කොළඹ කොටස් වෙළඳ පොළේ කොටස් විකුණන අවස්ථාවේදීම මේ වනවිට ගනුදෙනු කරුවන්ට මුදල් නොලැබේ. මේ තත්ත්වය මග හැරවීමට කොටස් විකුණන අවස්ථාවේදීම මුදල් ගෙවීමේ ක්‍රමයක් ආරම්භ කිරීමට කොළඹ කොටස් වෙළඳ පොළ, ඉන්දීය කොටස් වෙළඳ පොළ සමග අත්වැල් බැඳ ගනී.
ගනුදෙනු සිදුවන අවස්ථාවේදීම මුදල් ගෙවීමේ හා අවධානම් කළමනාකරණය කිරීමේ මෙම ක්‍රමය 2012 මැද කාලයේදී හඳුන්වාදීමට සැලසුම් කර ඇතැයි කොටස් වෙළඳ පොළ පවසයි.
මෙම ක්‍රමය යටතේ කොටස් පැවරීමේ ක්‍රමය හා මුදල් ගෙවීමේ ක්‍රමය අතර සම්බන්ධතාවයක් ඇති කිරීමට සූදානම් වන අතර මෙම ක්‍රමය ආරම්භ කළ පසුව තැරැව්කරුවන්ට හා අනිකුත් පාර්ශව කරුවන්ට එම ක්‍රමයට පැමිණීමට අවස්ථාව ලැබෙන බව සඳහන්ය.
http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3237&Itemid=56