කවදාවත් ලාභාන්ශ දෙන්නේ නැති සමූහයක් LOLC ඔවුන්ගේ සමූහයේම කොටස් වලින් අපට කරගන්න පුලුවන් - මිල ඉහල යවන නිවුස් ආවම මිල ඉහල යද්දි විකුණන්නයි - මිල පහල යද්දි අරන් තියා ගන්නයි (Capitol Gains ) - ලොකු සල්ලි තියන කෝටිපතියන් අරන් ඔහේ දාලා තිබ්බාට අපට එහෙමත් කරන්න බැනේ - ඒක නිසා පරිසමීන් මීට කලින් BIL Rights 1.10 – 1-40 වගේ දුන්නාම නම් මට මතක විදිහට කොටස් වල BIL මිල 1-50 / 1-70 බැ ස්සා ඒත් අර ඩීල් මේ ඩීල් කියල නිවුස් යවලා කොටස් මිල රුපියල් 7 ගානේ ඩීල් වෙන්නේ කියල මිල ඇදගෙන ගියා 6-50 වෙනකම්ම එකපාරටම Rights 2- for 1රුපියල් 2 ගානේ අතරලා දාල මිල පහලට ගෙනාවා - මිනිස්සු හොල්මන් වුනා - අතර මැද වික්ක අය දිනුම් මේ පාරත් ඕකම වෙනවා කියලයි මට නම් හිතෙනේ - සමහර විට 2 ගානේ අයිති කාරයන් ගොඩාක් කොටස් ගන්න නිසා ගන්න වෙන නිසා රයිට්ස් මගින් එන කොටස් මාර්කට් එකට එනකොට මිල උස්සන්න පුලුවන් එහෙම නැත්නම් බිලයන 9 අලුත් කොටස් මේ රයිට්ස් එක්ක එන නිසා මිල 2 හෝ ඊට අඩු වෙයි එහෙම වෙන්නේ අධික සැපයුමක් එන නිසා ඒත් එතකොටම වගේ කට්ටිය ආපහු ඩීල් කතා පතුරන්න පුලුවන් එහෙම පතුරන වෙලාවට ආපහු කොටස් මිල 4-5 වෙන්නත් බැරි නැ - මෙම සමූහයේම අපට පොඩි ආයෝජකයනට ලාභ ගන්න තියන්නේ ඔය විදිහ විතරමයි - Capital Gains Only
ආත්මෙක්ට මේ LOLC සමූහයේ ලාබ අපට කොටස් හිමියන්ට බෙදන්නේ නැ
අද පහු ගිය කාර්තුවේ ලාබ අඩු වෙලා LOLC එක කියල කොටස් මිල පහල යද්දි සමහරු බෙදා හැරියා කාම්බොදියාවේ කරපු ඩීල් එක ගැන වාර්තාවක් ආපහු ජයග්‍රාහී තුන් වෙනි
වතාවට ද මන් දා මේ මීට කලින් වුනු කාම්බෝදුයානු ෆ්යිනැන්ස් ස්මාගමක් විකුණල රුපියල් බිලියන 52 ක් ලාභ ලබාගත්තා කියල -ඔන්න පොඩ්ඩ්ඩ පොඩ්ඩ කොටස් මිල අර පහල යන එක නැවතිලා ටිකක් ඉහල යන්න ගත්තා
යකෝ මේක මාරයි මේකට Manipulation මැනුපුලේශන් කියල කවුරුත් මහත්වරු මහත්මියන් කියන්නේ නැ - මොකද ඒක ලොකු ලොකු උදවිය CEO ලා කරන නිසා වෙන්න ඔනා
මෙම සමූහයේ මිනිසුන්ට කොටස් හිමියන්ට ලාබ නොදෙන එක ගැන පුදුමයි කවුරුත් කතා නැ
මේක කොච්චර අසධාරණ ද ?
බිලියන 52 ලාභ අරන තමන් විතරක් භුක්ති විදින එක ?
සමහර විට අපි කුඩා කොටස් හිමියන් කතා බහ කරොත් ඉශාර ණානායක්කර මහත්මයාගේ ඇස් ඇරෙන්න පුලුවන්
ඒත් අපි කරන්නේ මොකක්ද
ගොඩාක් අසාධාරණ වැඩක් අපි කරනවා
අපි එයාලා ලාභ ගත්තා කියන නිවුස් එක අපේම පොඩි ආයෝජකයන්ට විකුණනවා ටික ටික මිල ඉහල යනවා අන්තිමට ගන්න අයට දෙය්යින්ගේම පිහිටයි
ලොකු අසාධාරණයක් මේක මට හිතෙන්නේ නම්
ඔය LOLC සමූහයේ වෙන්නේ ම ඔකම තමයි ඔක්කොම සමාගම් වල සමූහයේ කොටස් වලට ලාබ ලබනේ සමූහයමයි කුඩා ප්‍රමාණයේ කොටස් තියන අයට Minority Shareholders මුකුත් නැ
ඒක නිසා තමන් ගෙ මහන්සියෙන් හම්බු කරපු සල්ලි නැති කරගන්නේ 60% 75 %
ම පොඩි අපි
ලොකු ආයෝජකයෝ ඔව ගැන Tweet Tweet ට් කරල පොඩි ආයෝජකයන්ව අවුස්සල එයාලගේ අඩුවට ගත්තු කොටස් පොඩි අයට දීල සතුටින් වැජබෙනවා - ඔක්කොමලා එහෙමයි - ඒ මට හිතෙන විදිහ
ඒක නිසා අද වෙන්න පටන් ගත්තේ ත් මේ වගේ වැඩක් LOLC එක මිල පහල යද්දි බෙදා හැරුනා ආපහු පාරක් කාම්බෝදියානු ඩීල් එකේ බිලියන 52 ලාභ කතාව - හොදට හිතල බලන්න LOLC Cambohiya deal එක ඔය කතාව කී පාරක් දැන් මේ කොටස් LOLC මිල උස්සන්න යොදා ගත්තා ද ?
