මේ අනුව, 2016 දී මේ අංශයෙන් ස්ව්‍යංපෝෂිතවීම සඳහා මසකට කුකුළු මස් මෙට්ට්‍රික් ටොන් 18,000 ක් හා බිත්තර මිලියන 280 ක් නිෂ්පාදනය කළ යුතුව ඇතැයි රජය කියයි.
මේ වනවිට, මෙරට මසකට කුකුළු මස් මෙට්ට්‍රික් ටොන් 10,000 ක් නිෂ්පාදනය කරන අතර බිත්තර මිලියන 100 ක් නිෂ්පාදනය කරයි.
මේ අංශයේ රැකියා කරන ප්‍රමාණය 70,000 කට ආසන්නවේ.
මෙම වැඩසහටන යටතේ බිත්තර රක්නාගාර 75 ක් පිහිටුවීම, කුකුළු නිෂ්පාදන සැකසුම් ඒකක 100 ක් ස්ථාපිත කිරීම, ශිත ගබඩා පහසුකම් 12 ක් විවෘත කිරීම, කුකුළු ආහාර ස්ව්‍යංක්‍රීයව මිශ්‍ර කිරීමේ ඒකක 75 ක් පිහිටුවීම, ජංගම අලෙවි සැල් 100 ක් හඳුන්වාදීම යන කාර්යන් සිදුකිරීමට රජය සැලසුම් කර ඇත.
මේ වනවිට, මෙරට වෙළඳ ගිණුමේ තිබෙන හිඟය අඩුකර ගැනීම සඳහා මෙරට නිපදවිය හැකි භාණ්ඩ හැකි පමණ නිපදවීමේ ආර්ථික උපාය මාර්ගයකට රජය එළඹ ඇත.
ඒ තුළින් විදේශ වලට ගලායන මුදල් අඩුකර ගත හැකිවීම නිසා ගෙවුම් ශේෂයට එයින් සහනයක් ඇතිවනු ඇතැයි යන්න අදහසයි.
මේ වනවිට, රුපියලේ අගය යම් මට්ටමකට නිදහසේ තීරණය වීමට අවස්ථාව මහ බැංකුව විසින් ලබාදී තිබෙන අතර රුපියල අවප්‍රමාණය වීම නිසා ආනයන භාණ්වල මිල වැඩිවීමෙන් ආනයන භාණ්ඩවල ඉල්ලුමද අඩුවීමට අවස්ථාව උදාකර දී තිබේ.
මහ බැංකුව අවධාරණය කර තිබෙන්නේ ආනයන වියදම මත විශාල පීඩනයක් ඇති කරන මෝටර් රථ ආනයනය සඳහා ණය ලබාදීම සීමා කිරීමටද බැංකු විසින් කටයුතු කළ යුතුව ඇති බවයි.
මෙවැනි තත්ත්වයන් හමුවේ මේ වසරේදී මෙරටට ආනයනය කරන භාණ්වල අඩුවීමක් සිදුවිය හැකි අතර අපනයන ආදායම් සාපේක්ෂ වශයෙන් වර්ධනයක් සිදුවුවහොත් වෙළඳ හිඟය අඩුවිය හැකිය.
රුපියලේ අගය නිදහසේ තීරණය වීමට අවස්ථාව සැලසූ ප්‍රවෘත්තියෙන් උද්දාමයට පත්වූ මූල්‍ය අරමුදල පසුගිය කාලයේදී පවසා තිබුණේ එම ක්‍රියා මාර්ගය නිසා මෙරට වෙළඳ හිඟය අඩුවනු ඇති බවයි.
කෙසේවෙතත්, මෙරට ආනයන වියදමේ වැඩිම බරක් දරන ඉන්ධන දේශපාලනික වුවමනා වෙනුවෙන් සහනාධාර මිලකට ලබාදීම නිසා තෙල් සංස්ථාව, විදුලි බල මණ්ඩලය වැනි රාජ්‍ය ආයතන විසින් ගොඩගසා ගත් ණය කන්දරාව වැඩිවීම හමුවේ පසුගිය කාලයේදී මෙරට විනිමය අනුපාතය මත විශාල පීඩනයක් ඇතිවූ අතර මහ බැංකුව රුපියලේ අගය ආරක්ෂා කර ගත්තේ විදේශ සංචිත මහා පරිමාණයෙන් බිලි දෙමිනි.
vimasuma.com