මෙම මුදලින් සියයට 51 ක් ධම්මික පෙරේරා මහතාගේ සභාපතිත්වයෙන් යුතු වැලිබල් වන් සමාගම විසින්ද සියයට 20 ක් ඔහු උප සභාපතිත්වය දරණ රෝයල් සෙරමික්ස් සමාගම විසින්ද සියයට 10 බැගින් ධම්මික පෙරේරා හා එහි කළමණාකාර අධ්‍යක්ෂ නිමල් පෙරේරා ද්විත්වය විසින් පුද්ගලිකවද සියයට 05 ක් රෝයල් සෙරමික්ස් අධ්‍යක්ෂ, තරණ තෝරදෙණිය විසින් හා සෙසු සියයට 04 එහි සභාපති ඒ.එම් වීරසිංහ විසින්ද දායකත්වය ලබාදී ඇත.
වැල්බල් වන් සමාගම ජුනි 21 වනදා මහජනතාවට විවෘත කිරීමට යන කොටස් නිකුතුව තුළින් රුපියල් මිලියන 532 ක් රැස් කිරීමට සැලසුම් කර තිබේ.
මෙහිදී, එකක් රුපියල් 25 ක් වන කොටස් මිලියන 21 ක් විකිණීමට නියමිතය.