කොටස් වෙළදපල ස්වභාවය තමයි ඉහල යැම් පහල යැම් ඒ වගේම රතු කොළ දවස් අපි හිතන්නේ නැති දවසට ඉහල යන්නත් නොහිතන දව්සක පහල යන්නත් පුලුවන් නමුත් පරිසරය ධනාත්මක නම්
කරුණු කාරණ වෙනස් නොවේ නම් අපි කලබල වෙලා ඔක්කොම කොටස් විකිණිය යුතු නැ
අපි හැම විටම කියන්නේ විවිධාන්ගීකරණය වුනු කොටස් ගිණුමක් තියා ගන්න 65% ආයෝජන කොටස් - 35% ට්‍රේඩින් - ඒකත් එක එක අන්ශ වලින් ගත්තු විවිධ සමාගම් වල
ඒකට හොදම උදාහරණ අද අපට ලැබුනා - හෝටල් - බැන්කු සහ මූල්ය සේවා වල කොටසුත් ඔබෑ ගිණුමේ අඩුවට තියන කාලේ අරන් තියන් හිටියා නමනිත් විවිදා කරයේ කොටස් එක්ක අදත් ගිණුම කොළ පාටයි - ඒ ආකාරයට කලින් කලට කළමණාකරනය කරගන්න එක අපි කරන්නම ඔනා
විශේශයෙන්ම ණය පාලනය - කොටස් දුවන්න කලින් අරන් තබා ගැනීම දුවන කොටස් වලටම 100% අපේ මුදල් ආයෝජනය නොකිරීම වගේ දේ වල්
අද ඉහල නොයන කොටස් හෙටඉහල යන්න පුලුවන් ඒ සදහා බලපාන කරුනු ගැනත් වරින් වර සොයන්න ඔනා .
මාර්කට් එක හෙටම කොළ වෙන්නත් පුලුවන් අද ඒකක 113 කින් පහල ගිය නිසා එහෙම නැත්නම් හෙටත් සමහර අන්ශ වල කොටස් කොළ පාට වෙද්දි සමහර ඒවා රතු වෙන්න පුලුවන්
ප්‍රකට ආයෝජක උපදේශකයන් කියනවා වගේම - ඉහල යද්දි විකුණන්නත් - පහලට යද්දි මිලයට ගන්නත් අපි පුරුදු වුනොත් ජයග්‍රහණය අපටයි
අපේ රටේ - බැන්කු පොළී අනුපාත තව කාලයක් මෙහෙම අඩුවට තියේවී - තව ටික කාලයක් හෝ අපනයන පාලනය වේවි - ඒ නිසා දිගටම මුදල් කොටස් වෙළදපලට ගලාගෙන ඒවී පාට පාට සල්ලිත් තව ඒවි
අපි කලබල විය යුතු නැ ඉවසීම සහ නිර්භීත තීරණ ගැනීමේ හැකියාව ආසියානු කොටස් වෙළදපල සෙල්ලම් කරන අයට අවශ්‍යම දෙයක්
හොදට බලන්න අදත් මුලු පිරිවැටුම බිලියන 11 ඉක්මවා ගියා මේ නිසා සමහරු බය වෙලා තියන තරම් කොහොමත් බය වෙන්න උවමනා නැහැ
රතු දවස් එකක් දෙකක් කොළ දවස් 10 -11 පස්සේ එනවාමයි - ඒක සාමාන්‍ය දෙයක් මයි
පිරිවටුම ඉහලනම් - රටේ තත්ව වල වෙනසක් නැත්නම් අපි කලබල වෙන්න ඔනා නැ - මහ බැන්කුව ඊයේ තීරණය කරා පොලී අනුපාත තව දුරටත් පහල මට්ටමින් තියා ගන්න ලාභ සරුවට තියන අය අද වික්කා ටිකක් වැඩිපුර -සමහරු අඩුවට කොටස් ගන්න බලාගෙන හිටියේ ඒ අයටත් අද චාන්ස් එකක් ආවා
එහෙම තමයි කොටස් වෙළදපල
අපි හිතන්නේ නම්, අපි ආයෝජනය කරන මුලු මුදලම කොටස් කිහිපයකට බෙදලා විවිධ අන්ශවල කොටස් - නිශ්පාදන - බැන්කු - හෝටල් - අපනයන - බල ශක්ති - ඔය වගේ එක එක අන්ශ වල සමාගම් කිහිපයකටම බෙදා දාලා තියා ගත්ත නම් හරි
ලක්ශය්ක් වුනත් 5 ට බෙදලා සමාගම් 5 කොටස් ගන්න පුලුවන් නේද ? අපි අපේ යාලුවා ලක්ශ 70 -80 දාල කරන දේ අපෙ ලක්ශයක් එක්ක කරන්න යන්න නරකයි
එක එක අයට තියන අරමෞදල් වෙනස් ඒත් ටික ටික අපට ගොඩ යන්න පුලවන්
කවුරු කොහොම කිව්වත් - ඔබ ඔබේ බ්‍රෝකර් වෙන්න - හොදට හ්ම දේම හැම ගෘප් එකකම කතා කරන දේ අහලා බලල කල්පනා කරල තිරණ්ය කරන්න
අමතක කරන්න එපා හැමෝම කියන හැම දෙයක්ම හැම විටම හරියන්නේ නැති බව
කොළඹ සමගම් වල දෙසැ කාර්තුවේ ලාභ අලාභ වාර්තා දැන් එන්න පටන් ගනියි
65-70% ම ඒ වා හොද වෙන්න ඔනා ඒ එක්කම ආපහු කොළපාට බලන්න පුලුවන් වෙයි විශේශයෙන්ම - නිශ්පාදන -අපනයන - ඉදිකිරීම් - සනීපාරකශක සහ සෞකය - බැන්කු සහ මූලය අන්ශ - ප්‍රවාහණ - ආයෝජන අන්ශ වල සමාගම් වල ලාභ වැඩි වෙලා තියෙන්න ඉඩ කඩ වැඩී කොහොමත් සියලු කොටස් මිල දර්ශකයන් ඉක්මනටම 8000 පසු කරාවි ඉන් පසුව ටික ටික ඉදිරියට යාවි පසුබැසීම් එක්ක - අනාගතය සුබයි ....ඒ අපේ හැගීමයි - අපි වැරදි වෙන්නත් පුලුවන් - ඔබට ජය