කොළඹ කොටස් වෙළඳ පොළේ ගනුදෙනු අද සියයට 1.4 කින් පමණ පහළ ගිය අතර දිනයේ වෙළඳ පොළේ සිදුවූ වැදගත් සිදුවීම් මෙසේයි.
මේ අනුව, සමස්ත මිල දර්ශකය ඒකක 92.4 කින් පහළ ගොස් ඒකක 6,257.51 ක්වූ අතර මිලංක මිල දර්ශකය ඒකක 66.9 කින් පහළ ගොස් ඒකක 5,811 ක්වී තිබේ.
දිනයේ වෙළඳ පොළ පිරිවැටුම රුපියල් මිලියන 978.6 කි.
අද දිනයේදී ලාෆ්ස් ගෑස් කොටසක් රුපියල් 1.50 කින් පහළ ගොස් රුපියල් 40.20 ක්වූ අතර Asian Alliance රක්ෂණ සමාගමේ කොටසක් රුපියල් 30.50 කින් පහළ ගොස් රුපියල් 209.80 ක් විය.
මේ අතර, Colombo Pharmacy Limited කොටසක් රුපියල් 75.00 කින් පහළ ගොස් රුපියල් 1,450 ක් වෙද්දී DIMO සමාගමේ කොටසක් රුපියල් 38.90 කින් පහළ ගොස් රුපියල් 1,261.10, ක් වුණි.
එසේම, Industrial Asphalts කොටසක් රුපියල් 50 කින් අඩුවී රුපියල් 640 ක්වූ අතර Singer Industries සමාගමේ කොටසක් රුපියල් 27.30 කින් අඩුවී රුපියල් 270.80 ක්වී ඇත.
John Keells Holdings කොටසක් අද ගනුදෙනු අවසානයේදී ශත 40 කින් අඩුවී රුපියල් 199.70 ක්ද, Hatton National බැංකුවේ කොටසක් රුපියල් 1.88 කින් අඩුවී රුපියල් 194.00 ක්ද, ඩයලොග් කොටසක් රුපියල් 8.10 ක්ද වුණි.
http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3346&Itemid=56