Sri Lanka Galadari Hotels sets price for debt conversion
අති දැවැන්ත ණය බරක ගිලී සිටින කොළඹ සුපිරි ගලධාරී හෝටලයේ ණයකරුවන්ට ඔවුන්ගේ ණය වෙනුවට කොටස් ලබාදීමේ වැඩසටහන යටතේ හෝටලයේ අධ්‍යක්ෂ මණ්ඩලය කොටසක මිල තීරණය කර ඇත.
මේ අනුව, Galadari Hotels (Lanka) සමාගම කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ ණයකරුවන්ගේ ණය ගෙවීම වෙනුවට කොටසක මිල රුපියල් 15.26 ක් වන කොටස් ණයකරුවන්ට බෙදා දීමට ගලධාරී හෝටලයේ අධ්‍යක්ෂ මණ්ඩලය එකඟ වී තිබෙන බවයි.
හෝටලය අයත් මව් සමාගම වන Galadari Brothers සමාගමට ගෙවිය යුතුව තිබෙන රුපියල් බිලියන 5.75 ක් හා ජාතික රක්ෂණ භාර අරමුදලට ගෙවිය යුතු රුපියල් මිලියන 583 ක් වෙනුවෙන් මුදල් වෙනුවට කොටස් ලබාදීමට පසුගියදා Galadari Hotels (Lanka) සමාගම තීරණය කළේය.
කෙසේවෙතත්, හෝටලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් එකඟත්වය පළකර තිබෙන කොටසක මිල සම්බන්ධයෙන් ණය කරුවන් දෙදෙනා, සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව හා මහ බැංකුවේ විනිමය පාලන දෙපාර්තමේන්තුව අනුමැතිය ලබාදිය යුතුව තිබේ.
http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3288&catid=50:puwatharthika&Itemid=56