Isn’t that a Manipulation of a old stale news ?
කවුද වැඩිපුර අහුවෙන්නේ
කුඩා සහ මැද පරිමාණයේ කොටස් ආයෝජකයන් නේ - ගන්නවා ටික ටික මිල යද්දි කට්ටියක් විකුණලා බේරෙනවා ලාබහයක් ගන්නවා - මේ කොටස් එක්ක ලව් කරන්න පටන් ගන්නවා - ආපහු වෙලාවක අයිත් ගන්නවා ඒ පාර අර හිතු තරම් ලාබ එන්නේත් නැ සමහරවිට
ඔන්න ඕක තමයි මේ LOLC සමූහය BRWN – BIL –CLC- LOFC ) මට පේන විදිහ - මේ මගේ අදහස
හැබැ යි ඔබට මට ඕවා වෙනස් කරන්න පුලුවන් ද කියන එක සැකයි අපිට තියන්නේ ස්මාර්ට් වෙලා ඉතින් ටිකක් ලාබ අරන් ගැලවෙන්න
දුක අපේම එකෙක් තමයි හිර වෙන්නේ
එක අතකට බලද්දි ලාබාන්ශ නොදෙන සමාගම් ගොඩක ඕක වෙනවා එහෙම නේ ද ? ම්ල ඉහල ගියාම කවුරුම හරි අර උඩ මිලට ගන්න අය හිර වෙනවා - සල්ලි වලටම ගත්තොත් අවුලක් නැ ණයට මාර්ජින් වලට ගත්තාම ඉතින් සමහර විට එළොව පොල් පේනවා ගත්තු ලාබ ඔක්කොම දිය වෙලා යනවා
මේක ගැන විශේසයෙන්ම කියන්න ලියන්න හිතුනේ - මෙච්චර LKR Billion 52 විශාල ලබහයක් ලබලත් කුඩා කොටස් හිමියන් අමතක කරන එක පාපයක් නිසා - අයිතිකාරයන් ගැන යහපත් සිතින් එයාලව ඒ පාපයෙන් මුදවන්න - පොඩි අයටත් ඔය ගත්තු බිලියන 52 කීයක් හරි ලාබාන්ශ -DIVIDEND විදිහට දෙන්න කියල ඉල්ලීමක් කරන්න ...
සමහර විට ලාබ ලබුවොත් එයින් 25% වත් කොටස් හිමියන්ට බෙදල දෙන්න ඉතුරු 75% ම තමන්ට 25% ඉතුරු 50% පාඩු ලබන කාල ආවොත් යොදා ගන්න තියා ගන්න කියල ඉල්ලිමක් කරන්න
එහෙම නීතී රීතී තිබුනා නම් මරු
ඉතින් LOLC ගැන තරහවක් නැ ඒත් වෙනසක් වෙන්න ඔනා - එකම Deal නිවුස් එක දෙතුන් පාරක් බෙදා හැරල කාම්බොදියා ඩීල් එක අපේ අයට මර උගුලක් වේගෙන එනවා වගේ හිතුනා - ලාබාන්ශ දුන්නා නම් JKH –CFVF –LLUB- වගේ මරු නේ හැමෝම සතුටින් විසිර යනවා නේ
ඔවා වෙන එකක් නැ ඒක නිසා දෙවන තුන් වන පාරට හෙට ඉදල LOLC එකේ කාම්බොදියා ඩීල් එක ප්‍රචාරය කරමින් LOLC එක PRICE උස්සයි
පරිස්සමට ස්මාර්ට් වෙලා වැඩ කරන්න
හරි වෙලාවට ගන්න හරි වෙලාවට අයින් වෙන්න හිර වෙන්නේ නැතුව
ඔන්න ඔය තියරි එක තමයි අපේ ගැලවුම් කාරයා
කොටස් ගන්න විකුණන මේ සෙල්ලමේදී ඊට අමතරව එන අනිත් ගැලවුම් කාරයා තමයි ණයට ගන්න එක අඩු කරවන හිත සහ බහිද්දි ස්ටොප් ලොස් එක හිතේ තියන් විකුණන එක
පොඩි පාඩුවක් එක්ක එක්ක හරි ඔන්න ඔය ගැලවුම් කාරයන් එක්ක සෙට් වෙලා කොටස් ගණු දෙනු කරන්න LOLC විතරක් නෙවෙයි අනිත් ඒවත් - පාඩුව අඩු වෙලා ලාභය ටික ටික වැඩි වේවි