැක්වීමක් සඳහා කුමන හේතුවක් මතවත් ක්‍රියාත්මක නොකරන බැවින් එය ඉවත් කිරීමට ඔබ වෙත පූර්ණ වශයෙන් බලය ඇති බැවින් එය හැකි ඉක්මනින් ඉවත් කිරීමෙන් තවත් අයෙකුට නව ගිණුමක් සාදා ගැනීමට අවශ්‍ය කරන ඉඩ ප්‍රස්ථාව ලබා දීමට ඇති පහසුකම මෙමගින් ලබා දීමට කටයුතු කරන ලෙසයි."
"අපගේ මෙම විමර්ශන ක්‍රියාවලිය සාර්ථකව පවත්වා ගෙන යාම සඳහා නන් අයුරින් සහාය දුන් සැමටද මේ අවස්ථාවේදී ස්තූතිය පුද කර සිටීමටද අප අමතක නොකරන්නෙමු. එසේම හැකි සෑම විටකදීම සොරුන්ගේ ග්‍රහණයට අහිංසකයින් ලක් නොවන ආකාරයට නියම සොරුන් නිවැරදිව හඳුනා ගෙන ඔවුන්ව පිටුදැකීම තුලින් ඉදිරියටත් කොටස් වෙළඳපල ආයෝජන ගණුදෙනු වල නිරතව සිටින විශේෂ දක්ෂතා ඇති අවංක හොඳ පුද්ගලයින් මෙම ෆෝරම් එකේ අභිවෘද්ධිය සඳහා දිගින් දිගටම ආරක්ෂාකාරීව යොදා ගනු ඇතැයිද යන්න අපගේද ප්‍රධානතම බලාපොරොත්තුව සහ ඉලක්කය වූ බවද සඳහන් කරමු."
"අවසාන වශයෙන් අප කෙරෙහි දැඩි වෛරයකින් සාප කරමින් වුවද පසුවන යම් පිරිසක් වේ නම් ඔවුන්ටද යම් දිනෙක තමා වෙතම පැමිණෙන ගැටළු හමුවේදී අද තේරුම් ගැනීමට කිසි ලෙසකින් වත් සූදානම් නැති බොහොමයක් වූ සත්‍ය කරුණු, දැඩි අර්බුදකාරී තත්වයන් ඉදිරියේදී පමණක්ම තේරුම් ගැනීමට ජීවිත අත්දැකීම් තුලින්ම උදව් වෙන, අනාගතයේදී මුහුන දීමට සිදුවිය හැකි ඉතා අවිනිශ්චිත සිදුවීම් හමුවේදී හෝ යම් තාක් දුරකට වත් තේරුම් ගැනීමට හැකි වීමට බොහෝ සෙයින් ඉඩ ප්‍රස්ථාව ඇති බවද කරුණාවෙන් මතක් කර සිටිමු. යමෙකු අවංකව හොඳ චේතනාවෙන් යම් කිසි ක්‍රියාවක් කරයි නම් මුලදී කෙතරම් දැඩිව නිර්දය ලෙස විවේචන එල්ල වුවද පසු කලකදී එම විවේචකයන්ම තමන්ට පැසසුම් ලබා දීමටද පෙළඹෙනු ඇත. ස්තූතියි."
Well written somyby.
But isnt this too much? I was with you, but now its too much mud slinging. You showing so much hate and jealous as per your post, not the reality of course.
There are many experts in this forum now like SHARK (Known as TAH in previous days), ROBOTICFX, NZ BOY and many as per today bull market. This situation is just like "LULA NATHI THANA KANAYA PANDITHAYA"
But they were nothing when our real people (SLS, SMALL,MARK,$$$,MONO,TUBAL,SIRIRANGA, etc) build this forum up to this level when it was BEAR run.
Remember everyone is a expert in a BULL market, but real experts emerge when its come to BEAR market. Im extremely against your comments made against MARK in the other thread. You have to understand what they did to this forum before you commenting such bad manner. You may learn more from them if they were here now, sadly we dont have them. Finally now we have puppet experts
Roboticfx wrote:Well said somyboy and gintonic!
Son, As you are yet a new comer, just dont tell like this. What you learned from this post? Please can you clarify?
Though i would give some positive side about this player guy, since whole forum against him. check what he said here,
http://forum.srilankaequity.com/t31083-unloading-reefw0019-2?highlight=reef
http://forum.srilankaequity.com/t36333-an-excellent-practical-lesson-to-learn-for-everyone-who-are-dealing-with-craps
There are something we can learn from everyone, but im also against market manipulation and they should be punished.